එයා ඔයාගෙන් මොනවා හරි හංගන බව ඇඟවෙන ලක්ෂණ 7ක්

ආදර සම්බන්ධතාවක දී දෙන්නට තියෙන්න ම ඕනි දෙයක් තමයි විශ්වාසය. ඒ විශ්වාසය රැකෙන විදියට වැඩ කරන එක දෙන්නගෙම වගකීමක්. එයා හැසිරෙන විදියෙන් ඔයාට පුළුවන්කම තියෙන්න ඕනි එයාව කියවාගන්න. නැත්තන් මූණේ කරේ තියාගෙන ආදරේ කරාට වැඩක් නෑ. දැන් මේ මොනවා හරි හංගනවා කිව්වම එතනින් ඩබල් ගේම් කතාවක් ම කියවෙන්නේ නෑ. එයාගේ ජීවිතේ ලොකු ප්‍රශ්නයක්, වැඩ කරන තැන, ගෙදර අවුලක් වෙන්න පුළුවන්. ඒවා ඔයාට නොකියා හිටියට ඔයාට ඒවා දකින්න පුළුවන්.


1. වෙනදට වඩා වැඩ

ඔපීසි ගිහින් වෙනදට හවස තේ වෙලාවටත් කලින් සයින් එක ගහලා ගෙදර එන මනුස්සයා දැන් දැන් රෑ එළි වෙනකන් වැඩ කරන්න පෙළඹෙනවා නම් ෆෝන් කෝල් එකකට උත්තරයක් දෙන්නෙත් නැත්තම් මොකක් හරි ගිනිවිජ්ජුම්බරයක් තමයි. ඇත්තටම ඔපිසිවල වැඩ ගොඩගැහෙන වෙලාවල් තියනවා. එක්කෝ ප්‍රොමෝෂන් එකක්, නැත්තන් වැඩ වැඩි කාලේ, ඕටී කරන ඔය මොකක් හරි නිශ්චිත හේතුවක් තියනවා. නමුත් ඒ මුකුත් නොකියා එයාට වැඩ කියලා ඔයාව මග හරිනවා නම් එයා මොනා හරි හංගනවා.

2. කටහඬේ වෙනස

වෙනදට කතා කරන ලව්ලි ඩව්ලි පැණි විදියට නැතුව ටිකක් ආගන්තුක ස්වරයකින් එයා කතා කරන්න පටන් ගන්නවා. කටහඬ වෙව්ලනවා, දෙතුන් පාර උගුර පාදනවා, දෙයක් කියාගෙන ඇවිත් මගදි එක පාරට අමතක වෙනවා. මේ දේවල් වෙන්නේ එයා මොකක් හරි අපහසුතාවකින් ඉන්න නිසා. වෙනදට ඔයා එක්ක තිබුණ කොම්ෆර්ටබල් ගතිය නැතුව මෙහෙම හැසිරෙන්නේ නිකන් නම් නෙවෙයි.


3. මාගේ දෑස් දෙස බලනු!

එදිනෙදා කතාබහක දී වුණත් ඇස් දිහා බලන් කතා කරන්නැත්තේ කෙනෙක් අතින් මොකක් හරි වැරැද්දක් වුණාම. මතකද ඉස්කෝලේ කාලේ ප්‍රින්සිපල් ඔෆිස් එකට ගිහින් කතා කරපු හැටි. බිම බලාගෙන උඩ බලාගෙන කතා කරාට කවදාවත් ප්‍රින්සිපල්ගේ ඇස් දිහා බලන් කතා කරේ නෑ. ඒ වගේ තමයි. එයාට ඔයා දිහා කෙලින් බලන් කතා කරන්න බෑ. එයාගේ ඇස්වල තියන බය හරි මොකක් හරි හැඟීම ඔයා කියවා ගනී කියන සිතුවිල්ල නිසා තමයි ඔහොම මග හරින්නේ.

4. ෆෝන් එකේමයි

ෆෝන් එක ඔබ ඔබා පැය 24ම හිටියත් මොකෝ ඒක ඒ මනුස්සයගේ ප්‍රයිවසි එකනේ කියලා හිතුවට මොකෝ තුන්තිස් පැයේ ඒකට මැසේජ් එන්න පටන් ගන්නකොට පීලි පැනීම ආරම්භ වෙනවා. ඒ මැසේජ් කෝල් ආවත් කමක් නෑ ඉතින්. ඒත් ඒ ගැන ඇහුවම උත්තරයක් දීගන්න බැරි වෙනවා නම් ආසාවට ෆෝන් එක අල්ලන්න ඔයාට ඉඩ දෙන්නේ නැත්තම් පොඩි අවුලක් එතන.

5. බොරු රණ්ඩු

ඔයාගෙන් දෙයක් හංගගෙන ඉන්න නිසා එයා වරදකාරී හැඟීමෙන් ඉන්නේ. ඒකත් එක්ක මනුස්සයගේ හිත ෆුල් ම අප්සට් දේවලින් පිරිලා. ඉතින් ඒ දේවල් එයා සාමාන්‍යකරණය කරගන්න හදන්නේ ඔයාට බොරුවට කෑ ගහලා. හරියට නිකන් ඔයා අතින් වැරැද්දක් වුණා වගේ. කිසිම පදනමක් නැති නමුත් අවසානයේ ඔයා වැරදිකරු වන විදියේ රණ්ඩු ගැනයි මේ කියන්නේ.

6. හැසිරීම (Body Language)

එයා ඔයත් එක්ක ඉන්නකොට කලින් වගේ නැතුව නිතරම නියපොතු කනවා නම්, ඔලුව කහනවා නම්, අත් දෙක සාක්කු අස්සේ දාගෙන ඉන්නවා නම්, කකුල් දෙක වේගයෙන් ගස්සනවා නම් මේ දේවලින් පෙන්වන්නේ හිතේ තියන නුහුරු ගතිය මග හරවා ගන්න මම මෙච්චර කට්ටක් කනවෝ කියන එකයි. මේ වගේ වෙලාවට මොකද්ද ප්‍රශ්නේ කියලා අහලා බලන්නකෝ. එයත් පුදුම වෙයි.

7. පමණට වඩා ඇස් ගැසීම

යාළුවෙන්න කලින් පමණට වඩා ගහපු ඇස් ගැන නෙවේ මේ කියන්නේ. එයා මොනවා හරි හංගනවා නම් එයා ඉන්නේ ස්ට්‍රෙස් එකේ උපරිම ගැට්ටේ. එහෙම ස්ට්‍රෙස් එකක ඉන්නකොට ඉබේම ඇස් වේගයෙන් ගැහෙනවා. ඉතින් එදිනෙදා කතාබහේ දී පවා මෙහෙම කවදාවත් නැතුව ඇහිපිල්ලන් ගහනකොට කතා කරලා දේවල් විසඳගන්න.
gossip lanka