මේ දවස්වල ගෙදරට වෙලා ගතකරන ජීවිතේ එපා නොවෙන්න මේ දේවල් කරන්න

මේ දවස්වල රටේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. පුළුවන් තරම් සෞඛ්‍ය සම්පන්න පුරුදුත් එක්ක ගෙවල් ඇතුළට වෙලා ඉන්න එක තමයි අපි කවුරුත් අතින් සිද්ධ වෙන්න අවශ්‍ය සමාජ මෙහෙවර වෙන්නේ. හැබැයි දුවලා, පැනලා, රස්සාවල් එක්ක බිසී වෙලා, එළිපහළියේ ගැවසිලා හැසිරුණු ගොඩක් අයට මෙහෙම ගෙදරට වෙලා ඉන්න එක ටික්ක ඔළුව අවුල් වෙන වැඩක් වෙන්න පුළුවන්. එහෙම උදවියට ඒ තත්ත්වය නැති කරගන්න ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි මේ කියන්නේ.


 1. මූවීස්

මේක තම තමන්ගේ සිනමා ලෝලීත්වයේ එක එක මට්ටම්වලට අනුව හදාගන්න ඕනෙ ප්ලෑනක්. ඔයා සෑහෙන ෆිල්ම්ස් බලන කෙනෙක්නම්, ඔයාට පුළුවන් ඔයාට මෙතෙක් බලන්න මිස් වෙච්ච ක්ලැසික් ෆිල්ම්ස්, ෆොරීන් ෆිල්ම්ස් වගේ ඒවා ටිකක් සර්ච් කරලා, ලිස්ට් එකක් හදාගෙන, ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඔයා ඉඳහිට ෆිල්ම් බලන කෙනෙක් ​නම් ඔයාට පුළුවන් ඔයා බලන්න කැමතිම ෂානරයේ ෆිල්ම් ලිස්ට් පීරලා, හොඳ ෆිල්ම්ස් ටිකක් සෙට් කරන් එක දිගට බලන්න. ඔය කොටස් දෙක තුනකින් සමන්විත සුපිරි ෆිල්ම් තියෙන්​නේ, උදාහරණෙකට කිවුවොත් “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්”, “බැක් ටු ද ෆියුචර්”, “මෑඩ් මැක්ස්”, ”හැරී පොටර්” වගේ එව්වා. අන්න ඒ වගේ ඒවා බලන්නත් මේක නියම දවස් ටිකක්.

ඊට අමතරව කොමික් ලෝලී සහ කොමික් ගැන ලොකුවට උනන්දු නැති කෙනෙක්ට වුණත් කරන් පුළුවන් මරු වැඩක් තියනවා. ඒ තමයි මාවල් චිත්‍රපටි විශ්වයේ ෆිල්ම්ස් පිළිවෙලට බලලා ඉවර කරන එ​ක. බලලා තියන කෙනෙක්​ට ඒවා ගැන මතක අලුත් කරගන්නත් මේක කියාපු කාලයක්.

2. ටීවී සීරීස්

හවසට වැඩ ඇරිලා ඇවිත් යාන්තම් එපිසෝඩ් එකක් දෙකක් බල බල ඇදපු ටීවී සීරීස් එක දිගට බලලා ඉවර කරන්න මේ කියාපු කාලයක්. සීසන් එකක් වුණත් එක දවසින් බලලා ඉවර කරන්​න බැරි නැහැනේ. ඒ නිසා තමන් කැමති ෂානරයකින්, තමන් බලන්න කැමති ටීවී සීරීස් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් එක එපිසෝඩ් එකක් ඉවර වුණාට පස්සේ ඊළඟ එකත් එවෙලේම බලන්න තරම් කුතුහලය ඇති කරන වර්ගයේ සීරීස් එකක් තමයි මේකට මරුවටම ගැලපෙන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් ඔලුවේ ස්ට්‍රෙස් එක නැති කරන කොමඩි සීරීස් එහෙමත් මරු.

