ආහාර වේලක්‌ ගත් පසු පැය කිහිපයකින් නිදිමත ඇති වෙනවාද?

කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත් වළක්‌වගන්න බැහැනේ. මේක ලෙඩක්‌ද දන්නේ නැහැ.

 ඇතැම් දෙනා දවසේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ, දවල් සහ රාත්‍රි ආහාර ගත් පසු පැයකින් දෙකකින් මතුවන නිදිමත ගැන එසේ පවසති.

 ඇත්තටම මෙය ලෙඩක්‌ද? අපි ඒ ගැන විමසා බලමු. වෛද්‍යතුමනි,
ඇතැම් පුද්ගලයන් දවසේ ප්‍රධාන ආහාර වේලක්‌ ගත් පසු නිදිමත හෝ ක්‌ලාන්ත ගතියක්‌ ඇතිවන බව පවසනවා. ඊට හේතුව කුමක්‌ද?

 යම් පුද්ගලයකුට දවසේ ප්‍රධාන ආහාර වේලක්‌ ගැනීමෙන් පසු හෝ අධික සීනි සහිත පානයක්‌ ගත් විට පැය 2 ක්‌ 3 ක්‌ වැනි කාලයකදී නිදිමත කැරකිලි සහිත බව හෝ ක්‌ලාන්තය බවක්‌ දැනෙනවා නම් එය වෛද්‍ය පරීක්‍ෂාවට ලක්‌කර ගත යුතු කරුණකි. එවැනි පුද්ගලයෙක්‌ ආහාර වේලක්‌ ගත් පසු මෙවැනි තත්ත්වයකට පත්වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාසයෙන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉන්සියුලින් හෝමෝනය නිපදවන නිසාය. මෙය රෝගී තත්ත්වයකි. (Reactive Hypoglycaemia)

 මේ සඳහා හේතුවී ඇත්තේ ඔවුන්ගේ ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝනයට විරුද්ධව ප්‍රතිරෝධයක්‌ පැවතීමයි.

 Insiyulin Resistance

 මෙම ප්‍රතිරෝධය මැඩ පැවැත්වීම සඳහා අග්න්‍යාසය මගින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්සියුලින් නිපදවනු ලබනවා.

 වෛද්‍යතුමනි, මෙම රෝග තත්ත්වය බහුලව දැකිය හැක්‌කේ කුමන වයසේ පුද්ගලයන් අතරද?

 මෙය බහුලවම දැකිය හැක්‌කේ මැදිවියේ පසුවන පුද්ගලයන් සහ තරබාරුවෙන් පෙළෙන පුද්ගලයන් අතරය.

 මෙම ඉන්සියුලින් ප්‍රතිරෝධයේදී සිදුවන්නේ සිරුරට වැඩිපුර සීනි සහිත ආහාර එක්‌වූ විට ඒවා ඉතා ඉක්‌මනින් ජීර්ණය කිරීම සඳහා අග්න්‍යාසය මගින් වැඩිපුර ඉන්සියුලින් නිපදවීමයි. ඒ සඳහා අග්න්‍යාසයේ ඇති බීටා සෛල වැඩිපුර ක්‍රියා කරනවා. ඊeඒ ජැකක Eංය්මඑසදබ

 එවිට පුද්ගලයකු සීනි සහිත ආහාරයක්‌ ගත් විට එය පැය 3 ක්‌ 4 ක්‌ වැනි කාලයකදී සම්පූර්ණයෙන් ජීර්ණය වීම නිසා රුධිරයේ පැවැතිය යුතු සීනි මට්‌ටම පහළ යනවා.

 එවිට නිදිමත, ක්‌ලාන්තය, කරකැවිලි සහිත බව වැනි අපහසුතා මතුවෙනවා.

 වෛද්‍යතුමනි මෙවැනි අවස්‌ථාවකදී රුධිරයේ සීනි මට්‌ටම ඉහළ නංවා ගැනීමට සීනි අධික ආහාරයක්‌ ගැනීම කළ හැකිද?

 ඔය වරද තමයි මෙවැනි පුද්ගලයන් සෑම කෙනෙක්‌ම කරන්නේ. රුධිරයේ සීනි මට්‌ටම අඩු වූ විට එය ඉහළ දමා ගැනීමට නැවත වරක්‌ සීනි අධික ආහාරයක්‌ ගනු ලබනවා.

 ඉන් සිදුවන්නේ නැවත වරක්‌ අග්න්‍යාසය මගින් අධික ලෙස ඉන්සියුලින් නිපදවීමයි. එසේ වූ විට නැවත වරක්‌ රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පහළ යැමයි. එවිට නැවත වරක්‌ එම පුද්ගලයා සීනි සහිත ආහාරයක්‌ ලබා ගන්නවා. මෙලෙස දිගින් දිගටම සිරුරට සීනි අධික ප්‍රමාණයෙන් යුත් ආහාර ගැනීම නිසා ඊට එම පුද්ගලයා ඇබ්බැහි වෙනවා.

 එවිට එම පුද්ගලයා තරබාරුවී ඉන්සියුලින් ප්‍රතිරෝධය තව තවත් වැඩිවෙනවා. මෙලෙස කාලයක්‌ යන විට එම පුද්ගලයා අධික තර බාරුවටත් දියවැඩියා රෝගයටත් ගොදුරු වෙනවා.

 වෛද්‍යතුමනි එසේනම් මෙවැනි පුද්ගලයන් ගත යුතු නිවැරදි ප්‍රතිකාරය කුමක්‌ද?

 මෙවැනි පුද්ගලයන් වඩාත් සුදුසු වන්නේ තන්තු වැඩිපුර සහිත ආහාර, කොළ පැහැති එළවළු වර්ග සහ පලා වර්ග සහිත මිශ්‍ර ආහාර වේලක්‌ (ඵසංed පැaක) ගැනීමයි. මෙම ආහාර වේලට ප්‍රොaටීන් එක්‌කර ගැනීම සඳහා මාළු, බිත්තර ආදිය එක්‌කරගත හැකියි. ප්‍රධාන ආහාර වේල් දෙකක්‌ අතර සීනි අධිකව අඩංගු නැති කුඩා ආහාර වේලක්‌ ගත හැකියි. ඒ සඳහා පේර කැබැල්ලක්‌, කොළ පැහැති ඇපල් කැබැල්ලක්‌, බිස්‌කට්‌ 2 ක්‌ වැනි කුඩා ආහාර වේලක්‌ ගැනීම සුදුසුයි. තරබාරු පුද්ගලයන් වෛද්‍ය උපදෙස්‌ මත සිරුරේ ස්‌ථූල බව අඩුකර ගැනීම සඳහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුයි.

 ආහාර පාලනයට අමතරව ඇවිදීම ව්‍යායාම වල යෙදීම, ආදිය මගින් පවතින රෝග තත්ත්වය පාලනය කරගත හැකියි.
gossip lanka