ස්ථාවර ආදර සම්බන්ධතාවයක ඉන්න එකේ වාසි මේවා තමයි !

ස්ථාවර සම්බන්ධතා කියලා කියන්නේ මොනවටද හැබෑටම? සමහරු කියනවා අපි දැන් ඉන්නේ ආදර සම්බන්ධතා, විවාහ සම්බන්ධතා මේ ඇතිවෙනවා, මේ කැඩෙනවා දකින්න ලැබෙන යුගයක කියලා. ඒ කතාව කොහොම වුනත්, අපේ සීයලාගේ, ආච්චිලාගේ, මුත්තලාගේ කාලෙත් එක්ක සසඳලා බලනකොට දැන් කාලේ ආදර සම්බන්ධතා කැඩෙන එක වගේම, විවාහයන් වුනත් දික්කසාදයෙන් කෙළවර වෙන ප්‍රතිශතය වැඩියි කියලා කියන්න පුළුවන්. හරි, අපි ඒකට හේතු හොයන්න යන්නේ නෑ.
හැබැයි හොඳ, ශක්තිමත් ආදර සම්බන්ධතාවයක සහ/හෝ විවාහයක ඉන්න එකෙන් දෙන්නටම ලැබෙන වාසි ගණනාවක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ වාසි දකින්නෙ නෑ, එහෙම නැතිනම් ගණන් ගන්නෙ නෑ. ආන්න ඒ නිසා අපි හිතුවා ඒ වාසි ගැන පොඩ්ඩක් විස්තර කරන්න!

 1. ජීවිතේට රෙඩ්බුල් වගේ ආදරේ


ඇත්තටම මනුස්සයෙක්ගේ ජීවිතේට හරියට ආදරේ ලැබෙනකොට, ඒක රෙඩ්බුල් වගේ තමයි. හැබැයි ඉතින් තාවකාලිකව දවසට දෙකට තියෙන ලව් එකක් රෙඩ්බුල් වගේ නෙවෙයි, රොකට් තෙල් ගැහුවා වගේ. ඒ කියන්නේ කෙටි කාලීනව මාරම බූස්ට් එකක්, මාර කික් එකක් තියෙනවා. හැබැයි ඒක රඳලා තියෙන්නේ නෑ. අනික ජීවිතේට පොදුවේ ලොකු උදවුවක් වෙන්නෙ නෑ. ඒත් සම්බන්ධතාවයක් ස්ථාවර වෙලා, ගැඹුරු ආදරයක් තියෙනකොට ජීවිතේ අභියෝග එහෙම නිකම්ම සූපින් වෙලා යනවා. ආයෙ එක්සෑම් සීයක් වුනත් ලියන්න, දිනපතාම වුනත් ඕටී කරන්න, අවුරුද්දක වැඩ සතියෙන් කරන්න තරම් ශක්තියක් හිතට එනවා.

 2. ආර්ථිකේ

කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නකොට ආර්ථිකේට කෙලවෙනවද? නෑ. එහෙම වෙන්නේ ඔය දත ගලවන කොල්ලෝ හරි කෙල්ලෝ හරි කෙටි කාලෙකට යාලු කරගත්තහම තමයි. මොකද එහෙම කෙටි කාලීන සම්බන්ධතා වලදී අනික් කෙනා ගැන ලොකු වගකීමක් නෑ. එතකොට සල්ලි කුඩු වෙන ඉඩ ප්‍රමාණය වැඩියි. හැබැයි දීර්ඝ කාලීන සම්බන්ධතාවයකදී ඊට වඩා දෙන්නගේම මූල්‍යමය තත්ත්වය ගැන ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම එක්කෙනෙක් අතින් සල්ලි නාස්ති වෙනවා වගේ දෙයක් වෙනකොට අනික් පැත්තෙන් කන්ට්‍රෝල් කරන්න බලනවා. හැබැයි ඉතින් හොඳම එකෙන් නාස්තිකාරයෝ දෙන්නෙක් ලව් එකට සෙට් වුනොත් නං, ආර්ථිකේ ගැන අපිට වගකියන්න බෑ!