3. බියුටි වැඩ

මේකට ගැහැණු පිරිමි භේදයක් තියෙන්න ඕනේ නැහැ. කොහොමත් ගෙවල් ඇතුළෙනේ ඉන්නේ. අනික හදිසියේ සිදුවන අමුත්තන්ගේ කඩා වැදීමුත් මේ දවස්වල අඩුයි​නේ. ඒ නිසා කොල්ලෙක්ට වුණත් නෝන්ඩියක් නැතිව ෆේස් පැක් එකක් එහෙම දාගෙන රිලෑක්ස් එකේ ඉන්න පුළුවන්. අපේ ලයිෆී සයිට් එකෙනුත් අපි ෆේස් පැක් සහ බියුටි වැඩ ගැන ආටිකල් ඕනෑ තරම් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ “සෞඛ්‍යය සහ රූ සපුව” කියන කැටගරිය යටතේ ඒ ආටිකල් ඔබට හොයලා කියවන්න පුළුවන්. ඉතින් අවුවෙන්, දූවිල්ලෙන් ආරක්ෂා වෙලා ගෙවන මේ දවස් කීපය හොඳ ස්ක්‍රබ් එකක්, ෆේස් පැක් එකක්, ෆේෂල් මසාජ් එකක් එහෙම දාගෙන පෙනුම ටිකක් ඔප් නංවාගන්න යොදාගන්න.

4. ලියන්නා ඇහැරගමු

ලියන එකත් මේ දවස්වල කරන්න පුළුවන් සුපිරි වැඩක්. මේකට අපිට මහා සාහිත්‍ය උණක් තියෙන්න ඕනෙ නැහැ. හිතේ තියන අදහස් ෆේස්බුක් ස්ටේටස් හැටියට හරි ලියලා එළියට දාන්නයි තියෙන්නේ. ඊට වඩා ටිකක් සීරියස් ලිවිල්ලකට වුණත් මේ දවස් මරේ මරු. තමන්ගේ හිතේ පැළ වෙලා තිබ්බ කෙටි කතාවක්, නව කතාවක්, බ්ලොග් සටහනක්, ෂෝට් ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලියන්න පටන් ගන්න මේ පාළුවේ ගෙවෙන කාලය යොදාගන්න පුළුවන්. කවියක් දෙකක් ලියන්නත් මේ ගතවෙන කාලය හොඳයි.

5. චෙෆ් විබාගෙ පාස් කරමු

තමන් කැමති කෑම බීම වර්ග අත්හදා බලන්න ​මේ තරම් හොඳ කාලයක් තව කොහෙද? වෙලා​ව නැති හින්දා හදන එක කල් දදා හිටපු කෑම, කාලයක් තිස්සේ හදන්න ඕනිය කියලා සේව් කරන් හිටපු රෙසිපි එහෙම ගොඩ දාගන්න මේ දවස් ටික මරු. කොල්ලන්ට වුණත් මේ කාරණාව අදාළයි. පොඩි කටගැස්මක් දෙකක් වුණත් හදාගන්න පුරුදු වුණොත් ඒක අනාගතයටත් වාසියක් වේවිනේ. එහෙම නැතත් අවුරුදු විස්සක් විතර වෙද්දී කවුරුත් හදන්​න දැන කියාගත යුතු කෑම රෙසිපි ටිකක් පුරුදු වෙන්නත් මේ දවස් ටික ​හොඳටම ගැලපෙනවා.

මෙන්න මේ දේත් හැබැයි කියන්න​ම ඕනෙ. ඒ තමයි හදිසි අවස්ථාවකට කියලා ගෙදර ගෙනල්ලා ගොඩ ගහලා තියන කන බොන අමුද්‍රව්‍ය නාස්ති ​නොකර මේ වැඩේ කරන්න​ය කියන එක.

6. කියවමු

අවුරුද්දක් තිස්සේ බුක් ෆෙයාර්, බුක් ලෝන්ච් වල කරක් ගහලා රාක්ක පුරෝලා ප්‍රදර්ශනේට තියලා තියන පොත් ඔළු ඇතුළට බස්සගන්නත් මේ දවස් තරම් සුදුසු වෙනත් කාලයක් නෑ. ඒ නිසා තමන් කැමති පොත් ටිකකින් වැඩේ පටන් අරගෙන කියෝගෙන කියෝගෙන යන්න තමයි තියෙන්නේ. අර ඉස්ස​ර ගෙදර නිදහසේ හිටපු කාලේදි වගේ පොතක් දවසින් කියවලා ඉවර කරන්න වුණත් බැරි නැහැනේ මේ දවස්වල. කවුද දන්නේ මේ කරදර දවස් ඉවර වෙද්දී ඔයාගෙ පරණ විනෝදාංශය වෙච්ච පොත් කියවීමට ඔයා ආයෙමත් ඇබ්බැහි වෙලා ඉඳීවිද කියලා.

