මුදල් තිබුණ පළියට ගෙවල් හදා බංකොලොත් වෙන්නේ ඇයි?

වාස්‌තු යන වචනයේ තේරුම වාසය කිරීමයි. වාසය පිළිබඳව කරුණු ඇතුළත් ශාස්‌ත්‍රය වාස්‌තු විද්‍යාව නමින් හැඳින්වේ. අපි වාසය කරන මහපොළවට අධිපතියා වාස්‌තු පුරුෂයා නොහොත් භූමි නාගයා යයි නම් වේ. මේ භූම නාගයා එක්‌ එක්‌ මාසවල එක්‌ එක්‌ දිශාවන්ට හැරෙමින් මහ පොළොව රැක බලා ගන්නේ යයි වාස්‌තු විද්‍යාවේ සඳහන් කොට ඇත.
මේ කරුණු නවීන විද්‍යාවකින් ඔප්පු කිරීමට අපහසුය. එහෙත් ලෝකයේ පවතින හැම ශක්‌තියක්‌ම හැම බලවේගයක්‌ම තවම නවීන විද්‍යාවේ ඇසට ලක්‌ වී නැති බවත් විද්‍යාවට ඇස ගැසී ඇත්තේ ලොවෙහි ඇති ශක්‌තීන් හා බලවේගයන් ගෙන් ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්‌ බව මා ප්‍රකාශ කරමි. ජ්‍යෝතිෂයෙහි සඳහන් වන නැකැත් විසිහත මුල්කරගෙන වාස්‌තු විද්‍යාවේ මූලික අංග ඇතුළත් වේ. මෙහි එන නැකත්වලට අදාළ ගණිත චක්‍ර නිවාස සැලසුම් කරන්නන්ට බොහෝ වැදගත් වේ. එම චක්‍රවලට අදාළ වන නැකැත් අනුව සම්පත් නැකත, මෛත්‍රී නැකත, පරම මෛත්‍රී නැකතට අදාළ මඟී පිණ්‌ඩය හරිහැටි භාවිතා කිරීමෙන්. ඔබ සැමට ඵලදායී නිවසක්‌ සාදා ගැනීම සඳහා උපකාරී වේ.

මෙලොවට බිහිවුණු මිනිස්‌ සත්ත්වයන්ට වාසය පිණිස නිවසක්‌ අවශ්‍යයි. එයින් හිසට සෙවණත් සිතට නිවනත් ලැබේ. එමෙන්ම එම නිවස ඔබට ශ්‍රී සෞභාග්‍යය උදාවන එකක්‌ද විය යුතුයි. එසේ ඇතිවීමට පෙර පිනක්‌ ද ඔබට තිබිය යුතු බවත් සිතාගත යුතු වේ. පෙර පිනක්‌ නැතිනම් ඔබ මෙලොවින් චුත වෙනතාක්‌ ඔබට කියා ඉඩමක්‌ නිවසක්‌ නොමැතිව අන් අයගේ බදු ඉඩම්වල, කුලී ගෙවල්වල ජීවත්වීමට සිදුවන්නේ පෙර ආත්මයේදී කුරුළු කැදලි කැඩීම, අනුන්ගේ ඉඩම් කොටස්‌ හොර ඔප්පු සකසා ලියවා ගැනීම, මිනිසුන් නිවෙස්‌වලින් පන්නා දැමීම්, ගෙවල් ගිනිතබා පවුල් අනාථ කිරීම් ආදිය මෙලොවදී පටිසම් දීම බව බුදු දහමේ අපට පෙන්වා ඇත.

ඔබට නිවසක්‌ ඉදිකර ගැනීමට ඉඩමක්‌ පළමුවෙන්ම අවශ්‍යයි. මෙම ඉඩම ද එහි පිහිටීම අනුව, තුංමුළු එකක්‌ ද, කුල්ලක හැඩ ඇති එකක්‌ද, මිනී පෙට්‌ටි නැමී ඇති හැඩ එකක්‌ද, දිගෙන් වැඩි පටු එකක්‌ද, පාළු හුඹස්‌ බැඳි මඩවළවල් පුරවා නිවස ඉදිකිරීමට සිදුවන එකක්‌ද යන්න ගැනත් විශේෂයෙන් ම සැලැකිල්ලක්‌ දැක්‌විය යුතුයි. එවැනි ඒවා ඔබට දුක්‌ දෙයි. තවද එම ඉඩමට ඔප්පු පැවරුම් ඔබට කොතරම් තිබුණත් එය අයිති නියම අයිතිකරුවන් තිදෙනෙක්‌ සිටිති. ඔවුන්ගෙන් පළමු කොටස එම ඉඩම කුමන ජාතිකයකුගෙන් ඔබ ලබා ගත්තත් එයට ආදරයෙන් ආශාවෙන් තන්හාවෙන් සිත සිතා මැරී ගිය මළගිය ඥාති ප්‍රේතයන්ය. දෙවන කොටස එම ඉඩමට අරක්‌ ගත් අට දිසා සහ ආකාල පාතාල බහිරවයන් ය. තෙවන කොටස වන්නේ භූමිය ආරක්‍ෂා කරන පොළොව මහී කාන්තාවය.

