ඔබේ පෙම්වතා ඔබට තවදුරටත් ආදරය නොකරන බව පෙන්නුම් කරන ඉඟි 10ක්

“Act Like a Lady, Think Like a Man” කෘතියේ ලේඛකයා වන ස්ටීව් හාවී පවසන ආකාරයට, “පුරුෂයෙකුගේ ආදරය තුන් ආකාරයකින් ප්‍රකාශ වේ:ඔහුට ඔබ කෙරෙහි අයිතියක් ඇති බව ප්‍රසිද්ධියේ කියාපෑම, ආරක්ෂා කිරීම සහ ඔබව ‍රැකබලා ගැනීම ඒ තුන් ආකාරයයි. “කෙසේවෙතත්, මේ ප්‍රකාශයේ ඇතැම් තැන් ගැටළුසහගතය. කාන්තාවන් බොහෝ විට ආරක්ෂාවට වඩා ඔවුන් තම පෙම්වතුන්ගෙන් බලාපොරොත්තු වන්නේ ආදරයයි.අවාසනාවන්ත ලෙස,ආදරය නොමැති තැන් වල පවා ආදරය ඇතැයි ඇතැම් කාන්තාවන් සිතීමට පෙලඹෙන්නේද මේ අපේක්ෂාව නිසා විය හැකියි.


වචන වලින් හැඟවූයේ නැතත්,ඔබේ ප්‍රේම සම්බන්ධතාවය පෙර නොවු විරූ ආකාරයෙන් වෙනස් වී ඇති බව ඔබට හැඟේ නම්, ඔබට නොදැනීම ඔබේ සම්බන්ධය බිඳවැටෙමින් තිබෙනවා විය හැකියි.ඔබේ පෙම්වතා ඔබ කෙරෙහි දැක්වූ ආදරය හා සැළකිල්ල කෙමෙන් අඩු වී ඇති බව ඔහුගේ ඇතැම් හැසිරීම් මඟින් ඉඟි සපයයි.

ඔබේ පෙනුම ගැන නිතර විවේචනය කිරීම

ලස්සන හැමදාම පවතින දෙයක් නොවේ. නමුත්, ඔබේ පෙනුම කොතරම් වෙනස් වුණත් ඔහු ඔබව අගය කරයි නම් ඔහු ඇත්තටම ආදරය කරන්නේ ඔබේ බාහිර සුන්දරත්වයට නොවන බව තහවුරු වේ. ඔබේ ලස්සන කොතරම් වෙනස්කම් වලට භාජනය වී තිබුණත් ඔහු ඒවා ගණනකට නොගනියි නම් ඔහු අවංකවම ඔබට ආදරය කරන බව ඉන් අදහස් වේ.

ඒ හැර ඔබේ බර වැඩි වී ඇති බව පවසමින් කෙට්‍ටු වෙන්න කියා හෝ ලස්සන වෙන්න ප්ලාස්ටික් සැත්කමක් කරගන්න කියා ඔහු ඔබට නිතරම ඇවිටිලි කරනවා නම්,වරද තියෙන්නේ ඔබේ පෙනුමේ නොවේ ඔබම තුළ බව නොකියා කීමක් වැනියි. ඉතින්,එවැනි පුද්ගලයෙකු වෙනුවෙන් කොයිතරම් වෙනස්වුණත්, ඔහු ඔබේ තියෙන වෙනත් වැරදි හොයන එකනම් නතර නොකරාවි.

ඔබේ අඩුපාඩු වැරදි ඔබේ මිතුරන් සමඟ කියමින් ලැජ්ජා කිරීම

තමන්ගේ පෙම්වතාගේ වැරදි, අඩුපාඩු තමන්ගේ මිතුරන් සමඟ කතා කිරීම කාන්තාවන්ගේ ලක්ෂණයක්. නමුත්, පිරිමි අය ඒ වගේ දේවල් අනෙක් අය සමඟ කතා කරන්නේ නැතිතරම්.කවුරුත් පරිපූර්ණ අය නොවන නිසා තමන් අතර ඇති අඩුපාඩු කම් ගැන මැසිවිලි නගනවාට වඩා එකිනෙකාගේ යහපත් ලක්ෂණ අගයන්න හුරුවීම වැදගත්.

