මව්කිරි දීමෙන් දරුවාගේ මොළය වර්ධනය වේ !

මෙලොවට බිහිවන සෑම දරුවකුම සොබාදහමෙන් ලද අමිල දායාදය මව්කිරිය. දරු පැටියාට නිරෝගීව ශක්තිමත්ව බුද්ධිමත්ව වැඞීමට අවශ්‍ය නියම සංයුතියෙන් යුතු හොඳම ආහාරය මව් කිරිය. එබැවින් මව්කිරි මෙතරම් වැදගත් වන්නේ ඇයි යන්න ගැන ලිපිය තුළින් සාකච්ඡුා කරන්නෙමු.


මව්කිරි දීමට අදාළව ලංකාවේ ක‍්‍රියාත්මක වන නිර්දේශ මොනවාද?

* බිලිඳා ඉපදී පැයක් ගතවීමට පෙර මව්කිරි දීම අරඹන්න.

* මුල් දින දෙක තුළ මව්කිරි (කොලෙස්ට‍්‍රම්) අනිවාර්යයෙන්ම ලබාදෙන්න.

* පළමු මාස 6 පිරෙන තෙක් (දින 180) මව්කිරි පමණක්ම ලබාදෙන්න.

* මාස හයෙන් පසු අමතර ආහාර ද සමඟ මව්කිරි ලබාදෙන්න.

* දරුවාට අවුරුදු දෙකක් පිරෙන තෙක් මව්කිරි ලබාදෙන්න.

* දරුවා සනසන අස්වසන සූප්පු වැනි දෑ නොදෙන්න.

* මව්කිරි දීමට කාලසටහනක් තබා නොගන්න. දරුවාගේ ඉල්ලූමට අනුව කිරි ලබාදෙන්න.

* රාත‍්‍රියට මව්කිරි දීම නොකඩවාම සිදුකරන්න.


මව්කිරි මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

* දරුවාගේ ශරීර වර්ධනයට සේම මොළයේ වර්ධනයට අවශ්‍ය සියලූ පෝෂක සංඝටක අඩංගු ලොව ඇති එකම ආහාරය වේ.

* මිනිස් මොළය හා සිරුර ප‍්‍රශස්ථව වැඩිවීමට අවැසි වන මේද අම්ල වර්ග 12 හා විවිධ සංයෝග 100 ක් පමණ මව්කිරෙහි අඩංගුය.

* සැමවිටම මව්කිරි නැවුම් සහ නියමිත උෂ්ණත්වයේ පවතී.

* පහසුවෙන් දිරවන සුලූ සහ දරුවාගේ ජීරණ පද්ධතියේ ක‍්‍රියාවන් ක‍්‍රමානුකූල කරයි.

* දරුවා ආසාදනවලින් ආරක්‍ෂා කරයි. පාචන රෝග, සෙම් රෝග, සෙම්ප‍්‍රතිශ්‍යාව, ඇදුම, දියවැඩියාව, කනේ ආසාදන, සමේ ආසාදන, හෘද රෝග, අධි රුධිර පීඩනය, අධික තරබාරුව සහ මුත‍්‍රා ආසාදනවලට ගොදුරුවීමේ අවදානම අඩුය.

* දත් දිරායෑම අඩුය. මුහුණේ මංශපේෂී සහ මුඛ කුහරය හොඳින් වැඬේ.

* මවත්, දරුවාත් අතර ජීවිත කාලය පුරාවට පවතින දැඩි මානසික බැඳීමක් ඇතිවේ.

* සූප්පු බෝතල්වලින් පිටිකිරි බිවු දරුවන්ට වඩා මව්කිරි බී වැඩුණු දරුවන්ගේ බුද්ධි ඵලය (ෂූ අගය) ඒකක අටකින් වැඩිය.

* මවට පියවුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා සෑදීම සහ පසුකාලීනව අස්ථි දුර්වලවීමේ රෝග තත්ත්ව සෑදීමේ අවදානම අඩුය. මව් සිරුරේ අනවශ්‍ය මේද දිය වී යන නිසා සිරුරේ හැඩය රැකගැනීමට, තරබාරුව අඩුකිරීමට හේතු වෙයි.

* මවට ජීවිතයේ මෙතෙක් නොලද සතුටක් සැනසීමක් සමඟ මවක වීමේ අභිමානය ලබාදේ.

* පවුලේ වියදමට බලපෑම් නැත. සකසා ගැනීමට කාලය ශ‍්‍රමය වැය නොවේ.

* දරුවා සමඟ ගමන් යනවිට ළදරු ආහාර පිළිබඳ වධ විය යුතු නොවේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී, සෙනෙහස සංවිධානයේ නිර්මාතෘ ශ්‍යාමලී පතිරගේ
gossip lanka