මේ නිසා ඔබේ භූමියේ නිවස ඉදිකරන්නට පෙර පළමුවෙන් ම දානයක්‌ පිළියෙළ කර වස්‌ත්‍රයක්‌ සහිතව ගමේ පන්සලේ හාමුදුරුවන් වෙත ගොස්‌ දානයක්‌ පූජා කර එම නිවසට අරක්‌ ගෙන සිටින සියලුම ප්‍රේත භූතයන්ට පිං දීම කරවා ගත යුතුයි. දෙවනුව ඉදිකරන නිවසට මුල්ගල තබන දිනට පෙර දිශාවන් අටේ බහිරවයන්ට හා ආතාල පාතාල බහිරවයන් සඳහා බහිරව පූජා දී පිං දීම යි. තෙවනුව මහපොළොව ආරක්‍ෂා කරන මිහිකත දේවියට පලතුරු කැවිලි ආදී දේ බිම තබා පොළොවට අධිපති මහිකත දේවියට පූජාව තබා පිංදීම කළ යුතුයි.

අද මෙවැනි චාරිත්‍ර විධි නොකර නිවාස ඉදිකිරීමේදී එය අඩක්‌ නිම කරන විට ගෘහාධිපති හෝ පවුලේ කෙනෙකු රෝගී වීමෙන් හෝ මරණය සිදුවීමෙන් නිවසේ වැඩ නවතී, නැතිනම් පාළුවට යයි. එසේත් නැත්නම් ඉතිරි කොටස කිරීමට මුදල් හිඟවීම ද ඇති වේ. සමහර විට මුල්ගල තැබුවාට පසු අත්තිවාරම පමණක්‌ දැමීමෙන් පසු ඇනහිටී.

එනිසා ඉහත සඳහන් තුන් කට්‌ටුවගෙන් අවසර ලබා දෙවනුව පාද බෙදීම කළ යුතුයි. මේ පාදයන් පෙරේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය යනුවෙන් කොටස්‌ හතරකි. මෙලෙස පාද බෙදන විට අද කාලයේ අපට විශාල ඉඩම් නැත. පර්චස්‌ 3, 4, 5, 7, 10

, 20, 30 ප්‍රමාණයේ ඉඩම් ප්‍රමාණයක්‌ පමණයි බොහොමයක්‌ ඇත්තේ. එසේ වුවත් ඔබගේ නිවස ඉදිකරන විට එම ඉඩමේ අඩි 2 1/2 ක ප්‍රමාණයක්‌ වට තීරුවක්‌ පෙරේත පාදයට වෙන් කළ යුතුයි. එසේ නොකළොත් පෙරේත පාදයට අත්තිවාරම අසුවී පෙරේත දෝෂයන් බලපායි. සමහරුන් එවැනි තීරුවක්‌ ලෝබය, තන්හාව හෝ නොදැනුවත්කමින් පෙරේත පාදයේ අත්තිවාරම් දමයි. එයින් ඔබට දුකක්‌, නිවස ඉදිකිරීමේ බාධාවන් හා පදිංචිවීමෙන් පසු විපත් නොයෙකුත් ලෙඩ දුක්‌ ද දියුණුව අඩපණ කරයි. එය සත්‍යමයි. එය සිදුවන්නේ පසු කලදීය.

ඉඩමක මධ්‍ය කොටස බ්‍රහ්ම පාදය වේ. එනිසා යෝජිත ඉඩමේ මැද නිවස ඉදි නොකළ යුතුය. එය සැලසුම් ශිල්පියා වග බලා ගත යුතුයි. තවද සිතට ගත යුතුයි. මේ කරුණු කාරණා ඉටුකර ඊට පසු ශුභ නැකතින් ගෙපල කපා දින 7, 21, 31 කින් පසු සුබ මුහුර්ථයකින් මුල් ගල තැබිය යුතුය.

