Showing posts with label slide. Show all posts
Showing posts with label slide. Show all posts

බෙහෙත් ගන්න දොස්තර ගාවට යන්න කලින් මේ දේවල් කරන්න එපා !

පොඩිම අසනීපයකට වුණත් දොස්තර මහත්තයෙක් මුණ ගැහුණේ නැත්නම් හිතට හරි නැති ගතියක් තියෙනවම තමයි. වෙන කවරදාටත් වඩා ඒ ගතිය දැන් තියනවා. හැබැයි ඉතින් මගුලකට වෙන මොකක් හරි පාටියකට යනවා වගේ සැරසිලි නෑ ඒ ගමනට. හැබැයි සැරසිල්ලක් නැත්තෙමත් නෑ. දොස්තර මහත්තයව හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්න කලින් රෝගී ඔබ කරන්න අවශ්‍ය අමුතු සැරසිලි ටිකක් තියනවා. මේ දේවල් නොකර හිටියම ඒ සැරසිල්ල සම්පූර්ණයි.

කොරෝනා කාලේ ගෙදරටම හිර වෙලා ඉන්නකොට මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්නේ මෙහෙමයි!

දැන් මේ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතය තියෙනවනේ. ලෝකේ හැම රටක්ම පාහේ මේ වසංගතේට ගොදුරු වෙලා තියෙන්නේ. එතකොට මේ වසංගතේ පැතිරිලා යන වේගයත් එක්ක බලනකොට සෑහෙන්න රටවල් ලොක් ඩවුන් කරලා, ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. කොටින්ම ලෝකේ ලෝකේ තුළම, මිනිස්සු ගෙවල් තුළම හුදෙකලා වෙලා තියෙන්නේ. මේ වසංගතේ මැඩපවත්වන්න වෙන ක්‍රමේකුත් දැනට නෑ.

කො‍රෝනා ව්‍යසනයට මුහුණ දෙන අපට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

ඉතිහාසය පුරාම වරින් වර ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප ශ්‍රී ලංකාවේත් මෙවැනි ව්‍යසන වසංගත ඇති වී තිබෙනවා. එහිදී ලංකාවේ තදබල නියඟයක් ඇතිවී ජනතාව මෙන්ම රහතන් වහන්සේලා පවා අපවත් වූ අවස්ථාවන් ගැන සඳහන් වෙනවා.

ඔබේ අවශ්‍යතාවට සරිලන මයිසූර් පරිප්පු ෆේස් පැක් ගෙදරදීම හදාගන්න

අපේ කුස්සිවල නිරන්තරයෙන් රැඳෙන ආහාර ද්‍රව්‍යයක් තමයි මයිසූර් පරිප්පු. කන එක හැරුණම මේ පරිප්පුව රූපලාවණ්‍ය සඳහාත් යොදාගන්න පුළුවන් බව සමහරවිට අමුතු දෙයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ පරිප්පු එක්ක වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා ෆේස් පැක් හදාගන්න පුළුවන්. මේ සඳහා යොදාගන්න අනෙකුත් ද්‍රව්‍ය ඔබේ වෙනස් අවශ්‍යතාවන් පිරිමසාවි.

ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා මේ දේවල් කරන්න

ඇඳිරි නීති, නිවාස අඩස්සි, රැකියා විරහිත, රැකියා සහිත, ඉස්කෝලේ යන,ළමා ළපටි කොයි කාටත් තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි උදේට නැගිටින එක. ඔය නැගිටින එකෙන් තමයි අපේ මුළු දවසම තීරණය වෙන්නේ. ඇත්තටම නැගිටින එකටත් වඩා නැගිටලා කරන කියන දේවලින්. ඒක හින්දා කලින් කියපු කොයි කාටත් භේද නැතුව ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා කළ යුතු දේවල් ගැන ලයිෆි අපි ඔබට කියන්න තීරණය කරා.

කොයි තරම් ලව් එකේ පවුල් කෑවත්, වයිෆ්ට නොකියා සිටිය යුතු දේවල් මෙන්න මේවා තමයි !

