ලැජ්ජා බයෙන් පීඩා විඳින කෙල්ලන්ට හිතේ ඉන්න කොල්ලට තමන් කැමතියි කියලා දැනෙන්න අරින්න කරන්න පුලුවන් දේවල් 7 ක්!

ඇත්තම මේ ලංකාවේ ගෑණු ළමයෙක්ට තමන් කැමති පිරිමි ළමයෙක්ට තමන්ගේ කැමැත්ත අඟවනවා කියන්නේ සාපේක්ෂව බොහොම ලේසි වැඩක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. ගෑණු ළමයට තියෙන්නේ තමන් කැමති කොල්ලා දිහා බලලා පොඩි හිනාවක් දාන්න විතරයි කියලා කට්ටිය කියයි. හැබැයි ඇත්තටම සිරා කොල්ලෙක්ට තමන් කැමතියි කියලා පෙන්නන එක එහෙම ලේසි වැඩක් නෙවෙයි.
ඒ කියන්නේ කොල්ලෙක්ට තමන් කැමති කෙල්ලෙක්ට කැමැත්ත පෙන්නන තරමටම ඒකේ අනික් පැත්තත් අමාරුයි. විශේෂයෙන්ම ගෑණු ළමයා බොහොම ලැජ්ජ බය කෙනෙක් වුනොත් එහෙම තවත් අමාරුයි. හැබැයි එහෙම කිව්වා කියලා ඔය ලැජ්ජ බයට හැදුණු ගෑණු ළමයි සැලෙන්න එපා. අනිවා අපි කියල දෙන්න ලැහැස්තියි කොහොමද තමන් කැමති පිරිමි ළමයාට තමන් කැමතියි කියලා අඟවන්නේ කියන එක!

1. තමන් ආකර්ෂණීය වෙන්න

ගොඩක් වෙලාවට ලැජ්ජාවෙන් ඉන්න ගෑණු ළමයෙක්ට එක්කෝ තමන් කොයි තරම් ආකර්ෂණීයද කියන එක තේරෙන්නෙ නෑ. එහෙම නැතිනම් කොයි තරම් ලස්සන තිබුණත් ආකර්ෂණීය වෙන්න දන්නෙ නෑ. සමහර වෙලාවට තමන් කැමති පිරිමි ළමයාගේ ඇස් වලට තමන්ව අහු නොවෙන්න ඒක හේතුවක් වෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ආකර්ෂණීය බව පොඩ්ඩක් එළියට ගේන්න. වෙනදට කා එක්කවත් කතා නොකර මුළු ගැන්නිලා ඉන්නවා නම් ඒ පුරුද්ද අතෑරලා පොඩ්ඩක් සමාජශීලී වෙන්න. වෙනදට අතට අහුවෙන එකක් ඇඳගෙන එනවා නම් පොඩ්ඩක් ෆැෂන් ගැන උනන්දු වෙන්න. මේ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් විදියට රඟපාන්න කියන එක නෙවෙයි. තමන් තමන් විදියටම ඉඳගෙන පොඩ්ඩක් ආකර්ෂණීය පැත්තට වෙනස් වෙන්න කියන එක.

 2. ඉඟි බිඟි, ඇලුම් බැලුම්!

මේවා ඉතින් කොහොමද කරන්නේ කියලා අමුතුවෙන් කියල දෙන්න නම් බැහැ. මොකද එක එක පුද්ගලයාට තියෙන්නේ තමන්ටම ආවේණික ඉඟි බිඟි ක්‍රමනේ. හැබැයි අනිවාර්යයෙන්ම ඉඟි බිඟි වලින් පහසුවෙන්ම තමන් කැමති කොල්ලට තමන් ඇත්තටම කැමැත්තකින් ඉන්නවා කියන එක අඟවන්න පුලුවන්. නිකම් හිතන්න එයා තමන් දිහා බලන වෙලාවක තමනුත් ඇස් කොනින් බැල්මක් හෙලනවා කියලා. එයාව පහු කරගෙන යනකොට එයා දිහා හොඳින් බලලා මදහසක් තෑගි කරලා යනව කියලා. හැබැයි මෙහෙමයි. මේ බැල්ම වුනත්, හීනි හිනාව වුනත් එයාට විතරක් ස්පෙෂල් වෙන්න ඕන. අන්න ඒක තමයි ට්‍රික් එක. හැබැයි මෙහෙම ඉඟි බිඟි මද සිනා පාන එක තමන් අපහසුවට ලක් වෙන ලෙවල් එකකින් කරන්න ඕන නෑ. ඒක තමන් ඇතුළෙන් සොබාවිකවම එන්න ඕන. එහෙම නැතිනම් එක්කෝ ඒක විකාරයක් වෙනවා. එහෙම නැතිනම් තමන්වම අපහසුතාවයට පත් වෙනවා.



