දරුවාගේ හදහනෙන් කියැවෙන දෙමාපිය වග තුග

විවාහය තුළින් ජනිත වන සතුට හදවත් තුළ වඩාත් පිබිදෙන්නේ දරු සම්පතක් ලැබූ විටය. විවාහක කාන්තාවන් මවක් වීම ඇයගේ ස්වාමි පුරුෂයාටත් මහත්වූ සතුටට හා සොම්නසට හේතු වන්නා සේම ඇය බිහිකරන දරුවා සමාජයට මහඟු සම්පතක්ද වේ.
රටකට ජාතියකට දරුවන් තරම් වටිනා සම්පතක් නැති තරම්ය. ඒ ඔවුන් රටේ අනාගතය බාරගැනීමට සිටින පරපුර වන බැවිනි. ජ්‍යොතිෂ ඇසුරින් මේ පිළිබඳ විමර්ශනය කිරීමේදී දරුවාගේ ගතිගුණ, ශරීර සෞඛ්‍යය, අධ්‍යාපනය, රැුකියාව විවාහය වැනි කරුණු පිළිබඳව විවරණයක් කර ගත හැකිවේ. ජ්‍යොතිෂයට අනුව දෛවයෙන් උරුමවූ සියලල පූර්ව කුසල හෝ අකුසල කර්මයන්ගේ මූර්තිමත් වූ ප‍්‍රතිවිපාක වශයෙන් ඵලදෙනු ලබයි. ජ්‍යොතිෂය ස්වකීය ජීවන තොරතුරු පිළිබඳ මිනිසා දැනුවත් කරන ශාස්ත‍්‍රයකි. එහි ඇති ශුභවාදී හා අශුභවාදී ප‍්‍රවනතා ගැනද උනන්දුවීම වැදගත් වන අතර එමගින් පෙන්වන යහපත් පසුතලය අවබෝධ කරගෙන ඒ පිළිබඳ විමසිලිමත් වීමත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමත් දෙමාපියන් සතු වගකීමකි.

 අලූත උපන් දරුවකුගේ වේලාපත්කඩයෙන් ප‍්‍රථමයෙන් විමසා බැලිය යුත්තේ දරුවාගේ රෝගී නිරෝගීභාවයයි. ඉන් අනතුරුව දරුවාගේ ඉදිරි ජීවිත පල අපල විමසා බැලිය හැක. මේ අතර දරුවාගේ කේන්ද්‍රයෙන් මවට පියාට මුහුණදීමට වන ශුභ අභුභ තත්ත්වයන් පිළිබඳවද දරුවාගේ වේලාපත් කඩයෙන් හෙළිකරගත හැක.

 දරුවාගේ වේලපත්කඩයෙහි රවිගෙන් පියා පිළිබඳවද සඳුගෙන් මව ගැනද කරුණු දක්වයි. යම් හෙයකින් මෙම ග‍්‍රහයන් දෙදෙනා පාප ග‍්‍රහයන්ට මැදිව පිහිටා සිටියේ නම් හෝ පාපයින් සමඟ යෝගව සිටියේ නම් හෝ පාපයින්ගේ දෘෂ්ඨි වැටුනේ වී නම් හෝ මවුපිය දෙදෙනාට අපල කාලයක් එළඹ තිබෙන බව පැවසිය හැක.

 කේන්ද්‍රයක 4 වැන්න මාතෘ ස්ථානය වන අතර 10 වැන්න පීතෘ ස්ථානය වේ. සාමාන්‍යයෙන් රවි ශනි දෙදෙනා පීතෘ කාරක ග‍්‍රහයන් වශයෙන්ද සඳු සිකුරු දෙදෙනා මාතෘ කාරක ග‍්‍රහයන් වශයෙන්ද හඳුන්වයි.

 දවල් උපන් අයට රවි පිය ග‍්‍රහයා වශයෙන්ද සිකුරු මවු ග‍්‍රහයා වශයෙන්ද රාත‍්‍රි උපන් අයට ශනි පිය ග‍්‍රහයා වශයෙන්ද සඳු මවු ග‍්‍රහයා වශයෙන්ද පෙර අපර දෙදිගම ආචාර්යවරුන්ගේ මතය වෙයි.

 පීතෘ කාරක සහ මාතෘ කාරක ග‍්‍රහයන්, 10 සහ 04 ස්ථානද අධිපතීන්ද ශුභ සංයෝග ශුභ දෘෂ්ඨි ලැබුවේ නම් මව සහ පියා දිගුකලක් ජීවත් වන බව කියැවේ.

