හිතවතුන්ට ඔබ කිව යුතුම, නමුත් කවදාවත් නොකියන දේවල් 7ක්

ඔබ ඔබේ හිතවතුන්ට සමහර දේවල් නොකියා සඟවනවා. ඒත් ඒ දේවල් කිව යුතුම දේවල්. හිතවතුන් අමනාප වෙයි කියලා බයේ හෝ ඔබට වැරදි චෝදනා එල්ල වේ යැයි බයෙන් තමයි ඔබ ඒ දේවල් සඟවන්නේ. එහෙම නැත්තම් ඒ සත්‍යයන් කටුක නිසා, ඒවා ඔවුන්ව රිදවාවී කියලා ඔබ බියෙන් පසු වෙනවා. කෙසේ වෙතත් ඔබ ඒවා සැඟවීම නිසා,
නැති ගැටළු පැන නැඟෙන්නට ඉඩ තිබෙනවා.

1 යමෙකු ළඟ ගඳයි නම්

යමෙකු ලඟින් යම් කිසි ගඳක් පැමිණෙනවා නම්, මිනිසුන් ඔවුන්ගෙන් ඈත් වෙලා සිටින්නට උත්සාහ කරනවා. මිනිසුන් ඔවුන් එක්ක ගනුදෙනු කරන්නේ අප්‍රසන්න බවකිනුයි. නමුත් කවදාවත් මිනිස්සු ඒ බව අදාළ පුද්ගලයාට පවසන්නේ නැහැ. ඔහු ගාවින් ගඳක් එන බව ඔහුට කවුරුන් හෝ පවසනවා නම්, ඔහුට පුළුවන් ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යොදන්න. නිසි හේතුවක් නොදැන, මිතුරන් තමාගෙන් දුරස් වී සිටීම ඔහුගේ සිතට විශාල ගැටළුවක් වනු ඇත.

2 යමෙකු මහත් වී ඇති බව

කෙනෙක් හේතුවක් නැතිව මහත් වෙන්නේ යම් අසනීපයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔහු පාලනයක් නැතිව අතට අහු වෙන හැම දේම කනවා ඇති. එය අනාගත අසනිපයන් රැසකට මඟ පාදාලීමක් වෙන්නත් පුළුවන්. සමහට විට ඔහුට තමන් මහත් වන බව දැනිලා නැතුව ඇති. තමන්ගේ ශරීරයේ ඇති වන වෙනස්කම් වැඩිපුරම පේන්නේ බාහිර මිනිස්සුන්ටයි. ඉතින් ඔබ ඔහුගේ හිත රිදෙයි කියලා මේ බව නොකියා ඉන්නවාද? එය දැන ගැනීමෙන් ඔහු වේදනාවට පත් විය හැකි වුවත්, ඔහුට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමෙන් අනාගත ගැටළු වලින් මිදීමට හැකි වනු ඇත.

3 අනෙකා අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කරන බව

තමන්ගේ මුදල් තමන්ට ඕනෑ හැටියට වියදම් කරන්නට තමන්ට අයිතියක් තිබෙන බව සත්‍යයක්. නමුත් යම් කෙනෙකු ලැබෙන ආදායමට සාපේක්ෂව අවදි ප්‍රමාණයක් අනවශ්‍ය දේවල් කෙරෙහි වියදම් කරන බව ඔබට පෙනෙනවා නම්, ඒ ගැන ඔහුට ඇඟවීමේ වරදක් නැහැ. විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන්, හිතවත්ම මිතුරන් ඒ ගැන අදාළ පුද්ගලයාට මඳක් හෝ දැනුම් දී තබන්න. එයට හේතුව වන්නේ අද මුදල් නාස්ති කිරීම, හෙට දිනයේ මහා දුර්භික්ෂයකට මඟ පාදාලිමයි.

4 අනෙකාගේ විනෝදාංශ වලට ඔබට සහභාගී වීමට තිබෙන අකමැත්ත

මේ ගැටළුව නම් ගොඩක් මිතුදම් සහ ආදර සබඳතා අතර පවතින ගැටළුවක්. ඔබ ඔබේ අකමැත්ත පෙන්වන්නේ නැතිව අනිත් අයට ඕනේ දේවල් කරනවා. ඔවුන් වෙනුවෙන් වරක් දෙවරක් ඔවුන් කැමති දේ කළත්, එය නිතර කිරීමට යාමෙන් සිදුවන්නේ ඔබේ ජිවිතයේ තෘප්තිමත්භාවය ඔබ කෙරෙන් පලා යාමයි. එකම පවුලේ සහෝදරයන්ගේ පවා විනෝදාංශ සහ කැමති දේවල් එකිනෙකට වෙනස් වෙනවා. එය අනෙකාට පැවසීමේ වරදක් නැහැ.