නමුත්, ඔබේ සහකරු පිරිසක් ඉදිරියේ , පොදු ස්ථාන වලදී පවා ඔබව අපහසුතාවට පත්වෙන දේ කියමින්, ඔබේ අඩුපාඩුකම් නිසා ඔබව අවඥාවට ලක්කරයි නම් එවැනි සම්බන්ධතාවකින් යහපත් අනාගතයක් අපේක්ෂා කළ හැකියි ද යන්න ගැටළුවකි.


ඔහු එසේ කිරිමෙන් පෙන්නුම් වන්නේ ඔහු ඔබ කෙරෙහි ගරුත්වයක් නොදක්වන බවයි.එකිනෙකා කෙරෙහි ගරුත්වයක් නැතිකම යහපත් තත්වයක් නොවේ.අන් අය ඉදිරියේ ඔහු දිගින් දිගටම ඔබේ වැරදි පවසමින් විවේචනය කරයි නම් , ඔහු ඔබ කෙරෙහි තවදුරටත් ආදරයක් නොමැති බව ඔප්පු කරන්නක් නොවේද?

ඔබේ පුරුදු කෙරෙහි නිතර සෘණාත්මක ආකල්පයකින් පසුවිම

ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඔබ මොනදේ කළත් සිනහවකින් , නිහඬව එය ඉවසා සිටියි.නමුත්,පොඩි සිංදුවක් කිවුවා කියලා,ඔහුගේ පිඟානෙන් කෑම කෑවා කියලා වගේ ඉතාම සුළු දේවල් වලටත් ඔහු ඔබට බැණ වදිනවානම්, ඔබේ සෑම හැසිරීමක් ගැනම සෘණාත්මක ඇසින් බලමින් ඔබට දොස් නගනවා නම්, එය හොඳ ලක්ෂණයක් නොවේ. ඔහුට ඔබ කෙරෙහි ඇත්තේ නොරිස්සුම්බවක් මිස ආදරයක් නොවන බව ඉන් පෙනී යයි.

ඇහුම්කන් නොදීම

ප්‍රේම සබඳතාවවකදි අනෙකාව තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ තවත් ලක්ෂණයක් නම් කිසිවක් ගණනකට නොගැනීමයි.ඔවුන් තමන්ගේ ගැටලු ගැන නිතරම මැසිවිලි නැගුවද අනෙකාගේ ගැටලුවකදි ඇයට සවන්දීමට උත්සුක නොවෙති. බොහෝ විට තමන් කාර්යබහුල බව පැවසීම හෝ සංවාදය අතරතුර එය මගහැර යාම, වෙනත් මාතෘකාවක් ගැන කතාකිරීමට පටන්ගැනීම හෝ පසුව කතාකරමුයි සංවාදය මගහැරයාම සිදුකරති. සබඳතාවකදි අනෙකා ගැන සැලකිල්ලක් දැක්වීම සහ සානුකම්පිත වීම එහි පැවැත්මට ඉතා වැදගත් වේ.

ඔබේ හැඟීම් කෙරෙහි ඔහු දක්වන ආකල්ප

කාන්තාවන් කඳුළු සලනවා දැකීම පිරිමි අයට ඉවසිය නොහැකි දෙයක්ලු. ගොඩක් වෙලාවට ඔවුන් කරන්නේ එම අවස්ථාවන් මගහැරයාමයි.නමුත්,ඔබට ඔහු ඇත්තටම ආදරය කරනවා නම්, ඔබ හඬන කාරණාව ඉතාම සුළු දෙයක් වුවත් ඔබව සනසවන්න, ඔබේ හිත හදන්න ඔහු උත්සහ කරාවි.ඔබ යළි සිනාසෙන විට ඔහුත් සන්සුන් වේවි. නමුත්, ඔහු ඔබ කෙරෙහි එතරම් ආදරයක් නොදක්වයි නම්, ඔබ කොපමණ කඳුළු සැලුවත් , එය ඔහුට ඔබ කෙරෙහි ඇති කෝපය තවත් වැඩිවෙන්න බලපාන තවත් එක හේතුවක් විතරක්ම වේවි.

ප්‍රේමාන්විත කතාබහක් නැද්ද?

