ඔබේ ශරීරයේ ලේ කැටියක් සිරවෙලාද නැද්ද කියලා හරියටම දැනගන්න පුළුවන් ලක්ෂණ 6 ක්

ඇත්තෙන්ම ලේ කැටි ගැසීම කියන්නේ මිනිස් සෞඛ්‍යට හිතකර දෙයක්. තුවාලයක් වූ විට රුධිර වහනය නවත්වා ගැනීමට තුවාල වූ ස්ථනයේ ලේ කැටිගැසීම අනිවාර්ය වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී ශරීරයේ යම් යම් ස්ථාන අනවශ්‍ය ලෙස ලේ කැටිගැසීමක් සදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාංශපේශීවල ආසන්නයෙන් පිහිටි ඇතුළත ශිරාවල තමයි මෙලෙස ලේ කැටි ඇති වීම සිදු වෙන්නේ . මෙලෙස ඇතුළත පද්ධතියේ ලේ කැටි ගැසීමක් වුවහොත් එය ඉතා වේදනාකාරී හා භයානක තත්ත්වයක් විය හැකි බව නිව්යෝක් නුවර vein ප්‍රතිකාරක සංගමයේ ප්‍රධාන අධ්‍යක්ෂක ලුවිස් නවාරෝ මහතා පවසනවා.
මේ තත්ත්වය තවත් භයානක වන්නේ ලේ කැටිගැසුණු ස්ථනයෙන් එම කැටිය වෙන්වී පෙනහළු දක්වා ගමන් කරන අවස්ථා වලදියි. පෙනහළු දක්වා ගමන් කරන මෙම ලේ කැටිය අනෙක් අවයව සඳහා ඔක්සිජන් රැගෙන යන රතුරුධිරාණු වලට ලේ සැපයුම අඩාල කරනවා. එය පෙනහළු වලට මෙන්ම අනෙක් අවයව සඳහාද ඉතා අහිතකරයි. ඇත්තෙන්ම මෙය මාරාන්තික තත්ත්වයක්. බොහෝ පුද්ගලයන්ට මෙම අවස්ථාව කලින්ම හඳුනාගත හැකියි. ශරීරයේ ලේ කැටියක් ඇති බව හඳුනාගත් විගස ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. අද අපි ඔබට කියා දෙන්නේ ශරීරයේ කොතන හෝ ලේ කැටියක් ඇති බවට හදුනා ගත හැකි පුර්ව ලක්ෂණ 6ක් පිලිබදවයි

යටිපතුල් ඉදිමීම
යටිපතුල් ඉදිමීම හා බාහු ඉදිමීම මෙහි ප්‍රධානම ලක්ෂණයකි. ලේ කැටිය පාදය කරා ගමන් කරන රුධිර නාලිකා අවහිර කරන අතර එම ස්ථානයේ රුධිරය එක් රැස් වීම නිසා පාදය ඉදිමුමට ලක්වේ. ඔබ ඇවිදින විට පාදය දරදඬු ස්වභාවයක් ගනී. පාදය හා යටිපතුල් ප්‍රදේශය ඉතා අනම්‍යශීලී බවක් දැනෙයි. අධික ලෙස ඉදිමුණු යටිපතුල් සහ පාදයේ පැත්තක වේදනාව මූලික සාධක ලෙස දැක්විය හැකිය.

පාදයේ සහ පාදයේ මාංශපේශී වල වේදනාව
මෙහිදී ලේ කැටිගැසීමේ වේදනාව පැමිණෙනුයේ ඉදිමුම හෝ ඒ අවට රතු පැහැ වීමෙනි. නමුත් විටෙක ඉදිමුම පමණක් හෝ රතුවීම පමණක් දැකිය හැකිය. නමුත් මෙම වේදනාව මාංශපේශීවල තදවීවක් හෝ ඇඹරීමක් ලෙස වරදවා වටහාගත හකිය. එසේ වුවහොත් මෙය වඩාත් භයානක බවට පත්වේ. ඔබ ඔබේ දෙපා ඉහළ පහළ හසුරුවන විට අස්වාභාවික ලෙස බිම වැදීමක් හෝ ඉදිරියට දිගු වීමක් සිදු වේ නම්, අස්වාභාවික ලෙස උණුසුම්වීමක් සිදුවේනම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

සම රතුපැහැ ගැන්වීම

ශරීරයේ අස්වාභාවික රතුවීමක් පෙන්නුම් කරයි නම් සහ ඔබේ බාහු සහ පාද අසාමන්‍ය ලෙස උණුසුම් බවක් පෙන්නුම් කරයි නම් මෙය ලේ කැටිගැසීමේ ප්‍රධාන සාධකයකි.

පපුවේ වේදනාව
ඔබට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් එය හදවත් අමාරුවක් ලෙස සිතිය හැකිය. නමුත් මෙය රුධිර නාලිකා වල වායු කැට ගැසීමක් නිසා සිදුවන වේදනාවක් විය හැකිය. මෙය PE ලෙස හඳුන්වයි. හදවත් වේදනාව සහ PE එකම ලක්ෂණ පෙන්නුම් කරන අතර PE තියුණු පිහි ඇනීමක් ලෙස දැනේ. ගැඹුරින් හුස්මගන්නා විට එය වඩාත් වේදනාකාරී විය හැකිය. හදවත් අමාරුව වේදනාකාරී වනු ලබන්නේ උරහිස, බෙල්ල, හනු ආසන්නයේ වන අතර උපරිම හුස්ම ආශ්වාස කිරීමේදීය. නමුත් PE සෑම ආශ්වාස ප්‍රශ්වාසයකදීම වේදනාකාරී ස්වරූපයක් ගනී.

කෙටි ආශ්වාස ප්‍රශ්වාසය හා හදවත් ගැස්ම

ලේ කැටිය ඔබගේ සිරුර තුල ඔක්සිජන් සැපයුම අඩාල කරන අතර ඔක්සිජන් මදකම නිසා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවීමට හෘදය වේගවත්ව ක්‍රියාකිරීමට පටන් ගනී. එමනිසා කෙටි ආශ්වාස ප්‍රශ්වාස ඇති වීම සිදු වේ. මේ තත්වය මත හදිසි වෙව්ලීමක් වුවත් සිදු වන්නට පුළුවන්. ක්ෂණික කලන්තය ඇති වේ. මෙය හදිසියේ වැළදෙන රෝගී තත්ත්වයක් බැවින් උදව් ලබාගැනීම අත්‍යාවශ්‍යයි

අපැහැදිලි කැස්ස
කෙටි හුස්ම ගැනීම, වේගවත් හද ගැස්ම, පපුව වේදනාව අස්වාභාවික ලෙස ඇතිවන කැස්ස, කැස්ස ඇතිවන විට සෙම හෝ රුධිරය පිටවීම රුධිර කැටියක පෙරනිමිත්තක් විය හැකිය. එම නිසා මෙවැනි දෙයක් ඔබට දැනෙනවා නම් වහාම ඔබේ වෛද්‍යවරයා වෙත යොමුවන්න.

ශරීරයේ කොතන හෝ ලේ කැටියක් ඇති බවට ඉඟි ලබා දෙන මෙම පුර්ව ලක්ෂණ පිළිබද ඔබේ අවධානය යොමු කරන්න. මෙම වටිනා ලිපිය ඔබේ මිතුරන් හා ආදරණියන් අතරේ බෙදා හැර ජිවිතයක් බේරා ගැනීම දායක වන්න.
gossip lanka