අර්තාපල් දෛනිකව ආහාරයට ගන්නවාද? එහෙනම් ඔබේ ජීවිතේ අනතුරේ

වර්තමාන සමාජයේ බොහෝවිට ගොදුරුවන්නේ බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවලටයි. එයට හේතුවන්නේ වස විස පිරි ආහාර පරිභෝජනයට මිනිසුන් හුරුවීම නිසයි.

මේ ලිපියෙන් කියවෙන්නේ වස විසෙන් පිරි ආහාර ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන අර්තාපල් අල ගැනයි.
අර්තාපල් අල බොහෝවිට අපගේ දෛනික ආහාර වේලට එකතුවෙනවා. අර්තාපල්වලට වෙළෙඳපොලෙත් අධික ඉල්ලුමක් පවතිනවා.

නමුත් මෙහි ඇති භයානකකම වන්නේ අර්තාපල් වගාව දිලීර ආසාදනවලට ඉක්මණින් ගොදුරු වෙනවා. ඒ හේතුව නිසා වගාකරුවන් අර්තාපල් වගාවට පොහොර හා පළිබෝධ නාශක ඉතා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා.

තවද මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙන්නේ අල වගාකරුවන් නියමිත මාත්‍රාවලට වඩා දස ගුණයකින් වැඩි රසායනික පොහොර හා පළිබෝධ නාශක ප්‍රමාණයක් තම අර්තාපල් වගාවට භාවිතා කරන බවයි. එමගින්ම පැහැදිළි වෙනවා අර්තාපල්වල කොතරම් වස ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද කියලා.

දියවැඩියාවට ද මූලිකවන ප්‍රධාන ආහාරයක් තමයි මේ අර්තාපල් කියන්නේ.

මේ පෝෂ්‍ය ගුණයෙන්ද අඩු අර්තාපල්වලට වඩා අපේ රටේ ඕනෑම ප්‍රදේශයකින් සොයා ගන්න පුළුවන් රසවත් හා ගුණවත් දේශීය අල වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා.

බතල, මඤඤොක්කා, කිරි අල, වැල් අල වැනි බොහෝ අල වර්ග අපට කිසිඳු භයක් සැකයක් නොමැතිව ආහාරයට ගන්න පුළුවන්. මේ අලවර්ග වල බොහෝ ප්‍රමාණයක් විටමින් ද ඇතුලත් වෙනවා.

අර්තාපල් අලවලින් හැකි තරම් ඈත්වී සිටිමට හැකිවේ නම් ඔබේ පවුලේ නීරෝගීභාවය ආරක්ෂා කරගැනීමට හැකිවේවි.
gossip lanka