මුල්ගල තැබීමට පෙර ගෙපල කපන විට එහි යට වී තිබී දිරච්ච ලී දඬු කැබලි මතු වුවහොත් ගිනි බයද, අඟුරු කැබලි මතුවුවහොත් ධනය විනාශ වීම ද, ඇටකෝටු කැබලි මතුවුවහොත් කුලයට හානි වීමද. පරණ යකඩ සුන්බුන් වළංකටු රෙදි කඩමළු ආදිය මතුවුවහොත් ඉඩමේ වාසය අශුභ බව ද, සර්පයන්, නයි, ගැරැඬි ආදී සතුන්ගේ සැව, විශාල හුඹස්‌ මතුවුවොත් අවට පදිංචිකරුවන්ගෙන් අඬදබර සතුරු කරදරෙ නඩු හබ ආදිය ඇතිවෙන බව ද සඳහන් වේ. පාළු ළිං අශුභයි.

මෙවැනි අශුභ දේවල් මතුවුවහොත් හේ වෙනත් දෝෂයන් වලින් මිදීමට ඊශ්වර දෙවියන්ට පූජාවක්‌ තැබිය යුතුයි. තවද එම භූමියේ අට දිසාවෙන් හා මධ්‍යම කොටසෙන් පස්‌ ගෙන එය තැටියකට හෝ වළඳකට දමා එයට උඩින් පස්‌ පැඟිරි දර දමා අබ, ලුණු, ගම්බිරිස්‌ ඇට 23 දෙහි ගෙඩි 3 ක්‌ බිත්තරයක්‌ දමා ගිනිකර එම පස්‌ තමාට නොපෙන, ගසා යන දිය පාරකට දැමිය යුතුයි. මේ සඳහා භූමි ආරක්‍ෂා මන්ත්‍රීවලින් ඒ දේවල් දන්නා ගුප්ත විද්‍යාදරයකුට කියා ජපකර ගැනීම ඉතා ශුභයි.

මුල්ගල තැබීමට පෙර ලණු ඇදීමට පෙර විනාඩි 21 කට පෙර ගෙපල පුරා කහ පැන් ඉස මධ්‍යයේ මල් පැලක්‌ තනා බුදුන්ට පහනක්‌ දල්වන්ට, එම පහන දෙපස ඊශ්වර දෙවියන්ට හා ගම්බාර හූනියන් දෙවියන්ට පහන් දල්වන්න. නිවස ඉදිකිරීමට මායිම් වන සතර දිශාවේ සිවුවරම් දෙවිවරුන්ට පහන් දල්වන්න. මේ ආකාරයට පහන් දල්වා පින් දී තුන්සූත්‍රය කියවන්න. නැවත කරණීය මෙත්ත සූත්‍රය කියා පින් දී මෙම ඉඩමේ ඉදිකර නිවසෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාට දුකක්‌, කරදරයක්‌ විපතක්‌ නොවී දිගු කලක්‌ යහතින් ජීවත්වීමට මට දෙවි පිහිට, බුදු පිහිට ලැබේවායි කියා ආශිර්වාදය අයෑද සිටින්න.

මින් පසු ශුභ නැකතින් ලණු ඇදීම පිණිස නිවාස අයිතිකරු රන් මුද්දකින් පොළොව හාරා එතන මංගල කූඤ්ඤය සිටුවන්න එය නිවසේ ආරම්භය බව සිතන්න. එය සිටුවා ලණු ඇද, ශුභ නැකැත් අනුව අත්තිවාරම කැපීම ආරම්භ කළ යුතුයි. මෙහිදී අත්තිවාරම කපන විට එම කපන තැන රන් මුදුවෙන් හාරා එම පස්‌ හා පළමුවන පස්‌ පිඩැල්ල සුදු රෙදිකඩකට දමා ගලා බසින ඇළකට, දොළකට දමන්න. එවිට ඉඩමේ දෝෂයන් ඇත්නම් දුරුවේ. මේ සියල්ල අවසන් වී ශුභ නැකතට ගෘහාධිපති විසින් මුල්ගල තැබිය යුතුයි. මුල්ගල තබන විට නිධන් වස්‌තු තැන්පත් කරන විට වෙළෙඳපළේ ඇති සිමෙන්තියෙන් සාදා ඇති විශාල සිමෙන්ති කැටය නොතබන්න. එය මුල් ගලක්‌ නොවේ. එය හිස්‌ පෙට්‌ටියක්‌ බව ඔබ විශේෂයෙන් සලකා මේ කරුණු සිතට ගෙන මුල්ගල තබන්න. මෙහිදී මුල්ගල යනුවෙන් හැඳින්වෙන්නේ සුරුහම් කළ අඟල් 7 ක කළු ගලයි. නිධන් වස්‌තු යෑයි කියන්නේ කුඩා මුට්‌ටියක්‌ ගෙන එය හිස්‌ නැතිව පුරවාලන ද්‍රව්‍ය කොටසකි. ඒවා නවරත්න, පස්‌ලෝ, හිරියල්, එන්සාල්, එලඅබ, කැකුළු හාල්, ඊතණ, සමන් කැකුළු, රත්මල් කැකුළු, උඳු, මුං. තල, මෑ, ඇල්වී, ගුගුල්, අගිල්, සුදු හඳුන්, රත් හඳුන්, ගෝරෝචන, කස්‌තුරි, කපුරු, කපු ඇට, ආදියෙන් පූර්ණ විය යුතුයි. තවද මෙයට රන් රිදී ආදී කාසි ඇත්නම් දැමීම ද බොහෝ හොඳයි. මෙසේ කර භූමිය වට කොන් ආරක්‍ෂාව සඳහා මේ මන්ත්‍රයෙන් සඳුන් තෙල්, අබතෙල්, තැඹිලි තෙල්, රසදියෙන් මිශ්‍රකර හතර කොණ වළලන්න. පදිංචි නිවසේ නම් ගේ ඇතුලේ එල්ලන්න. කුප්පිවල දමා මේ මන්ත්‍රය හෙන ගිනි මාලාවයි (1008 වරයි)

