වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයි – ඔබ සැමට ඉතාම වැදගත් අනිවාර්යෙන් බලන්න

දිනපතා හොඳ නින්දක්; නැතිනම් ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, යහපත් ශරීර සෞඛ්‍යකට අත්‍යවශ්‍ය සාධකයකි.එහෙත්, වැඩිපුර නිදා ගැනීම, ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැත. බොහෝ වෙලාවක් නිදා ගැනීම නිසා, හදවතේ ක්‍රියාකාරීත්වය අඩු විය හැකි බව, මේ වනවිට පර්යේෂකවරු සොයාගෙන ඇත. මේ නිසා, අධික ලෙස නිදා ගන්නා අයට, හෘද රෝග ඇති වීමේ අවදානම වැඩි ය.
එසේම , ශරීරය අධික ලෙස තරබාරු වීමට, අධික නින්ද බලපායි. නිදා ගෙන සිටින වෙලාව වැඩි වු විට, ශරීරය අක්‍රීයව පවතින වෙලාව වැඩි වේ. මේ නිසා, සිරුරේ කැලරි ප්‍රමාණය වැඩි වේ. ඒ හේතුවෙන්, සිරුර ස්ථූල වේ. නින්ද වැඩි වන විට, ශරීරයේ නිපදවෙන සීනී ප්‍රමාණය වැඩි වේ. මේ නිසා, දියවැඩියාව වැළඳීමේ අවදානම ද ඉහළ යයි. දිගු නින්දක් ලබන අයට, ශරීර ක්‍රියාකාරකම් අඩු වේ. මේ නිසා, උදාසීන බව වැඩි වේ.

අධික ලෙස නිදා ගන්නා පුද්ගලයන්ගේ මොළය, ඉතා ඉක්මනින් වයසට යයි. මේ ආකාරයට මොළයේ ව්‍යුහය වෙනස් වීම, ඥානය කෙරෙහි ද බලපායි. ඒ වගේම, අධික ලෙස නිදා ගන්නා අයට වැළඳෙන තවත් රෝගයක් ලෙස හිසරදය හැඳින් වීමට පුළුවන. අධික නින්ද, මොළයේ ස්නායුවලට කරන බලපෑම හේතුවෙන්, මේ තත්ත්වය ඇති වේ.

එසේ ම, කොන්දේ වේදනාව, අධික නින්ද නිසා ඇතිවන තවත් රෝගයකි. මේ සියලු ම රෝග එකතු වුණවිට, අධික නින්ද, ආයු කාලය අඩු කිරීමට හේතු වන බව පර්යේෂකවරු පවසති.
gossip lanka