ලුණු කන්න කලින් මේ ගැනත් හිතන්න

ශ්‍රී ලංකාවේ අපට, ආහාර වේලක තිබිය යුතුම දෙයක් ලෙස ' ලුණු ' හැඳින්විය හැකි ය. ලුණු, රස තරම් ම, අපේ ශරීරයට හිත කර නැති බව ඔබ දන්නවාද? ලුණු
වැඩිපුර ගත්තොත්, විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. මේ ඉන් කිහිපයකි

 1. අධික පිපාසය

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම බොහෝවිට අපිට පිපාසයක් දැනෙනවා. මේ අධිකව දැනෙන පිපාසය මඟ හරින්න නම් එපා. චිප්ස් වගේ ලුණු බහුල ආහාර ගත්තම ඔබ හැකි තරම් වතුර පානය කරන්න. මේ තුලින් ඔබගේ සෛලවල ලුණු සාන්ද්‍රණය සමතුලිත කිරීමේ හැකියාව ඇත.

2. ඔබගේ ශරීරය ඉදිමීම

ඔබ දන්නවද රාත්‍රියට අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඔබගේ උදැසනට ඔබගේ ශරීරය ඉදිමුම් ඇති විය හැකි බව. මෙම තත්වය edema ලෙස හදුන්වනවා. මෙහිදී සිදු වෙන්නේ ඔබගේ මාංශ පෙශින්වල වල අමතර ජාල තරලයක් එකතු වීමයි. මෙය සම යට පවත්නා රෝග ලක්ෂණයක්. මෙය ඔබ ගන්න ලුණු ප්‍රමාණය ඉතාමත් අධික බවට ඔබට කරන සංඥාවක්. ඒ නිසා ඔබ සෑමවිටම ලුණු අඩු ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.

3. මුත්‍රා ගල් ඇති වීම

අධ්ක ලෙස ලුණු ආහාරයට ගනීමෙන් ඔබගේ මුත්‍රාවලට ප්‍රෝටීන් එකතු වීමක් සිදු වෙනවා. මෙය පසු කාලීනව මුත්‍රා ගල් ලෙස වර්ධනය වෙනවා. මෙය ඉතාමත් අවදානම් සහගත තත්වයක්. යටි බඩේ වේදනාවක් දැනෙනවා නම්, ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි.

4. බඩ වැල්වල තුවාල ඇති වෙන්න පුළුවන්

ඕනවට වඩා ලුණු ආහාරයට ගැනීම ඔබගේ බඩ වැල්වල තුවාල ඇති වීමට හේතුවක්. මෙය පිළිකා තත්වයක් ලෙස වර්ධනය විය හැකියි. අපි දිව පිනවන්න හිතාගෙන ලුණු ආහාරයට ගත්තට, එයින් වන අතුරු ප්‍රතිඵල නම් ඉතාමත් භයානකයි. එම නිසා සැම විටම ඉතාමත් අඩුවෙන් ලුණු ආහාරයට ගැනීමට පුරුදු වන්න.

5. අධි රුධිර පීඩනය

සමාන්‍යයෙන් දිනකට ලුණු ආහාරයට ගත යුත්තේ මිලිග්‍රෑම් 1,500 පමණ ප්‍රමණයක්. නියමිත ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීමෙන් ඔබ රෝගී තත්ත්වයට පත් විය හැකියි. ඕනවට වඩා ලුණු කන කෙනෙක් නම් ඔබට අධි රුධිර පීඩන තත්ත්වයක් වුවද හට ගන්න පුළුවන්. මේ තත්ත්වය ඉතාමත් භයානකයි.

6. ලුණු වෙනම සංග්‍රහ කරන්න.

ආහාර පිළිගැන්විමේදී ලුණු වෙනම සංග්‍රහ කරනවා නම් ඉතාමත් හොඳයි. එවිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දිනකට අපට අවශ්‍ය වන්නේ ලුණු මිලිග්‍රෑම් 1,150 පමණයි. ඒ කියන්නේ තේ හැන්ඳකින් එකක් පමණය. ඒ නිසා ඔබගේ ශරීරයට හිතකර ආකාරයට ලුණු ආහාරට ගන්න.

- 24newslanka



gossip lanka