ඔබ ජීවත්වන ප්‍රදේශය අනුව ෂැම්පු තෝරා ගන්න ඕනෑ

මොනර පිලක් බඳු කෙස් කලඹක් කාන්තාවකට ආභරණයකිග කෙස්වලට සත්කාර කිරීමට පෙර ඒ පිළිබඳ මනා දැනුමක් ලබා තිබීම අප කොයි කාටත් වැදගත් වේග සම තුළ රෝම කූපය ගිලී පවතීග එලෙසින් ගිලී පවතින කොටස කේෂ මූලය ලෙස හඳුන්වයිග අප හිසකෙස්වලට ප්‍රතිකර්ම කිරීමට පෙර එම කෙස් තෙල් සහිතල වියළි හෝ සාමාන්‍ය කෙස් කලඹක්දැයි හඳුනා ගත යුතුයි
පසුගිය පාඩමෙන් නිවැරැදිව කෙස් කලඹ පීරන ආකාරයත් නිවැරැදිව හිසකෙස් ෂැම්පු කරන ආකාරයත් ඉදිරිපත් කළාග ෂැම්පු කිරීමෙහි හා කන්ඩිෂනර් කිරීමෙහි වැදගත්කම කුමක්දැයි අපි සොයා බලමු

ෂැම්පු භාවිතයේ දී අපගේ හිසකෙස් වර්ගය අනුව ෂැම්පු තෝරා ගත යුතුයග වෙළෙඳපොළේ ඇති නොයෙකුත් වර්ගවල ෂැම්පු භාවිතයෙන් හිසකෙස් ගැළවී යාමටල පළුදු වීමටල හිසකෙස් වියළි භාවයට පත් වීමට හැකියාව ඇත

වියළි කලාපයේ ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන්ගේ හිසකෙස් තඹ පැහැයට හුරු වන්නේ එම ප්‍රදේශවලට පතිත වන හිරු රශ්මිය වැඩි නිසයිග එබැවින් එම පළාත්වල ජීවත් වන පුද්ගලයන් ෂැම්පු භාවිත කිරීමේ දී ප්‍රෝටීන් අඩංගු ෂැම්පු තෝරා ගැනීම වැදගත් වේ

හිස් කබලේ හා හිසකෙස්වල රැඳී ඇති තෙල්ල කුණුල දූවිලි ආදිය ඉවත්කර හිසකෙස් පිරිසුදු කිරීමට ෂැම්පු භාවිත කරයි

හිසකෙස්වල වියළි බව අඩු කරමින් දිදුලන බවක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් ම කන්ඩිෂනර් භාවිත කළ යුතුයග කන්ඩිෂනර් භාවිත කිරීමෙන් ෂැම්පු දැමීමෙන් හිසකෙස්වල විවෘත වූ ක්‍යූටිකල් වැසීම මෙන්ම කෙස්ගසට ආරක්ෂාවක් ලබා දීමල දීප්තිය ලබා දීම සිදු කරයිග කන්ඩිෂනර් හිසකෙස්වලින් සම්පූර්ණයෙන් ම සෝදා හැරීම සුදුසු නැත

හිසකෙස් සෝදා තෙත කොණ්ඩයෙහි තුවාය ඔතන පිළිවෙළ ද ඔබ ඉගෙන ගත යුතුය

මෙය ටවල් ටර්බන් දැමීම ලෙස ද හඳුන්වයිග පහත දැක්වෙන ඡායාරූපවලින් අනුපිළිවෙලින් දක්වා ඇත්තේ නිවැරැදිව තෙත කොණ්ඩයෙහි තුවාය ඔතන පිළිවෙළයි

ෆ හිසකෙස්වල තෙල් ගැල්වීම

නිවෙසේ දී හිඳ ගන්නා පොල්තෙල් හිස ගැල්වීමට වඩාත් ම උචිත තෙල් වර්ගයයිග උළුහාල්ල මුගුණුවැන්නල කීකිරිීඳිය කොළ ස්වල්පයක් ආදිය එම තෙල්වලට මුසු කිරීමෙන් එයට ඖෂධීය ගුණයක් ද ලබා ගත හැකිය

හිසට දැමීමට පළමුව තෙල් මඳක් රත්කර එයට විටමින් ඊ කරලක් දමන්නග පසුව ඇඟිලි තුඩුවලින් තෙල් ගෙන හිස් කබලෙහි ගල්වා ඇඟිලි තුඩුවලින් හිස් කබල මෘදුව සම්බාහනය කරන්න

විනාඩි 10 ක පමණ වේලාවක් මෙසේ කිරීමෙන් අනතුරුව ෂවර් කැප් එකකින් හිස ආවරණයකර උණුසුම් වතුරෙන් පොඟවා ගත් තුවායක් එයට උඩින් ඔළුවෙහි ඔතන්නග එවිට රෝමකූප විවර වී තෙල් සමට උරා ගැනීමක් සිදු වේග :ෂවර් කැප් එකක් නොදමා තෙත තුවාය හිසෙහි එතීම සුදුසු ක්‍රියාවක් නොවේග- මෙසේ විනාඩි 5 ජ් 10 ක් පමණ තිබෙන්නට හැර පසුව ෂැම්පු යොදා හිස සෝදන්නග ඉන්පසුව කෙස් කලඹ කන්ඩිෂනර් කරන්න
gossip lanka