3. අමාරු වෙලාවට එකට


ස්ථාවර සම්බන්ධතාවයක තියෙන හොඳම දෙයක් තමයි, දෙන්නා එක ටීම් එකක් වෙන එක. ඒ කියන්නේ මොන අමාරු කාලේ ආවත්, දෙන්නත් එක්ක තමයි මූණ දෙන්නේ. එතකොට අපිටත් හොඳ ෆිට් එකක් තියෙනවා මොන අමාරු කාලෙකදී වුනත් බය නැතුව ගේම ගහන්න. මොකද ටීම් එක එකට ඉන්නකොට ස්ට්‍රෝන්ග් කියලා අපි දන්නවනේ. ඇත්තටම අමාරු කාලෙකදී ඔය තමන් තනියෙන් නෙවෙයි කියන හැඟීම ඉතාම වටිනවා. ගොඩක් වෙලාවට අමාරු කාල වලදී මිනිස්සු වැටෙන්නේ තමන් තනිවෙලා කියලා හිතෙන නිසා. ඒ වගේම අනික් පැත්තට අමාරු කාල වලින් මිනිස්සු ගොඩ එන්නේ තමන් තනියෙන් නෙවෙයි කියලා දැනෙන නිසා!

4. ප්‍රශ්නේ කාගෙද?


කාටද ප්‍රශ්න නැත්තේ? ඕනම කෙනෙක්ගේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා. හැබැයි එහෙම ප්‍රශ්න ආවහම අපි සමහර වෙලාවට හිරවෙනවා, වැටෙනවා. ඒත් අපිත් එක්ක අත් අල්ලගෙන එක මග යන කෙනෙක් ඉන්නවා නම්, ඒ ප්‍රශ්න වලට එකතු වෙලා උත්තර හොයන්න පුළුවන්. ඇත්තටම ඔය උඩින් කිවුවා වගේ, සමහර ප්‍රශ්න අපිට කියන්න කෙනෙක් නැහැ. ඒත් ස්ථාවර සම්බන්ධතාවයක ඉන්නවා කියන්නේ, අපිට ඕනම දෙයක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියන එක තමයි. අන්න එතකොට ප්‍රශ්නෙට උත්තර එක පාර නැතත්, ප්‍රශ්නේ ගැන කතා කරලා හිත සැහැල්ලු කරගන්න හරි පුළුවන්.

5. නිදහසේ ලව්


තාමත් ලංකාව කියන්නේ ඇමරිකාව නෙවෙයිනේ. තාම අවුරුදු විස්සක් තිහක් වුණු මනුස්සයෙක්ට වුනත් නිදහසේ ලව් කරන්න ලංකාව ඒ තරම් හොඳ රටක් නෙවෙයි. විශේෂයෙන්ම ඔය කෙටි කාලීන සම්බන්ධතා එහෙම හරිම අමාරුයි නිදහසේ කරගෙන යන්න. එහෙම සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් එක්ක හොටෙල් රූම් එකකට ගියොත් කියන්නේ කොටුවක් පනින්න යනවා කියලා. අනික් පැත්තට දන්න කෙනෙක් දකින්න තියෙන ඉඩත් වැඩියි. දෙන්නත් එක්ක ට්‍රිප් එකක් ගියත් එහෙමම තමයි. හැබැයි දීර්ඝ කාලයක් ආස්සරේ කරලා, බොහොම ස්ථාවර සම්බන්ධතාවයකට ආවට පස්සේ කොහේ ගියත් දෙන්නත් එක්ක එකටනේ. අන්න එතකොට දකින කෙනෙක් වුනත් ගණන් ගන්නේ, ගෙදරට දැනුම් දෙන්න උත්සාහ කරන්නෙ නෑ. ගෙවල් වලට දැනුම් දුන්නත්, සම්බන්ධේ ෂුවර් කියලා ගෙවල් වලිනුත් දන්න නිසා අවුලක් වෙන්නෙත් නෑ!

