කුකුල් මස් වැඩිපුර කෑවොත් ෆැටී ලිවර් හැදෙන්න පුළුවන්ලු

කුකුල් මස් බහුලව ආහාරයට ගන්නා පිරිස් අක්මාව ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරුවීමේ වැඩි අවධානමක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වෙයි.

මධ්‍යසාර බලපෑමකින් තොරව, අක්මාවේ මේදය තැන්පත් වීමේ Fatty Liver තත්ත්වයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේදී සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි වී ඇත.
ශාඛමය ආහාරවලට වඩා සත්ත්ව මාංශ ආශ්‍රයෙන් (කුකුල් මස්, කලුකුම් මස්) සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගැනීමට උනන්දුවක් දක්වන අයට මෙවැනි Fatty Liver රෝගී තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 54%ක් බව එම පර්යේෂණය කියයි.

රොටර්ඩෑම් හි එරස්මුස් එම්.සී. විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සර්වා දර්විශ් මුරාඩ් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙය සිදුකර තිබේ.

මෙම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඇට වර්ග, එළවළු සහ මාළු ආදී ආහාරවලින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් තම සිරුර වෙත ලබාගැනීමට මෙම පර්යේෂණ නිගමනය ඔස්සේ මිනිසුන් තුළ උනන්දුවක් ඇති කරනු ඇති බවයි.
gossip lanka