ඔබෙත් ඉස්සර තිබුන කොණ්ඩය දැන් ගිහිල්ලද? එහෙනම් මේ දේවලුත් දැන ගන්න

ඔබෙත් ඉස්සර තිබුන කොණ්ඩය දැන් ගිහිල්ලද? එහෙනම් මේ දේවලුත් දැන ගන්න

“අනේ බලන්න, මගේ කොණ්ඩෙ  හැටි. තියෙන  කෙස් ගස් දෙක තුනත් යනවා. මට එපා වෙනවා මේ කොණ්ඩෙ දැක්කම. ”
ඔයත් හැමදාම ඔයාගෙ යාළුවො එක්ක කොණ්ඩෙ ගැන කියලා දුක් වෙනවද? නැත්නම් ඔයාගෙ යාළුවො එයාලගෙ කොණ්ඩෙ යන එක ගැන ඔයත් එක්ක කියලා ලත වෙනවද? එහෙනම් මේ ලිපිය ලියන්නෙ කොණ්ඩෙ යන එකට මෙච්චර දවස් දුක් වුන ඔයාලා වෙනුවෙන්.  ඇත්තටම දිනපතා හරි හැටි ගණන් කලොත් නම් එක පුද්ගලයකුගෙන් දවසකට හිස කෙස් 80ක් 90ක් ගැලවී යාම සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයාලා අතර නම් හිස කෙස් ගැලවී යන්නෙ මෙන්න මේ නිසා කියලා හේතු ගොඩක් ඇති. සමහර උදවිය නම් කියනවා අර ෂැම්පු එක නිසා කොණ්ඩෙ ගියා, ටැප් වතුර නාන නිසා මගේ කොණ්ඩෙ යනවා කියලා ඇත්තෙන්ම මෙන්න මේ හේතු වලින් විතරක්ම හිස කෙස් ගැලවී යන්න හේතු වෙන්නෙ නෑ.
පොදුවේ හිස කෙස් ගැලවී යෑමට හේතු හා ඒවාට කල හැකි පිළියම් ගැන තමයි මම අද කියන්නෙ. ඉතින් දැන් ඔයාවත් ඔයාගෙ යාළුවාවත් මේ නිසා තවත් පසු තැවෙන්න එපා. අපි හැමදාමත් කාන්තා ඔබ දැවෙන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු ඔයාට දෙනවා. ඉතින් ඔබත් මේ දේවල් වලින් වැලකිලා හොඳ කෙස් කළඹක් ලබා ගන්න උත්සහා කරන්න.

ආතතිය.
ස්ට්‍රෙස් එක එහෙමත් නැති නම් මානසික පීඩනය, ආතතිය නිසා ඔබේ හිස කෙස් ගැලවී යන්න ඉඩ තියෙනවා. ඔබ මහන්සිවෙලා වැඩ කරන නිදහස අඩුවෙන් විදින කෙනෙක් නම් වැඩ වලටම කාලය කැප නොකර ඔයා ගැනත් ටිකක් හිතන්න. මානසික පීඩනයෙන් ඈත් වෙන්න පුළුවන් වෙන තරමට ඔයාගෙ හිස කෙස් යන එකත් නවතීවි.

ස්නානය
ඔයා නාන විටදි දෙතුන් පාරක් සබන් ගාලා කොණ්ඩෙ තදින් අතුල්ලනවද?  එය ඔබේ හිස කෙස් ගැලවී යෑමට තවත් හේතුවක් වෙන්න පුළුවන්.ඇත්තෙන්ම ඔබ නාන විටදි එක් වතාවක් පමණක් සබන් යෙදීම ප්‍රමාණවත්.
  
එක් එක් වර්ගයේ ෂැම්පු
ඔයා ඔයාගෙ හිස කෙස් සේදීමට එක ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න අද එකක් ආයේ ඊ ළඟ දවසට තව ෂැම්පු එකක් භාවිතා කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ කොණ්ඩෙ යන එක විතරයි. ඔය කාට වුනත් හොදයි බේබි ෂැම්පු වගේ මෘදු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරනවා නම්. මොකද සමහර ෂැම්පු වර්ග වලට කොණ්ඩෙ යනවා විතරක් නෙවෙයි කලු කොණ්ඩෙ සුදුත් කරනවා ඒ නිසා හැමදාටම එකම ෂැම්පු එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න.

තෙත කොණ්ඩෙ
කවදාවත් තෙත පිටින් කොණ්ඩෙ බඳින්න, පීරන්න යන්න එපා. ඒ වගේම කරන්ට් මැෂින් වල පිහිටෙන් තෙත කොණ්ඩෙ වේලන්න යන්නත් එපා මොකද හිස් කබල තෙමීලා තෙත පිට තියෙන වෙලාවක මේ දේවල් කොණ්ඩෙට කරන්න ගියොත් ඔයාගෙ කොණ්ඩෙ යන එක නම් මොනවා කරත් නවත්තන්න බැරි වේවි.
  
කොණ්ඩ විලාසිතාවන්
ඔයත් යන යන හැම තැනටම යන්න කොණ්ඩෙට වද දෙන කෙනෙක්ද? නැත්නම් එන එන හැම විලාසිතාවම ඔයාගෙ කොණ්ඩෙටත් සිදු කරනවද? එහෙනම් ඉතින් කොණ්ඩෙ යනවා කියලා අැඩුවට නම් පලක් නෑ. මොකද  ඔය හැම දේකින්ම වෙන්නෙ අලුතින් එන කෙස් ගස් ටිකත් නැති වෙන එක. ඔබගෙ කොණ්ඩෙ විලාසිතා කරන්න යොදා ගන්න එක එක කෙමිකල් වර්ග සහිත ආලේපන නිසා කොණ්ඩෙ යන්න තියෙන     ඉඩ ප්‍රමාණය වැඩියි. ඒ නිසා එන එන හැම දේම කරන්නෙ නැතුව තියෙන කොණ්ඩෙට සාත්තු කරලා ඒ  කෙස් ගස් ටිකවත් ආරක්ෂා කර ගන්න.

පෝෂණ ඌනතා හා හෝමෝන
ඔයත් කොණ්ඩෙ යන නිසා වද විදින කෙනෙක් නම්  සමබර ආහාර රටාවකට පුරුදු වෙන එක නම් හොදයි. නිතර නිතර හොද පෝෂ්‍යදායි එළවළු, පළතුරු වගේම යකඩ හා ප්‍රෝටීන් බහුල ආහාර ඔබේ කෑම වේලට එක්  කර ගන්න. ඒ වගේම DHT හෝර්මෝනය නිපද වීම අඩු කරලන කොමඩු, තක්කාලි, අඹ, ග්‍රීන් ටී, වගේ   දේවල් නිතර නිතර ඔබේ ආහාර වේලට එක් කර ගැනීම තුලින් ඔබේ හිස කෙස් යෑමේ කරදරයෙන්    ඔබටත් මිදෙන්න හැකියාව තියෙනවා..

ඔයත් අද ඉදන්ම මේ පුරුදු වලින් ඈත් වෙලා නීරෝගී කෙස්  කළඹක් ලබා ගැනීමට උත්සහාවන්ත වෙන්න.

Womanly
gossip lanka