වෙඩින් එකකට තරුණ ගෑණු ​ළමයින්ට අඳින්න පුළුවන් විලාසිතා 7ක්

තරුණ අපි වෙඩින් වලට යනකොට කාටවත් දෙවෙනි නොවෙන්න ඇඳගෙන යන්නනෙ බලන්නෙ. ඒකට ඕන ලස්සනම විලාසිතා ටිකක් ගැන අද කතා කරමු.

1. ලෙහෙන්ගා

ලෙහෙන්ගා විලාසිතාව ඉන්දියානු විලාසිතාවක්. දැන් ලංකාවෙ ගෑණු ​ළමයි ගොඩක් අඳින විලාසිතාවක්. ලෙහෙන්ගා සාරි, ගවුම්, ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් වගේ මේ ඕනම විදියකින් හදාගන්න පුළුවන්. මේ දවස් වල වැඩියම ට්‍රෙන්ඩ් වෙන්නෙ ගවුම වගේ ලෙහෙන්ගා එක. ගවුම් කොහොමත් ට්‍රෙන්ඩ් එකක් වෙලා කියල පාරට බැහැල යන ගෑණු ළමයි දැක්කම පේනවනෙ. ලෙහෙන්ගා එකෙත් ගවුම් ඩිසයින් එක ටිකක් වැඩිපුර වෙඩින් වලට යන ගතියක් තියෙනවා. දැනට ලංකාවේ රු.6,000/= ඉඳලා 100,000/= හා ඊට වැඩි මිලටත් ලෙහෙන්ගා  ගන්න තියනවා. හැබැයි ඉන්දියාවෙ ගියොත් නම් මීට වඩා අඩුවට ගන්නත් පුළුවන්. මේක ඉන්දියන් ස්ටයිල් එකක් නිසා ලෙහෙන්ගා වලටම දාන ජුවෙලරි තියනවා. බැන්ගල් සෙට්ස්, කර පිරෙන ලොකු මාල වගේම එල්ලෙන ලොකු කරාබු තමා ලෙහෙන්ගා එකට මැච් වෙන්නෙ. මාලයක් නැතුවම උනත් අවුලක් නෑ මොකද ලෙහෙන්ගා ඩිසයින්ස් බොහොමයක ටොප් එක ගොඩක් වර්ක් කරල එන නිසා.

2. ගවුම්

ගවුම් නම් නානාප්‍රකාර ඩිසයින් වලින් හදාගන්න පුළුවන් උනාට දැන් කාලෙ යන ට්‍රෙන්ඩ් එකට එපැයි අඳින්න. මේ කියන්නෙ එහෙම ට්‍රෙන්ඩ් වෙන විලාසිතා දෙකක් ගැන. ලෝන්ග් ෆ්‍රොක්ස් වලට කැමති අයට ලේස් වර්ක් එකෙන් ඒ ලයින් ගවුමත් ඒකට උඩින් ඒ පාටින්ම ප්ලේන් රෙද්දෙන් ෆ්‍රන්ට් ඕපන් ෆ්ලෙයාඩ් ස්කර්ට් කොටස එන ගවුම හොඳටම ගැලපෙනව. ටිකක් ඇඟ මහත බඩ පොඩ්ඩක් තියෙන කෙනෙක්ට උනත් මේක අඳින්න පුළුවන්.

අනික් ඩිසයින් එක කොටට අඳින්න කැමති කෙල්ලොන්ට. කොක්ටේල් ලේස් මිනි ගවුම් ඩිසයින් එක දඟකාර වයසෙ ගෑණු ළමයින්ට ඒ දඟකාර පෙනුමත් තියාගෙන ලස්සනට වෙඩින් එහෙකට යන්න ගැලපෙනව. ලේස් වර්ක් ආපහු කරලියට ඇවිත්. වෙඩින් වලදි සාමාන්‍යයෙන් එක්ස්පෙන්සිව් ලුක් එකකට යන්න කවුරුත් ආසයිනේ. තමුන්ගෙ චොයිස් එක අනුව ඒක හදාගන්න පුළුවන්. මේ විලාසිතා වලට වැඩිය ජුවෙලරි භාවිතා වෙන්නෙ නෑ. ලූස් හෙයා හෝ මූණට ගැලපෙන කොණ්ඩ විලාසිතාවක් විතරක් ප්‍රමාණවත්.

3. ශල්වාර්

මේකත් සවුත් ඉන්දියන් ස්ටයිල් එකක්. ගෑණු ළමයි ආස කරන අඳින්න පහසු විලාසිතාවක්. බබාලා ඉන්න තරුණ අම්මලාට උනත් බබාල එක්ක ඇඳලා කරදරයක් නැතුව ඉන්න පුළුවන්. බඩ වැඩී වගේනම් ගර්ඩ්ල් එකක් දාන්න.  සාමාන්‍යයෙන් ශල්වාර් වලට අත් එක්ක එන නිසා කැමතිනම් අත් නැතුව උනත් අඳින්න පුළුවන්.

කලින් ගවුම් විලාසිතා වල කිව්ව වගේම මේ දවස්වල ට්‍රෙන්ඩ් වෙන්නෙ ලේස්. මේ ශල්වාර් ඩිසයින් එකත් ලේස් වර්ක් මික්ස් එකක්. මේකට හෙවි ජුවෙලරි කොහෙත්ම ගැලපෙන්නෙ නෑ  කරාබු දෙකක් විතරක් දැමීම හොඳටම ප්‍රමාණවත්. ලූස් හෙයා හෝ බබාල ඉන්න කෙනෙක් නම් කොණ්ඩෙ උඩට හිටින හෙයා ස්ටයිල් එකක් ගැලපෙනව.