ඕඃ ත්‍රීනෝරු කඩයාල්පෙරිය වරමේළුම් ඉරිප්පූ නේලිප්පු, තානේ ඉJදිරම් පෙරිය ගිනි පේයාක්‌ කුංඩාල් හරිහර විභූෂණයානේ අඩංගු හිටු වර වර පේසලාඩී ශ්‍රී විෂ්ණු නාරායනේ තෝයකානම් අඩංඟු හිටු දේවගිරි මදුරමාල සත්පත්තිනි අම්මා දෙහදු ගිනි ධරනෙන් අඩංගු හිටු බුධ මාලාවෙන් ගෙන ගිනි මාලාවෙන් අඩංගු හිටු යක්‍ෂයා යක්‍ෂනී අළු දූවීලි කලෙමි අවගිරි භද්‍රකාලි අම්මා අල්ලං යක්‍ෂයා යක්‍ෂනී සිහිකල දෙවොල් ගිනි රං හළඹේ ගිනි රැස්‌ විහිදුවා බලයකුං අඩංගුකල හෙන ගිනි මාලාවයි ඉඩහැරැ යක්‍ෂයා යක්‍ෂනී ප්‍රේත ප්‍රේත මලභූතායින ඉඩ හරු...... මෙම තෙල් ශුභ නැකතින් ජීවම් කර ගත යුතුයි. නැතිනම් අවැඩ සිදුවේ. එමෙන්ම මේ සඳහා බලගතු ආරක්‍ෂා යන්ත්‍ර ද ඇත.

මෙවන් දොaෂ සහිත නිවාස ඉදිකර පදිංචි වීමෙන් පසු ජීවිතයේ කරදර, බාධක, දියුණුව අඩාලවීම, හදිසි විපත් ලෙඩ රෝග ඇති වූ අපේ ජන්ම සහජ පුරුද්ද අනුව අසල්වැසියන් හූනියන් කර ඇතැයි හිතා අංජනම්, පේනකරුවන්, මැරුණු අය ගෙන්වා භූතයන්ගෙන් ශාස්‌ත්‍ර ඇසීමට ගොස්‌ ඔවුන් කියන අමූලික පට්‌ටපල් බොරුවලට රැවටී මුලා වී අල්ලපු ඉඩමේ ලෙඩට, දුකට කරදරයට හදිසියේ පිහිට වන්නන් සමඟÊසැකසිතී වෛරය ඇති කරගෙන ණය වී තොවිල්, හූනියන් කැපීම්වලට ගොස්‌ තමා තව තවත් මුළු සේසතම දිය වී යන තුරුම හිඟන භාවයට පත්ව පහළට වැටේ. නැතිනම් නිවස විකුණා දමා යයි. එය හූනියමක්‌ නොව ගෙබිම් දෝෂය බව සිතාගන්න. හූනියමට වඩා ගෙබිම් දෝෂ භයානකයි. මරණය පවා ගෙන දේ. පරම්පරා හතක්‌ බිලි වේ.

මේ නිසා ඔබේ නිවසේ ඇති බරපතළ වාස්‌තු දෝෂයන් වාස්‌තු විද්‍යාව දන්නා ශාස්‌ත්‍රඥයකුගේ උපදෙස්‌ ලබා ඒවා නිවැරැදි කර ප්‍රබල ආරක්‍ෂාවක්‌ යොදවා ගැනීමෙන් නිකරුණේ ඔබට වැය වන කොඩිවින හූනියන් ආදිය සඳහා මුදල් ඉතිරි වේ. අවට සිටින සතුරන් ද මිතුරු වේ. මේ නිසා ගෙබිම් ශාස්‌ත්‍රය උතුම් බවත් ඒවා සියයට සීයක්‌ ම සම්පූර්ණ සත්‍යයි කිව යුතුය.

gossip lanka