6. අනාගතේ ෂුවර්


මෙන්න මේකත් අපිට ඉතාම වැදගත් කාරණයක්. දැන් අපි හැමෝටම තනි තනි මිනිස්සු විදියට අපේ අනාගතේ ගැන ෂුවර් එකක් තියෙන්න ඕනනේ. සමහරුන්ට ඕක නැහැ තමයි. ඒත් අඩු තරමින් තමන් තව අවුරුදු පහකින් හෝ දහයකින් ඉන්න ඕන කොතනද කියන එක ගැනවත් මනුස්සයෙක් වුනහම ෂුවර් එකක් තියෙන්න ඕන. ඒ ගැන අනාගත ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපිට කසාදයක් එහෙම කරගෙන සෙට්ල් වෙන්න ආසාවක් තියෙනවා නම්, ඒක වෙන්න ඕන කොහොමද කියන එක ගැනත් හොඳ ෂුවර් එකක් තියෙන්න ඕන. ආන්න ඒ අනාගතේ ගැන ෂුවර් එක ඉබේටම එනවා ස්ථාවර සම්බන්ධතාවයක ඉන්නකොට. ඇත්තටම ස්ථාවර සම්බන්ධතාවයක් කියන්නේ දෙන්නා හෙට ඉඳන් හරි, ලබන අවුරුද්දේ ඉඳන් හරි එකට ජීවත් වෙනවා කියන ෂුවර් එකත් එක්ක යන දෙයක්නේ. අන්න එතනම අනාගත ප්ලෑන් එකක් තියෙනවා. ඒ අනාගත ප්ලෑන් එකත් එක්කම ජීවිතේ අනික් දේවලුත් ඉබේටම සැලසුම් වෙනවා. ආන්න ඒකයි ෂුවර් සම්බන්ධතාවයක ඉන්නකොට අනාගතේ ෂුවර් කියන්නේ!

7. ආදරෙත් එක්ක සෙක්ස්


මෙන්න මේකත් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක්. සාමාන්‍යයෙන් දෙන්නෙක්‍ට සෙක්ස් කරන්න ස්ථාවර සම්බන්ධතාවයක් ඕන නැහැනේ. දෙන්නම කැමති නම්, දෙන්නගේම වයසත් හරි නම්, තමන්ට ඕන මොනවද කියලා දෙන්නම දන්නවා නම්, කරදරයක් නැතුව සෙක්ස් කරන්න පුළුවන්. හැබැයි හිතන්න තමන්ගේම කියලා දැනෙන, තමන්ගේ සහකාරයා/සහකාරිය තමයි මේ කියලා බය නැතුව හිතන්න පුළුවන්, තමන්ට පැලෙන්න ආදරේ දැනෙන මනුස්සයෙක් එක්ක සෙක්ස් කරන එක කොයි වගේද කියලා. ඇත්තටම ඔය එක්ස්පීරියන්ස් එක තියෙන අය දන්නවා ඒක මොන තරම් පිස්සු කොර, ගැඹුරට දැනෙන හැඟීමක්ද කියලා. ඇත්තටම එහෙම ස්ථාවර සම්බන්ධතාවයක ඉන්න කොට, ඒ කියන්නේ ලව් එක පරණ වෙන කොට සෙක්ස් හැඟීමුත් පරණ වෙනවා කියලා ගොඩක් දෙනෙක් හිතුවට, ඇත්තටම ඒක එහෙම වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතේටත් වෙනස් වෙනස් දේවල් ගේන එක. අන්න එතකොට තේරෙයි ජීවිතේ ආතල් එක මොකක්ද කියලා!
gossip lanka