4. මැක්සි

කෙට්ටු සහ සාමාන්‍ය සයිස් ඇඟවල් තියෙන අයට ඕනම විලාසිතාවක් අවුලක්ම නැති නිසා ප්ලස් සයිස් අයට අඳින්න පුළුවන් විලාසිතාවක් ගැනත් විශේෂයෙන් කියන්න හිතුවා. මැක්සි ඩ්‍රස් කියන්නෙ ට්‍රෙන්ඩ් එකෙන් ගැලවිලා යන්නෙම නැති දෙයක්. මේ ඩිසයින් එක ප්ලස් සයිස් කෙනෙක්ට ලස්සනට ඇඳගෙන වෙඩින් එකකට යන්න පුළුවන්. ස්ලීව්ලස් කැමති අයට එහෙමත්, එහෙම අකමැති අයට ත්‍රීක්වාටර් ස්ලීව් එකකුත් දාල අඳින්න පුළුවන්. ඉණ කොටස බ්‍රෙස්ට් එක යටින්ම වගේ පටන් ගන්න නිසා පොඩ්ඩක් බඩ තිබ්බ කියල ඒක පේන්නෙ නෑ.

කුමාරිකාවක් වගේ වෙඩින් එකකට යන්න ඕනෙනම් ඒකට ගැලපෙන්නෙම මැක්සි ඩ්‍රස් එක තමයි. මේවට ලස්සන නෙක්ලස් තමයි ගැලපෙන්නෙ. කවර්ඩ් ශුස් වගේ දාලා වෙස්ටර්න් හෙයාස්ටයිල් එකක් දාලා නැත්තන් අයන් කරලා කඩලා දාලා යන එක තමයි ලස්සනම.

5. බොඩිකොන් ඩ්‍රස්

වැඩි විච්චූරන වලට ආස නැති තරුණ කෙල්ලන්ට ගැලපෙනම ස්ටයිල් එකක් තමයි මේ. ස්ලිම් ඇඟක් තියන කෙනෙක් නම් ඔයා බොඩිකොන් ඩ්‍රස් ඔයාටමයි. උකුල අඩු කෙනෙක්ට හිප් ඇන්ස් බොටොක්ස් පෑන්ට් එකක් යටට ඇඳල මේක අඳින්න පුළුවන්. මේක වැඩිපුරම අඳින්නෙ කොටට. හැබැයි කොටට අකමැති කෙනෙක්ට ත්‍රීක්වාටර් උනත් අඳින්න පුළුවන්. ප්ලේන් කලර්ස් වලින් වගේම මික්ස් කලර්ස් වලින් ලේස් වර්ක් එකක් එක්ක එන මේ බොඩිකොන් ඩ්‍රස් එක වෙනස්ම වැදගත් පෙනුමක් ගේනව. හයි හීල්ස් තමයි ගොඩක්ම දාන්නෙ මේ වගේ ඩ්‍රස් එකකට. හයි පෝනිටේල් එකක් , සිම්පල් හෙයා ස්‍ටයිල් එකක් වෙඩින් එකකට යන්න හොඳටම ප්‍රමාණවත්.

6. රැප් අරවුන්ඩ් ෆ්‍රොක්

මේ වෙනකොට ගොඩක්ම ජනප්‍රිය වෙලා තියන ෆැශන් එකක් තමයි මේ. මේක කැශුවල් තමයි ගොඩක් අඳින්නෙ. පාටි හෝ වෙඩින් වලටත් දැන් රැපරවුන්ඩ් අඳින එක විලාසිතාවක් වෙලා. සිල්ක් සෙටින් රෙද්දෙන් මහල තියෙන මේ ගවුම් ඩිසයින් එක වෙඩින් එකකට හෝ පාටි එකකටම ගැලපෙනව. ගවුම් ඩිසයින් එක සිම්පල් නිසා හෙවි ජුවෙලරි පාවිච්චි කරන්න පුළුවන් ග්ලැමර් එකට කැමති කෙනෙක්ට. ලූස් හෙයා තමා මේකට ලස්සනම.

7. ෆිට් ඇන්ඩ් ෆ්ලෙයා ඩ්‍රස්

මේකත් ගොඩක් ලස්සන විලාසිතාවක්. ගොඩක් දෙනා වෙඩින් එකකට යන්න ගවුමක් ඩිසයින් කරනකොට හෝ ගන්න යනකොට තෝරගන්නෙ මේ වගේ ඩ්‍රස් එකක් තමයි. එකක් මේකෙ තියන පහසුව. මේ ඩිසයින් එක ඕෆ් ශෝල්ඩර් ගවුම් වලට කැමති යුවතියන්ට. ඉදිරිපසින් දණහිසට උඩට වෙන්නත් පිටිපස ෆිශ්ටේල් වෙන්නත් මහල තියෙන මේ ගවුම ලස්සනම අවුරුදු 25ට අඩු කෙල්ලොන්ට තමා. තරමක් කොටට අඳින මේකට හීල් ශූස් තමයි ගැලපෙන්නෙ. ජුවෙලරි නම් ඉයරින්ග්ස් විතරක් දැම්මත් හොඳටම ප්‍රමාණවත්.
gossip lanka