5 ඔබට දරුවන් අවශ්‍ය නැති බව

අප එකිනෙකාට අපටම වෙන්වූ අනාගත සැලසුම් තිබෙනවා. දෙදෙනෙක් විවාහ වූ අවස්ථාවේ සිට අන් අය බලාගෙන සිටින්නේ දරුවෙකු පිලිබඳ ආරංචිය ලැබෙන තුරු වෙන්න පුළුවන්. පිට මිනිසුන්ට ඔබේ සැලසුම් පැවසීම ඇත්තටම අවශ්‍ය නැහැ. නමුත් මුනුබුරෙකු බලාපොරොත්තුවෙන් සිටින ඔබ දෙදෙනාගේ මව්පියන්ට ඔබ දෙපල ඔබගේ සැලසුම් ගැන පැවසීම වරදක් නොවේ. ඔබ සමහර විට දරුවෙකු ලැබීමට තරම් මානසිකව හෝ මුල්‍යමය අතින් සුදානම් නැතිව ඇති. විවාහයෙන් අවුරුදු දෙකකින් හෝ තුනකින් පසුව දරුවෙකු ලැබීමට ඔබ දෙදෙනා කලින්ම කතා කරගෙන ඇති. ඔබෙන් දරුවන් ගැන අසන අයට බිය නැතිව ඔබ තවමත් එයට සුදානම් නැති බව පවසන්න. විටින් විට දරුවන් ගැන අසමින් ඔබව වෙහෙසට පත් කරන්නට සමාජයට ඉඩ දෙන්න එපා.

6 ඔබ තව දුරටත් ආදරය නොකරන බව

නොගැලපීම් හෝ වෙනත් කරුණු නිසා ඔබේ සිතේ අනෙකා ගැන තිබෙන ආදරය අඩු වෙලාද? ඒත් ඔබ කවදාවත් ඒ බව අනෙකාට සෘජුව පවසන්නේ නැහැ. ඔබ ඔබේ කාලයත්, අනෙකාගේ කාලයත් විනාශ කර දමනවා. ඔබ ඔබේ සහකරු සමඟ සිටින්නේ අකමැත්තෙන් නම් ඔබ හේතුවක් නොමැතිවම ඔහුට/ ඇයට රිදවන්නට පටන් ගන්නවා. හේතුවක් නොමැතිවම ඔබ කෝපයට පත් වෙනවා. ඇතැම් විට අනියම් සබඳතා වලටත් යොමු වෙනවා. ඔබ තව දුරටත් ආදරය නොකරන බව සෘජුව පැවසීම මීට වඩා හොඳ නැද්ද? එක්කෝ අනෙකා ඔබේ ආදරය නැවත දිනා ගැනීමට උත්සාහ කිරීම නිසා සියල්ලම හොඳ අතට හැරේවි. නැති නම් ඔබ දෙදෙනාට වෙන් වෙන්ව වෙනස් සහ අළුත් ජීවිතයක් පටන් ගැනීමට අවස්ථාව ලැබේවි.

7 බරපතල රෝග ගැන

බොහෝ දෙනෙක් තමාට බරපතල රෝගයක් වැළඳුනු විට එය අවසානය දක්වා තමන්ගේ ආදරණියයන්ගෙන් සැඟවීමට උත්සාහ දරනවා. ඇත්තටම එහි අර්ථය කුමක්ද? ඔබ ජීවත්ව සිටින කාලයේ ඔබ වටා සිටින අය දුකින් සිටිනවා දකින්නට ඔබ කැමති නැද්ද? නමුත් අවසාන මොහොතේ ඔවුන් එය දැන ගැනීමෙන් දුකට පත් වුවාට ඔබට ගැටළුවක් නැද්ද? ඔබේ රෝග ගැන ඔවුන්ට දන්වන්න. ඔවුන්ගේ හිත ශක්තිමත් කරන්න. ඔවුනුත් ඔබේ හිත ශක්තිමත් කර ගැනීමට උපකාර වනු ඇත.

- tharunaya  



gossip lanka