දැන් අපි කියමුකෝ දෙන්නෙක් ඉන්නවා. කීමට කියන්නේ රන් රස සේ එක් වෙනවා කියලා. ආන්න එහෙම ඉන්න කපල් එකක්. දෙන්නා පණට පණ ආදරෙයි. දැන් ඔහොම ඉන්න ආදර්ශමත් අඹු සැමි යුවළක් කියන්නේ, හැමදේම දෙන්නට දෙන්නා කියාගෙන ඉන්න ඕන කියලද හිතන්නේ? ආන්න පවුල් ජීවිතේ අවුල් වෙන්න පුළුවන් තැනක්. ඇත්තටම අඹු සැමියෝ අතර සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ සම්බන්ධයෙන් හරි, තමන්ගේ ජීවිතේ තියෙන අනික් මානව සම්බන්ධතා පිළිබඳව හරි රහස් තියෙන්න විදියක් නෑ.

කොරෝනා නිසා අපේ උදවියට වැඩිපුරම මිස් වෙච්ච දේවල්

කොයි කවුරුත් ගෙවල් ඇතුළ​ට වෙලා ජීවත් වෙන දවස් ටිකක් නොවැ මේ ගෙවෙන්නෙ. සමහරු නම් ඒත් ෆුල් සැපේ තමයි ඉන්නෙ. තවත් සමහරුන්ට දැනටමත් ජීවිතේ එපා වෙලා. මේක කියවන ඔයා මේ වර්ග දෙකෙන් මොන වර්ගෙට අයිති වුණත්, ගෙදරටම වෙලා මේ අමාරු කාලෙ ගත කරන්න කියලයි ලයිෆි අපි ඉල්ලන්නෙ. ​ඒ අතරතුර ඔයාලට කියවන්න අපි මේ අරන් එන්නෙ කොරෝනා නිසා ගෙවල්වල හිර වෙලා ඉන්න උදවියට වැඩිපුරම මිස් වුණු දේවල් 7ක් ගැන.

ඔබටත් නොදැනීම ඔබ ලිංගික හිංසනයට පාත්‍ර වෙනවාද?

ලිංගික හිංසනය කියන එක අද සමාජයේ තියෙන බොහොම සීරියස් ප්‍රශ්නයක්. ඇත්තටම ලිංගික හිංසනය කියන එක ගැන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කථා කළ යුතු වුනත්, සමාජයේ දරුණුවටම පැතිරිලා තියෙන්නේ කාන්තා ලිංගික හිංසනය නිසා අපි මේ මොහොතේ ඒ ගැන විතරයි කතා කරන්නේ. හරි. ඇත්තටම ලිංගික හිංසනය ගැන සමාජය දැනුවත්ද? ඒකට උත්තරේ නැහැ කියන එක තමයි.

මේ පුරුදු එක්ක මේකප් නැතුවම ලස්සන වෙන්න පුළුවන්

මළ ගෙදරක යන්නත් දැන් මේකප් දානවනේ. එච්චරටම මේකප් මත්තේ නැහෙන එකයි උත්සව අවස්ථාවකට මේකප් දාන එකයි දෙකක්. අර මේකප් මත්තේ නැහීම කරන්නේ තමන්ගේ හමේ මොකක් හරි ගැලපෙන්නැති කොස්සක් තියෙන නිසානේ. ඒකට ප්‍රතිකර්ම කරා නම් මේකප් ඕනි නෑ. මේවා පුරුද්දට තියාගත්තම ඕවා හරි යනවා.

තෙල් ඉතිරි වෙන විදිහට රියක් පදවන හැටි දැනගන්න

පාරට බැස්සහම අපිට විවිධාකාර මට්ටම් වල රියදුරන් හමු වෙනවා. ඇතැම් අය ඇවතුම් පැවතුම්, ගති ගුණ වලින් බොහොම හොඳ අය වුනත් වාහනේ රියදුරු අසුනට නැග්ගට පස්සේ ඔවුන් අමුතුම චරිත බවට පත් වෙනවා. වැරදි ආකාරයෙන් වැඩිපුර ඇක්සලරේට් කරලා බ්‍රේක් කරමින් යකා වගේ එළවන රියදුරන් අපේ පාරවල නිතරම දකින්න ඉන්නවා. ඒ විදිහට වෙට්ටු දාගෙන අමාරුනේ එළවන එක මනසට වදයක්, වාහනයට වදයක්. ඒ වගේම ඒ වගේ වාහන එළවන එකෙන් කාර් එකේ හෝ වාහනේ තෙල් පාවිච්චියත් වැඩි වෙනවා. අපි ඒ විදිහට එළවන්නේ නැතිව, තෙල් පාවිච්චිය අඩුකරගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන හෙමිහිට දැනකියාගනිමු.