ප්‍රේම සම්බන්ධතාවයකදී ‘ෆ්ලර්ටිං’ (flirting) එහෙමත් නැතිනම් ප්‍රේමාන්විත කතාබහ ඉතාම වැදගත්.එය හොඳ හැඟීම් ප්‍රකාශන මෙවලමක් වගෙයි.කෙටි පණිවුඩ, ඡායාරූප, ඉඟි බිඟි සංවාද සම්බන්ධතාව කෙරෙහි එකිනෙකාගේ උනන්දුව තවත් වැඩිකරනවා.මේ ප්‍රේමණීය සංවාදයට දෙදෙනාම සක්‍රීයව සහභාගී වීම , ප්‍රතිචාර දැක්වීම මත තමයි සාර්ථකත්වයට පදනම වෙන්නේ.රොමෑන්ටික් වෙන තරමට තමයි ආදරය හොඳින් ගලාගෙන යන්නේ.


හැබැයි ඔබ මොනතරම් උපක්‍රම උත්සහ කළත්, ඔබේ පෙම්වතා ඒවා ගණනකට ගන්නේ නැත්නම්, හෝ ඔහුගෙන් හොඳ ප්‍රතිචාරයක් නැත්නම්, තවදුරටත් එසේ නොකරන්න. ඔහු ඔබව ගණන් නොගෙන සිටීමට හේතුව කුමක් ද කියා සොයාබලන්න.

ඔබේ ඉල්ලීම් වලට ඔහු දක්වන ප්‍රතිචාර කොයිවගේද?

ඔබේ පෙම්වතා ඔබට ඇත්තටම ආදරය කරන කෙනෙක් නම්, ඔහුට ඔබේ (මිතුරන්ගේ හෝ ඥාතීන්ගේ නොවෙයි!) ඉල්ලීම් සහ බලාපොරොත්තු තමයි ප්‍රමුඛ වෙන්නේ.සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයේ අය කාන්තාවන් හට උදවු කිරීමට ඉතා කැමතියිලු. ඒ තමන් කොතරම් මිත්‍රශිලී, ශක්තිවන්ත හා වගකීමක් සහිත කෙනෙක් ද කියා ඔප්පු කිරීමට ඔවුන් හට අවස්ථාවක් ලැබෙන නිසා කියලයි කියන්නේ.

ඔහුට ඔබ වෙනුවෙන් කරන්න බැරි දේවල් තියෙන්නත් පුළුවන් .නමුත් එවැනි අවස්ථාවකදි වුවත් වෙනත් අයෙකු ලවා හෝ ඔබට අවශ්‍ය කාර්යය ඉ‍ටුකරදෙනවා නම් එය අගය කළ යුතු දෙයක්.නමුත්,ඔබේ අහිංසක ඉල්ලීමකදී පවා මහා භාරාදූර දෙයක් කරන්න කිව්වා වගේ මැසිවිලි නගනවා නම්, ඔබේ සම්බන්ධය ගැන යළි සිතා බැලීම වටියි. නැතිනම් දුක්වෙන්නට වෙන්නේ ඔබටමයි. තමන්ගේ පෙම්වතියට හැර අනෙක් ඕනෑම කාන්තාවකට සතුටින් උදවු කරන අයත් ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා.

ඉරිසියාව

වෙනත් පිරිමි වඳුරන් සමඟ තම සහකාරිය ගැවසෙන විට පිරිමි වඳුරන්ට ඉරිසියාව යන හැඟීම ඇතිවන බව සොයාගෙන තිබෙනවා.යුවලක් අතර තිබිය යුතු සමඟිය-ඒකාබද්ධ බවෙහි පැවැත්ම සඳහා ඉරිසියාව කියන හැඟීම පරිණාමයෙන්ම ඇතිවී තිබෙන දෙයක්.තම පෙම්වතියගේ/සහකාරිය කෙරෙහි අයිතිය ඇත්තේ තමන්ට විතරක් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට උත්සහ කරන උපවිඥානික පෙලඹවීමක් සහිතවයි පිරිමි පාර්ශවයේ මනස හැඩගැසී ඇත්තේ.