 එසේම ඉහත කියන ලද ග‍්‍රහයින් සහ එම ස්ථානද, අධිපතීන්ද පාප පීඩාවන්ට දෘෂ්ඨීන්වලට යටත්වේ නම් මවුපියන්ට නොයෙක් අවාසනාවන්තකම් සහ කරදරද අඩු වයසින් මරණයද ඇති වෙයි.

 චන්ද්‍රයා ශනි හා කුජට මැදිව ඔවුන් දෙදෙනා සමඟ සංයෝගව හෝ සිටියේ නම් එයද දරුවාගේ මවට මරණය හෝ වෙනත් විපතක් හෝ ගෙන දීමට හේතුවනවා ඇත.

 චන්ද්‍රයා පාප ග‍්‍රහයන් තිදෙනකු විසින් දැක තිබියදී චන්ද්‍රයාගෙන් 6 වැන්නෙහි තවත් පාපියෙකු සිටියේ නම් මවට විපත්ති වේ.

 ලග්නයෙන් 4 වැන්නේ හෝ චන්ද්‍රයාගෙන් 4 වැන්නේ හෝ පාපියෙකු සිටියදී එම පාපියාගෙන් 1, 4, 7, 10 යන ස්ථානයක වෙනත් බලවත් පාපියෙකු සිටියේ නම් මවට හානිකර වේ.

 ලග්නයේ ශනිද අඟහරු සත් වැන්නේද සඳු 6 වැන්නේද සිටියේ නම් පියාට අපල ගෙන දෙනු ලබයි.

 අඟහරු 10 තමාට සතුරු රාශියක් ලෙස සිටියහොත් පියා වැඩිකල් ජීවත් නොවේ.

 රාහු ලග්නයෙත් රවි 8 හිත් සිටියදී උපත ලද දරුවාගේ පියාට විපත් ගෙන දෙන බව කියැවේ.

 දරුවාගේ වේලපත්කඩෙහි නවාංශකය අඟහරුට අයත්ව ලග්නය රවි හා ශනි විසින් දුටුවේ නම් දරුවා ඉපදීමට පෙර හෝ ඉපදීමත් සමගම පියා මහත් ව්‍යසනයට පත්වෙනු ඇත.

 පාප ග‍්‍රහයන් කේන්ද්‍රයේ 4,6,10,12 යන ස්ථාන වල සිටියේ නම්ද එම දරුවාගේ මවට පමණක් නොව පියා ඇතුලූ දෙදෙනාටම අපලකාරී ග‍්‍රහ යෙදුමක් වේ.

 රවිට වඩා සඳු පාප දෘෂ්ඨි හා පාප සංයෝග වලින්ද දුර්වලවී නම් මවගෙන් කරදරද වෙන්වීමද සිදුවේ. මෙහිදී රවි චන්ද්‍ර දෙදෙනාම තද බල ලෙස දුර්වල වී නම් ඉක්මනින්ම මවුපිය දෙදෙනාගේ මරණය හෝ ඔවුන් දෙදෙනාගේ සෑම කල්හිම වෙන්වීම සිදුවේ.

 4 වැන්නාධිපති 10 වැන්නාධිපතිගෙන් අශුභ දෘෂ්ඨි අශුභ සංයෝග ලැබී නම් මවුපිය දෙදෙනාගේ අසමගිකම් ඇතිවේ. මෙසේ සිටියදී රවි සඳු දෙදෙනා ශුභ දෘෂ්ටි, ශුභ සංයෝග ලැබීනම් අසමගිකම් තදබල නොවීමද ඉන් තමාට කරදරයක් නොවීමද සිදුවේ.

 ජ්‍යොතිෂය යනු නොපෙන්වන ලද කර්ම විපාක ග‍්‍රහයන් මාර්ගයෙන් විස්තර කිරීමට උත්සාහ දරණ විද්‍යාත්මක විශ්ලේෂණයකි.

 මෙහිදී අවධාරණය කළයුතු එක් කරුණක් වනුයේ තම දරුවාගේ වේලාපත්කඩයෙහි ග‍්‍රහයින්ගේ පිහිටීම අනුව දරුවාගේ දෙමාපියන්ට ඇතිවන ශුභ අශුභ තත්ත්වයන් ඔහුගේ හෝ ඇයගේ ග‍්‍රහයෝග වලින් පිළිබිඹු වනවා මිස දරුවා ඉපදීම නිසා දෙමාපියන්ට විපත් සිදුනොවන බවයි.
gossip lanka