මාරාන්තික කොරෝනා මර්දනය කරන දේශීය හා පාරම්පරික ඖෂධ

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා වෛරස රෝගය සඳහා මේ වන විට සෑම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් මගින් නිසි ඖෂධයක් සොයාගැනීමේ උත්සාහයක නිරතවේ. ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන මෙම රෝගය නිසා මියයන්නේ නියුමෝනියාව හා සමාන රෝග තත්ත්වයට පත්ව හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා යැයි වෛද්‍යවරු පවසති. ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් මෙම රෝගය වැළඳෙන බවටද වෛද්‍යවරු අනතුරු අගවති.

වෙඩින් එකකට තරුණ ගෑණු ​ළමයින්ට අඳින්න පුළුවන් විලාසිතා 7ක්

තරුණ අපි වෙඩින් වලට යනකොට කාටවත් දෙවෙනි නොවෙන්න ඇඳගෙන යන්නනෙ බලන්නෙ. ඒකට ඕන ලස්සනම විලාසිතා ටිකක් ගැන අද කතා කරමු.

මේ දවස්වල ගෙදරට වෙලා ගතකරන ජීවිතේ එපා නොවෙන්න මේ දේවල් කරන්න

මේ දවස්වල රටේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්න පුරුදුත් එක්ක ගෙවල් ඇතුළට වෙලා ඉන්න එක තමයි අපි කවුරුත් අතින් සිද්ධ වෙන්න අවශ්‍ය සමාජ මෙහෙවර වෙන්නේ. හැබැයි දුවලා, පැනලා, රස්සාවල් එක්ක බිසී වෙලා, එළිපහළියේ ගැවසිලා හැසිරුණු ගොඩක් අයට මෙහෙම ගෙදරට වෙලා ඉන්න එක ටික්ක ඔළුව අවුල් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම උදවියට ඒ තත්ත්වය නැති කරගන්න ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි මේ කියන්නේ.

පොඩි බඩ කලගෙඩියක් බවට පත් කරන නරක පුරුදු

හැදෙන ගහ පැත්තෙන් දෙපෙත්තෙන් දැනේ කියලා කියමනක් තියෙනවා. ඒ වගේ අපේ හැදෙන බඩත් ටිකක් පැත්තෙන් බැලුවාම ගාණට පේනවා. බඩ ටිකක් හැදීගෙන එනකොටම අපිට බඩ අඩු කරගන්න ඕනි වෙනවා. එතකොට රූපවාහිනියේ අන්තර්ජාලයේ සහ වෙළඳපොලේ තියෙන ලාභ ක්‍රම හමු වෙනවා. බඩේ ආලේප කරලා බඩ අඩු කරන ක්‍රම, බඩ වටා බෙල්ට් එකක් දාලා බඩ අඩු කරන ක්‍රම, බඩට හොඳට ව්‍යායාම කරවන යන්ත්‍ර වගේම වැඩි බඩ මට්ටුව පිණිස සැදූ එක එක වර්ගයේ ඖෂධත් තියෙනවා.

මේ රටේ මිනිස්සු කොරෝනා නිසා තනිකර කෙළපු පිස්සු 7ක්

වසංගත තත්ත්වයක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් කොරෝනා වෛරසය දැන් අපේ රටටත් එබිකම් කරලා ඉවරයි. අනෙක් රටවල වගේ මහා ව්‍යසනකාරී විදියට අපට ඒ දේ නොවන්න අවශ්‍ය කරුණු කාරණා අදාළ බලධාරීන් විසින් කෙරීගෙන යනවා. ඒ අස්සේ ඉතින් කවදත් වගේ සිරි ලංකා ලකුණ අමුතු විදියට තියන්න දඟලනවා. එහෙම වුණ අවස්ථා කීපයකුයි මේ.

ජෙනුයින් පොරක් විදිහට සමාජයේ කැපිල පේන්න මේ දේවල් ට්‍රයි කරන්න

අපි කවුරුත් ගොඩක් කැමතියි ඉපදිලා ඔහේ මැරිලා යන්නේ නැතුව සමාජයට වැඩක් ඇති ජෙනුයින් මිනිස්සු විදිහට ජීවත් වෙන්න. හැබැයි ඒ උනාට ගොඩක් වෙලාවට ගොඩක් අයට එහෙම කරන්න එච්චර ඕනෑකමක් නෑ වගේ එකකුත් පෙන්න තියෙනවා. ඒකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ කොයි කාගේත් ජීවිත වල තියෙන කාර්යබහුලකම වෙන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙක්ටම ගෙදරින් පුංචි කාලේදී ලැබෙන උත්ප්‍රේරණය ගොඩක් වැදගත් තමන්ගේ ජිවිතේ කොයි විදිහට ගෙනියනවද කියන එක තීරණය වෙන්න.