3. ප්‍රැක්ටිස් පාරක් දැම්මට කමක් නෑ!


දැන් ඔය තමන්ගේ සුවිශේෂී හිනාව එහෙම කැමති කොල්ලට තෑගි කරන්න කලින් පොඩි ට්‍රයල් රන් එකක් ගිහින් ඉන්න එක හොඳා. කවුද දන්නේ අපි ඒක මල් මන්දහාසේ කියලා හිතාගෙන පෙන්නුවට කොල්ලට ඒක පේන්නේ තමන්ට විරිත්තනවා වගේද කියලා! ආන්න ඒ නිසා කවුරුවත් නැති වෙලාවක කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔය මඳහස් බැල්ම, නෙත් කොන් බැල්ම වගේ දේවල් පොඩ්ඩක් කරලා බැලුවට කමක් නෑ. ආයි අපි කාටවත් කියන්නෙත් නෑ. හැබැයි මේක අමාරුවෙන් දාන හිනාවක් නම්, තමන්ට අපහසුවක් දැනෙනවා නම් ඒ කියන්නේ ඒක කෘත්‍රිමයි කියන එක. ඒ නිසා තමන්ට ඒක පහසුවෙන්, නිරායාසයෙන් කරන්න පුලුවන්ද කියලා හිතලා බලන්න. ඇත්තටම කොල්ලෙක්ට දාන නෙතඟ බැල්මක් වුනත් අව්‍යාජ වෙන්න ඕන. අන්න එතකොටයි ඒක ෆුල් රොමෑන්ටික් වෙන්නේ!



4. බය නැතුව කතා කරන්න


දැන් ඔය ලැජ්ජාශීලී ටයිප් එකේ ගෑණු ළමයෙක්ට කරන්න බැරිම වැඩක් තමයි මේක. කෙලින් ඇස් දෙක දිහා බලාගෙන තමන් කැමති කොල්ලත් එක්ක කතා කරන එක. හැබැයි නංගි ලැජ්ජයි කියලා ඉඳලා බෑ. මේක කොහොම හරි කරන්න වෙනවා. ඕන නම් කතා කරන එකත් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ප්‍රැක්ටිස් කරන්න. හැබැයි අනිවා ගිහින් කතා කරන්න. හැබැයි කතා කරන කොට තමන් කැමති, ඒ වගේම කොල්ලත් ඉන්ටරස්ට් වෙන විදියේ දෙයක් කතා කරන්න ඕන. මොකද තමන් කැමති බයෝලොජි වලට කියලා ගෙම්බෝ කපන හැටි කතා කරන එක අවුල්නේ. හොඳම දේ තමයි බොහොම සාමාන්‍ය, සරල එදිනෙදා දෙයක් ගැන කතා කරන එක. පස්සෙ පස්සෙ සීරියස් දේවල් කතා කරන්න පුලුවන්. මෙහෙම කතා කරනකොට කොල්ලෙක්ට අයිඩියා එකක් එනවා මෙයා මට කැමැත්තක් තියෙනවාය කියලා.