ඒ නිසා තම පෙම්වතිය/සහකාරිය කෙරෙහි වෙනත් පිරිමින්ගේ ඇල්ම බැල්ම වැටෙනු දැකීමෙන් පෙම්වතුන් තරමක් නොසන්සුන් ස්වභාවයක් පෙන්නුම් කිරීමට පටන්ගැනීම ඉතාම ස්වභාවිකයි.නමුත්, ඊට සීමාවක් තිබෙනවා. අප වඳුරන් නොවන නිසා ඉරිසියාව වගේ දේවල් වලින් වෙන්නේ අපේ සම්බන්ධතාවන් බිඳවැටීමට පවා විශාල බලපෑමක් ඇති විය හැකියි. තම පෙම්වතිය අන් පිරිමින්ගේ අවධානයට ලක්ව ඇති බව පැහැදිලි සිදුවීම් දැක දැකත් නිහඬව පසුවේ නම්, එය ද හොඳ තත්වයක් නොවෙයි. ඇතැම් විට ඔහුට තවදුරටත් ඔබ වෙනුවෙන් සටන් කිරීමට අවශ්‍ය නැති නිසා විය හැකියි.

‍රැකවරණය

පිරිමින් මූලිකවම තම ආදරණීයයන් ආරක්ෂා කිරීමට උත්සහ කරන අතර කාන්තාවන් මූලිකවම බලාපොරොත්තුවන්නේ ආරක්ෂාව හා ‍රැකවරණය ලැබීමයි.ආදරණීය පෙම්වතෙක් තම පෙම්වතියගේ ආරක්ෂාව ගැන වද වෙයි, සොයාබලයි, අවශ්‍යතාවකදී ඉදිරිපත්වෙයි. සැබෑ හෝ සිදුවෙනට පුළුවන් යැයි සිතෙන අවදානම් ගැන පවා සිතමින් ආරක්ෂාව සපයයි.

නමුත්, අසීරු අවස්ථාවකදී හෝ අවදානමකදී පවා ඔබට ඔබේ පෙම්වතාගෙන් ‍රැකවරණයක් හා සහයෝගයක් නොලැබෙන්නේ නම්, එය යහපත් ලක්ෂණයක් නොවේ.ඉන් අදහස් වන්නේ ඔහු ඔබ කෙරෙහි එතරම් උනන්දු නොවන බව නොවේද? එවැනි කෙනෙක් ඔබේ ජීවිතයට අවශ්‍ය ද?

දෙදෙනා අතර හොඳ සන්නිවේදනයක් තිබීම වැදගත්.

මෘදු වදන් තෙපලීම, ස්පර්ෂයන්, ඉඟි බිඟි, වැලඳගැනීම් හා සිපගැනීම් යනු ආදරයේ භාෂාවයි.ඔබ ඔබේ ආදරණියයාව අමතන විශේෂ විදියක් තිබෙනවා ඇති. එකිනෙකා කෙරෙහි ඇති ආදරය සිතේ හිරකර ගෙන ඉන්නේ නැතිව විවෘතව ප්‍රකාශ කරන්න.

එකිනෙකා සමඟ ගුණාත්මක කාලයක් ගත කරන්න. මෙසේ එකිනෙකා කෙරෙහි දක්වන උනන්දුව, සෙනෙහස , ලයාන්විත බව ඔබේ ප්‍රේම සම්බන්ධතාවයේ දීර්ඝ කාලීන සමබරව පැවැත්මට ඉතාමත් වැදගත්ය. ඉතින් මේවගේ දේවල් වලටත් ඔබේ සම්බන්ධතාවය තුළ විශාල වෙනසක් ඇතිකරන්න පුළුවන් මෙවැනි දේවල් ඔබේ සම්බන්ධතාවයේ නැතිනම් එතැන ආදරය තියෙනවාද කියන එකම සැකයක්.

එයාට ඕන සෙක්ස් විතරයි, හැබැයි මට ආදරෙත් ඕන. එතකොට මොකද කරන්නේ?

හරි, හෙඩින් එක කියවපු ගමන් අපිට තේරෙනවා ප්‍රශ්නේ මොකද්ද කියලා. එයාට ඕන සෙක්ස් විතරයි, හැබැයි අපිට ඕන ආදරේ. ආදරේ එක්ක සෙක්ස් ලැබෙනකොට එපා කියන්නෙ නෑ ඉතින්. ඒත් සෙක්ස් විතරක් නම් අපිට වැඩේ බැලන්ස් කරගන්න අමාරුයි. ඇත්තටම මේ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ කෙල්ලන්ට විතරක් නෙවෙයි. කොල්ලෙක්ට වුනත්, ඔය සෙක්ස් විතරක් තියෙන රිලේෂන්ශිප් එකකට සෙට් වෙලා එයාට ලව් කරන්න ගත්තහම ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්.

