ඉවත දමන දේ වලින් ලස්සන වෙමු

පැහැපත් සුන්දර සමකට අප කවුරුත් කැමතියි. ඒ වගේම අප සිතනවා ඒ සඳහා අධික මුදලක් වියදම් වනවා කියලත්. ඒත් නිවසේ ඉවත දමන දේවල් රැසක් සමට සත්කාරයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි බව ඔබ දන්නවාද ?
කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්තේ සුදු පැහැති කොටස මුහුණේ ඇතිල්ලීමෙන් කුරුලෑ ලප කැළැල් ඉවත් වේ.
දොඩම් ලෙල්ලේ සුදු පැහැති කොටස මුහුණේ ඇතිල්ලීමෙන් අඳුරු පැහැය ඉවත් වේ.
දොඩම් ලෙල්ල බ්ලෙන්ඩර් කර එයට නැවුම් කිරි ස්වල්පයක් එක්  කර මුහුණේ ආලේප කිරීමෙන් පැහැපත් සමක් ලැබේ.
ගස් ලබු ලෙලි ශීතකරණයේ ස්වල්ප වේලාවක් තබා මුහුණේ සහ බෙල්ලේ ඇතිල්ලීමෙන් රළු ස්භාවය ඉවත් වේ.
අලි ගැට පේර ගෙඩියක් ලෙල්ලත් සමගම බ්ලෙන්ඩර් කර මුහුණේ, බෙල්ලේ, සහ අත්වල ආලේප කිරීමෙන් සම පැහැපත් වේ.
ඇපල් ගෙඩියක් ලෙල්ලත් සමගම ගෙන බ්ලෙන්ඩර් කර මුහුණේ ආලේප කරන්න. සම පැහැපත් වේ.
ලෙමන් යුෂ විදුරු බාගයකට ජලය වීදුරු බාගයක් දමා සතියකට දෙවතාවක් මුහුණේ ආලේප කරන්න
gossip lanka