මාරාන්තික කොරෝනා මර්දනය කරන දේශීය හා පාරම්පරික ඖෂධ

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති මාරාන්තික කොරෝනා වෛරස රෝගය සඳහා මේ වන විට සෑම වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් මගින් නිසි ඖෂධයක් සොයාගැනීමේ උත්සාහයක නිරතවේ. ශ්වසන පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන මෙම රෝගය නිසා මියයන්නේ නියුමෝනියාව හා සමාන රෝග තත්ත්වයට පත්ව හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා යැයි වෛද්‍යවරු පවසති. ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් මෙම රෝගය වැළඳෙන බවටද වෛද්‍යවරු අනතුරු අගවති.

වෛද්‍යතුමනි මෙම කොරෝනා වෛරස රෝගයට දේශීය හා පාරම්පරික ඖෂධ තිබේද?

මෙම රෝගයට වෛරස් රෝගයක් කියා පැවසුවද අප දේශීය හා පාරම්පරික වෛද්‍ය ක‍්‍රමයට අනුව මෙවැනි රෝග වලට පවසන්නේ මුර උණ යැයි කියාය. පැපොල, සරම්ප, ඩෙංගු, සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී රෝග ඊට නිදසුන් ලෙස දැක්විය හැකියි.

මෙම රෝග සුවවීමට ගතවන කාලය අනුව තුන්දා උණ, හත්දා උණ ලෙසින් හඳුන්වනවා.

මෙම කොරෝනා රෝගයත් මුර උණකි. මෙහි රෝගකාරකය දින දාහතරක් ශරීරය තුළ සක‍්‍රියව පවතිනවා. එම කාලය තුළ ශරීරයේ ක‍්‍රියාකාරීව සිටින වෛරසය පෙනහළු ආක‍්‍රමණය කර එහි ඇති හුස්්ම ගැනීමට උපකාරීවන ගර්ථවල සෙම තැන්පත්් කරනවා.

එවිට හුස්ම ගැනීමට බාධා ඇතිවීමෙන්  රෝගියා මරණයට පත්වෙනවා. මෙම තත්ත්වයට සෑම  රෝගියෙක්ම පත්වන්නේ නැහැ. ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්ට තමයි මෙම මාරාන්තික බව ඇතිවන්නේ. ප‍්‍රතිශක්තිය කියන්නේ ශරීරයට බාහිරින් ඇතුළුවන විෂබීජවලට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවයි. මෙම හැකියාව විවිධ රෝග නිසා දුර්වල වෙනවා.

නිදසුනක් ලෙස දියවැඩියාව, පිළිකා වැනි රෝග නිසා ශරීරයේ ඇති ප‍්‍රතිශක්තිය දුර්වල වෙනවා.

එහෙනම් අප මුලින්ම කළයුත්තේ පුද්ගලයාගේ ශරීර ප‍්‍රතිශක්තිය වැඩිකිරීමයි.

වෛද්‍යතුමනි ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි ප‍්‍රතිකාර මොනවාද?

ඒ සඳහා අප දේශීය වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමය තුළ ඕනෑ තරම් ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගවලින් ආරක්ෂාවීම සඳහා පෙරුම්කායම් සහ වදකහ එකට මිශ‍්‍රකර අඹරා ගුලියක් අතේ හෝ බෙල්ලේ බැඳීම කළ හැකියි.

එහිදී මෙය බෙල්ලේ බැඳීම මගින් හුස්ම ගන්නාවිට ශරීරයට ඇතුළුවිය හැකි විෂබීජ ඉතා ඉක්මණින් විනාශ වෙනවා.

එසේම පෙරුම්කායම් සහ වදකහ මගින් වේලීමක් ඇති කරන නිසා පෙනහළුවල ඇතිවන අසාමාන්‍ය තෙත්බව නැති කරගත හැකියි.

දෑත් පිරිසිදු කරගැනීමේදී සබන් වලට අමතරව සුදු හඳුන් කල්කය හෝ කුඩු වෙනිවැල්ගැට මිශ‍්‍ර ජලය හෝ එළකිරි භාවිතා කළ හැකියි.

මුහුණ සේදීමේදී එළකිරි සමග සුදු හඳුන් කුඩු මිශ‍්‍ර කර භාවිතා කළ හැකියි.

වෙනිවැල්ගැට මිශ‍්‍ර කර තම්බාගත් උණු ජලය මගින් සහ ශරීරය පිරිසිදුකර ගැනීම කළ හැකියි.

තමා අවට පරිසරය විෂබීජවලින් ආරක්ෂා කරගැනීම සඳහා වදකහ සහ කොහොඹ කොළ කුඩු මිශ‍්‍ර කර පොල්කටු අගුරු වලින් දුම් ඇල්ලීම කළ හැකියි. එසේම මදුරුතලා, වදකහ සහ කොහොඹ කොළ කුඩු මිශ‍්‍ර කර පොල්කටු අගුරු වලින් දුම් ඇල්ලීමත් හොඳයි.

කුප්පමේනියා, පෙරුම්කායම්, අගිල්, ගුගුල්, දේවදාර, මදුරුතලා, වදකහ සහ කොහොඹ තෙල් මිශ‍්‍ර කර පොල්කටු අ`ගුරුවලින් දුම් ඇල්ලීමත් කළ හැකියි.

ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා යකිනාරං, එළබටු දලූ, වැල් තිබ්බටුකොළ, ගොටුකොළ, පොල්පළා, මොණරකුඩුම්බිය, කරපිංචා, මුගුණුවැන්න වැනි කැඳ වර්ග පානය ගුණදායකයි.

ඊට අමතරව නිල්කටරොලු සහ පොකුරු වදමල් තම්බා පානය කළ හැකියි.

ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට කබලේ බැද පානය කළ හැකියි.

බිංකොහොඹ, සුදුලූනු, සූදුරු සහ කලාඳුරු තම්බා පානය කිරීම හෝ කොත්තමල්ලි, කටුවැල්බටු, පත්පාඩගම්, පාවට්ටා මුල්, දේවදාර සහ එළබටුමුල් එකට මිශ‍්‍රකර තම්බාපානය කළහැකියි.

කොත්තමල්ලි අමුවෙන් තම්බා දිනකිහිපයක් පානය කර පසුව කබලේ බැද පානය මගින් පෙනහළුතුළ ඇති සෙම ඉවත් කරගත හැකියි.

කංසා කුඩුකර දුම හෝ පාවට්ටා කොළ දුම පානය මගින් පෙනහළුවල ඇති සෙම ඉවත් කිරීම මෙන්ම එහි ක‍්‍රියාකාරීත්වය ද ශක්තිමත් වෙනවා.

මදුරුතලා සහ සුදුලූනු එකට කොටා තම්බා පානය හෝ යුෂ මීපැණි සමග මිශ‍්‍රකර දොඩම් ඇඹුලෙන් පානය මගින්ද ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩිකළ හැකියි.

මේ අනුව අපට කොරෝනා නෙමෙයි ඕනෑම ආසාදන රෝගයකින් බේරෙන්න අවශ්‍ය ඖෂධ සහ ප‍්‍රතිකාර අපගේ දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ තිබෙනවා.
gossip lanka