5. ඇහුම්කන් දෙන්නත් ඕන


මේක ගොඩක් අය හිතන්නේ කොල්ලෝ කරන්න ඕන වැඩක් කියලා. ඔව්, කොල්ලෝ කොහොමත් ඉගෙන ගන්න ඕන කෙල්ලෙක්ට සාවධානව ඇහුම්කන් දෙන්න. හැබැයි කෙල්ලොත් අනිවා ඉගෙන ගන්න ඕන ඒක. දැන් ලැජ්ජ බයට හැදුණු ගෑණු ළමයෙක් ලැජ්ජාව පැත්තක තියලා ගිහින් තමන් ආස කොල්ලත් එක්ක කතා කරනවනේ. එතකොට කොල්ලත් කෙල්ල එක්ක උනන්දුවෙන් කතා කරන්න පටන් ගන්නවා. අන්න එතකොට කොල්ලට ඇහුම්කන් දෙන්න දැනගෙන ඉන්න ඕන. ඕන නම් හරස් ප්‍රශ්න අහන්න පුලුවන්. එයා කියන දේවලට කමෙන්ට් කරන්න පුලුවන්. හැබැයි වැදගත්ම දේ තමයි එයා එක්ක සංවාදයක ඉන්න එකට තමන් ආස බව කොල්ලට දැනෙන්න ඉඩ අරින එක.



6. තමන්ගේ සීමාවන් දැනගන්න, හැබැයි හරි සීමාවන් තියාගන්න


මෙන්න මේක කොහොමත් ලංකාවේ ගෑණු ළමයෙක් වරද්ද ගන්න පුලුවන් තැනක්. සීමාවන් කියන්නේ මෙහෙමයි. දැන් අපි කියමු තමන් කැමති කොල්ලත් එක්ක කතා කරන්න පටන් අරගෙන කියලා. එතකොට ඉඟි බිඟි එනකොට කොල්ලට ටිකක් මීටරේට වැටෙන්න ඕන මෙයා මට කැමතියි කියලා. දැන් මෙතනදී තමන් යාලුවෙක් විතරක්ය කියන හැඟීම දෙන්න යන්න එපා. උදාහරණයක් විදියට ගත්තොත් මෙහෙම කියමු. කොල්ලා ඩේට් අවුට් එකකට කෝපි එකක් බොන්න යන්න කතා කරනවා. අන්න එතකොට තමන් ලැජ්ජ බයට හැදිලා තියෙන නිසා බැහ් කියන එකෙන් දෙය්යනේ කියලා කොල්ලා තියෙන ඉන්ටරස්ට් එකත් නැතිවෙන්න පුලුවන්. හැබැයි අපි කියමු කොල්ලා කො‍ටුවක් පනින්න යන්න කතා කරනවා කියලා. අන්න ඒකට අකමැති වෙන එක තමන්ගේ සීමාව. මෙන්න මේක දැනගන්න ඕන.



7. ගෘප් සීන් එපා!


දැන් අපි කියමු යාලු ගැන්සියේ එක කොල්ලෙක්ට තමයි මේ නංකි කැමති වෙලා තියෙන්නේ කියලා. එතකොට කොල්ලත් එක්ක කතා කරන්න හැම තිස්සෙම ‍තෝරගන්නේ සෙට් එකම ඉන්න වෙලාවක් නං වැඩේ යාලුපිට් එකෙන් එහාට යන එකක් නැතිවෙයි. ඇත්තටම ලැජ්ජාශීලී ගෑණු ළමයි ගොඩක් වෙලාවට සහායක ඩැනියෙක් එක්කමනේ තමන් කැමති කොල්ලා එක්ක කතා කරන්න වුනත් සෙට් වෙන්නේ. අන්න ඒක අවුල්. ඒ නිසා තමන් එයත් එක්ක තනි වෙන එක වඩා හොඳයි. ඒ නිසා තමයි අපි කියන්නේ අර උඩ කිවුව විදියට කෝපි එකක් එහෙම බොන්න යන්න කතා කලොත් ඒ ආරාධනාව පිළිගන්න කියලා. තමන් එයත් එක්ක තනියෙන් කතා බහ කරන්න උත්සාහ කරන එකෙන් එයාට හොඳ සිග්නල් එකක් ලැබෙනවා එයාට තමන්ගේ හිතේ කැමැත්තක් තියෙනවා කියලා!

 එහෙමනම් මේ විදියේ පොඩි පොඩි කරුණු කාරණා පිළිපැදලා තමන් ආස පිරිමි ළමයට තමන්ගේ කැමැත්ත දැනෙන්න අරින්නයි තියෙන්නේ. ඉන් පස්සේ බැරියෑ ප්‍රේම ග‍ඟේ කිමිදිලා පීන පීන නාලා හෙම්බිරිස්සාව හදාගන්න!
gossip lanka