බෙහෙත් ගන්න දොස්තර ගාවට යන්න කලින් මේ දේවල් කරන්න එපා !

පොඩිම අසනීපයකට වුණත් දොස්තර මහත්තයෙක් මුණ ගැහුණේ නැත්නම් හිතට හරි නැති ගතියක් තියෙනවම තමයි. වෙන කවරදාටත් වඩා ඒ ගතිය දැන් තියනවා. හැබැයි ඉතින් මගුලකට වෙන මොකක් හරි පාටියකට යනවා වගේ සැරසිලි නෑ ඒ ගමනට. හැබැයි සැරසිල්ලක් නැත්තෙමත් නෑ. දොස්තර මහත්තයව හම්බ වෙලා බෙහෙත් ටිකක් ගන්න කලින් රෝගී ඔබ කරන්න අවශ්‍ය අමුතු සැරසිලි ටිකක් තියනවා. මේ දේවල් නොකර හිටියම ඒ සැරසිල්ල සම්පූර්ණයි.

කොරෝනා කාලේ ගෙදරටම හිර වෙලා ඉන්නකොට මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්නේ මෙහෙමයි!

දැන් මේ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතය තියෙනවනේ. ලෝකේ හැම රටක්ම පාහේ මේ වසංගතේට ගොදුරු වෙලා තියෙන්නේ. එතකොට මේ වසංගතේ පැතිරිලා යන වේගයත් එක්ක බලනකොට සෑහෙන්න රටවල් ලොක් ඩවුන් කරලා, ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. කොටින්ම ලෝකේ ලෝකේ තුළම, මිනිස්සු ගෙවල් තුළම හුදෙකලා වෙලා තියෙන්නේ. මේ වසංගතේ මැඩපවත්වන්න වෙන ක්‍රමේකුත් දැනට නෑ.

කො‍රෝනා ව්‍යසනයට මුහුණ දෙන අපට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්

ඉතිහාසය පුරාම වරින් වර ලෝකයේ බොහෝ රටවල මෙන්ම අප ශ්‍රී ලංකාවේත් මෙවැනි ව්‍යසන වසංගත ඇති වී තිබෙනවා. එහිදී ලංකාවේ තදබල නියඟයක් ඇතිවී ජනතාව මෙන්ම රහතන් වහන්සේලා පවා අපවත් වූ අවස්ථාවන් ගැන සඳහන් වෙනවා.

ඔබේ අවශ්‍යතාවට සරිලන මයිසූර් පරිප්පු ෆේස් පැක් ගෙදරදීම හදාගන්න

අපේ කුස්සිවල නිරන්තරයෙන් රැඳෙන ආහාර ද්‍රව්‍යයක් තමයි මයිසූර් පරිප්පු. කන එක හැරුණම මේ පරිප්පුව රූපලාවණ්‍ය සඳහාත් යොදාගන්න පුළුවන් බව සමහරවිට අමුතු දෙයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් මේ පරිප්පු එක්ක වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා ෆේස් පැක් හදාගන්න පුළුවන්. මේ සඳහා යොදාගන්න අනෙකුත් ද්‍රව්‍ය ඔබේ වෙනස් අවශ්‍යතාවන් පිරිමසාවි.

ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා මේ දේවල් කරන්න

ඇඳිරි නීති, නිවාස අඩස්සි, රැකියා විරහිත, රැකියා සහිත, ඉස්කෝලේ යන,ළමා ළපටි කොයි කාටත් තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි උදේට නැගිටින එක. ඔය නැගිටින එකෙන් තමයි අපේ මුළු දවසම තීරණය වෙන්නේ. ඇත්තටම නැගිටින එකටත් වඩා නැගිටලා කරන කියන දේවලින්. ඒක හින්දා කලින් කියපු කොයි කාටත් භේද නැතුව ඵලදායී දවසකට උදෙන් ම නැගිටලා කළ යුතු දේවල් ගැන ලයිෆි අපි ඔබට කියන්න තීරණය කරා.