අනිත් එක දැන් ඉතින් කියවීම කිවුව​ම පොත් විතරක්ම නෙමෙයි, අන්තර්ජාලයෙනුත් ඕනෑ තරම් වැදගත්, රසවත් දේවල් කියවන්න පුළුවන්. අපේ ලයිෆී වෙබ් අඩවිය ගත්තහමත් විවිධ රසයන්ගෙන් යුතු ලිපි 2,500කට ආසන්න ප්‍රමාණයක් ඔයාට කියවන්න පුළුවන්.

7. ජීවිතේ අරමුණු ගැන හිතන්න

උදේම ඇහැරිලා, වැඩට ගිහිල්ලා, හවස මහන්සි පිට ගෙදර ඇවිල්ලා, ආයෙත් මොනව හරි කාලා බීලා ඇඳට වැටිලා, ආයෙත් පහුවදා රාජකාරියට පිටත් වෙච්ච රේස් එකට පොඩි හරි බ්‍රේක් එකක් ලැබිලා තියෙනවා. පොඩ්ඩක් නිස්කාන්සුවේ හිතන්නත් වෙලාවක් ලැබිලා තියනවා ඒ කියන්නේ. ඉතින් හැමදාම රැකියාවේ වහලෙක් වෙලා ගෙවිලා යනවාය කියලා හිතපු ජීවිතේ ගැන පොඩ්ඩක් රිලැක්ස් එකේ හිතන්න මේ වෙලාව ඉතාම වටිනවා. තමන් ගෙවන ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? රැකියාව පැත්තෙන්, තමන්ගෙ සම්බන්ධකම් පැත්තෙන් වෙන්න ඕනෙ දේවල් මොනවද? ජීවිතේ විඳින්න කරන්න ඕනෙ වෙනස්කම් මොනවද? අනාගතේ කොහොම තැනක ඉන්නද බලාපොරොත්තු වෙන්නේ, තමන්ගෙන් අනිත් අයට ඉටුවිය යුතු යුතුකම් මොනවද වගේ දේවල් ගොඩක් ගැ​න හිතන්න මේ කාලය යොදාගන්න පුළුවන්

8. ගේමින්

ගොඩක් හාඩ්කෝර් ගේමර්ස්ලාට රස්සාවත් එක්ක ගේමින් ටිකක් එපා වෙනවා. මොකද එක දිගට ගේම්ස් ගහන්න වෙලාව නැහැනේ. ඉතින් දැන් ඒ අයට ආයෙමත් ඇවිත් තියනවා පොඩි හරි විවේක කාලයක්. ප්ලේ ස්ටේෂන් එකක් වගේ තියන කෙනෙක්ට නම් මේ වෙලාවේ ඒකේ වටිනාකම කියලා නිම කරගන්න බැහැ. එහෙම නැති වුණත් හොඳ මට්ටමක ගේමක් ගහගන්න පුළුවන් මට්ටමක පීසී එක හෝ ලැප්ටොප් එක තියනවනම් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ආතල් එකක් ගන්න මේ දවස්වල පුළුවන්. යාළු මිත්තරයන්ගෙ ආස්සරේත් මේ ටිකේ අඩු එකේ කට්ටිය එක්ක සෙට් වෙලා ෆෝන් එකෙන් සෙල්ලම් කරන්න පුළුවන් මල්ටිප්ලේයර් ගේම්ස් ටිකක් ගහන්නත් මරු කාලය මේක.

අපි ඉහතින් කිවුවේ මේ ගෙවෙන දවස්වල ඔළුව අවුල් කරගන්නේ නැතිව, විනෝදෙන්, මනසටත් ව්‍යායාමයක් ලැබෙන විදිහට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැනයි. මේවාට අමතරව ඔබට දැන් තවත් ඉතාම වටිනා අවස්ථාවක් ලැබිලා තියනවා. ඒ තමයි තමන්ගේ පවුලේ උදවිය එක්ක වැඩි කාලයක් ගත කරන අවස්ථා​ව. ඉතින් මේ ලැබුණු කාලය ​ෆේස්බුක් එකේ අප්ඩේට් බලන්නම වැය නොක​ර, පවුලේ බැඳී​ම සහ විනෝද​ය වෙනුවෙනුත් වැය කරන්න කියලා අපි මතක් කරන්න කැමතියි!
gossip lanka