ස්ථාවර ආදර සම්බන්ධතාවයක ඉන්න එකේ වාසි මේවා තමයි !

ස්ථාවර සම්බන්ධතා කියලා කියන්නේ මොනවටද හැබෑටම? සමහරු කියනවා අපි දැන් ඉන්නේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා මේ ඇතිවෙනවා, මේ කැඩෙනවා දකින්න ලැබෙන යුගයක කියලා. ඒ කතාව කොහොම වුනත්, අපේ සීයලාගේ, ආච්චිලාගේ, මුත්තලාගේ කාලෙත් එක්ක සසඳලා බලනකොට දැන් කාලේ ආදර සම්බන්ධතා කැඩෙන එක වගේම, විවාහයන් වුනත් දික්කසාදයෙන් කෙළවර වෙන ප්‍රතිශතය වැඩියි කියලා කියන්න පුළුවන්. හරි, අපි ඒකට හේතු හොයන්න යන්නේ නෑ.

එයා ඔයාගෙන් මොනවා හරි හංගන බව ඇඟවෙන ලක්ෂණ 7ක්

ආදර සම්බන්ධතාවක දී දෙන්නට තියෙන්න ම ඕනි දෙයක් තමයි විශ්වාසය. ඒ විශ්වාසය රැකෙන විදියට වැඩ කරන එක දෙන්නගෙම වගකීමක්. එයා හැසිරෙන විදියෙන් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනි එයාව කියවාගන්න. නැත්තන් මූණේ කරේ තියාගෙන ආදරේ කරාට වැඩක් නෑ. දැන් මේ මොනවා හරි හංගනවා කිව්වම එතනින් ඩබල් ගේම් කතාවක් ම කියවෙන්නේ නෑ. එයාගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක්, වැඩ කරන තැන, ගෙදර අවුලක් වෙන්න පුළුවන්. ඒවා ඔයාට නොකියා හිටියට ඔයාට ඒවා දකින්න පුළුවන්.

ආදරවන්තයින් කිහිප දෙනෙකු සිටීමේ අරුම පුදුම වාසි

රිලේශන්ෂිප් එහෙම නැතිනම් සම්බන්ධතා කියන දේ අද වෙද්දි ඉස්සරට වඩා සංකීර්ණ වෙලා. අද වෙද්දි එක් අයෙකුට එක් සහකරුවක් කියන සංකල්පය ඉරි තැලෙන්නට පටන් අරන් තියෙනවා. ආගමික දෙසුම් වල කොපමණ එක් සහකරුවෙක් සමග සිටීමේ වාසි ගැන කිව්වත් සමාජය දිහා බැලුවාම එය එසේ නොවන තැන් බොහෝමයි. සමහර අය ප්‍රසිද්ධියේම කිහිප දෙනෙක්ට ආදරය කරනවා. තවත් අය ලොවට හොර රහසේ තවත් සම්බන්ධකම් පවත්වා ගන්නවා. ලොවට හොරා කිව්වට ඇතැම් ඒවායේදි සිදුවන්නේ එක් පාර්ශවයකට සම්බන්ධතාවය සැඟවීම පමණයි. ඒ කෙසේ වෙතත් ලෝකේ කොයි කෙළවරේ බැලුවත් සියයට සියයක්ම එක් සහකාරයෙක් සහකාරියක් එක්ක විතරක් ජීවත්වෙන සමාජ නැහැ.

සල්ලි වියදම් නොකර ගෙදර තියෙන දේවල්වලින් ලස්සන වෙමු

අපි කවුරුත් ආසයි ලස්සනට ඉන්න. නමුත් ඒ සඳහා වෙළෙඳපොළේ තිබෙන කෘත්‍රිම ආලේපන වර්ග භාවිතය සුදුසු නැහැ. ඒ තුළින් මුහුණ අවලස්සන වීමටද ඉඩ තිබෙනවා. ඔබට අවශ්‍ය ලස්සන හා තරුණ බව ස්වභාවිකව ලබාගැනීම සඳහා ස්වාභාවික ශාකසාර භාවිතය ඉතාම සුදුසුයි. කෝමාරිකා කියන්නේ එවැනි වටිනා ඔෟෂධීය ශාකයක්. කෝමාරිකා යුෂ සම මත ගැල්වීමෙන් එය සම මත ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.