ඔබේ ෆෝන් කොම්පැනියට ගිරිය පුප්පගෙන ජාතිය අමතන්න හිතෙන මේ වගේ ප්‍රශ්න ඔබත් අත්විඳලා තියෙනවද?

1. විශේෂාංග ක්‍රියාත්මක වීම

කිව්වෙත් නැහැ. මෙන්න මාසෙට කෝලර් ටියුන් එකක් ඇක්ටිව් වෙලා දවස ගානේ කැපෙනවා. කවුද දෙයියනේ දන්නේ නොදන්නා නොම්මරයකින් එන කෝල් එකක් ආන්සර් කරනකොට මේවා ඔටෝ ඔන් වෙනවා කියලා. අනික නිකන් දෙනවා නම් කමකුත්
නෑ. මේක සල්ලි කපා ගන්නෙත්  අපෙන්ම නේ.

2. හදිසි කරදර කාර නොම්මරයක්

කෙල්ලට නොදන්නා නොම්මරෙකින් මහා රෑට කෝල් එනවලු. මලකරදරේ නිසා අපිට මලක් කඩා ගන්නවත් බැහැ. බැරිම තැන කතා කළා කෝල් සෙන්ටර් එකට නොම්මරේ ගැන තොරතුරු හොයාගන්න. කොහෙද TRCSL අප්රුවල් එකක් ඕනෙලු . ඒ වගේම පොලිසියට ගිහින් එන්ට්‍රියක් දාන්නලු. මේ ටික හදිස්සියේ කරනවට වඩා නොදන්නා නොම්මරෙන් කෝල් 100ක් ආවත් සැපයි.

3. කෝල් සෙන්ටර් කතා කලාම තියෙන සනිපේ

හදිස්සියට තියෙන සර්විස් එකක් ඇක්ටිව් කරගන්නයි කතා කලේ. ඒත් කෝල් එක වේටින් වැටිලා තියෙනව. මොකෙක් හරි මෙලෝ රහක් නැතුව සින්දු කියනවා.
යන්තම් අනික් කොනේ හිටපු අක්කට හායි හලෝ වත් කියන්න කලින් මෙන්න ෆෝන් එකේ සල්ලි ඉවර වෙලා කට් වෙලා.

සල්ලි නෑ සනීපත් නෑ!!

4. දඩ බිල් මදිවට පට්ට බදු

බිල ආවා හම්මේ තියෙන සනීපෙ කියන්නකෝ. බිල හාරදාහයි අතිරේක වියදම් සහ බදු එක්ක මුළු ගාන 6000 පන්නනවා. වෙනස සැපද ආ?

5. අතරමැද කට් වෙන ඉන්ටනෙට් කෝල්

පොඩි වැඩ වගයක් කරන්න තිබිලා ක්ලයන්ට් කෙනෙක් එක්ක කතා කරනකොට මෙන්න පොල්ලෙන් ගැහුවා වගේ කෝල් එක කට් වෙනවා.  විලි ලැජ්ජාවයි නේද පින්වත?

6. ඉඟුරු වලට සල්ලි ගෙව්වම මිරිස් ලැබීම හෙවත් 4G වලට ගෙවූ මුදලට Edge ලැබීම

ඩේටා පැකේජ් එකක් ඇක්ටිව් කලාම එසැනින් අපිට SMS එකක් එනවා අනේ ඩේටා ඇක්ටිව් කළා හොඳට පාවිච්චි කරන්න කියලා. ඒත් ඩේටා ඕන් කලාම ෆෝන් එක ජාලෙට යන්නේ Edge වලින්. සමහර වෙලාවට signal strength එක යථා තත්ත්වෙට පත් වෙනකල් ඊළඟ දවස වෙනකල් බලා හිටපු වෙලාවල් ඔබටත් අනන්තවත් ඇති. අපෙන් ගන්න සල්ලි වලින් මේ ජාල පහසුකම් දියුණු කරලා තියෙනවා නම් කමක් නැහැ. ඒත් මෙහෙම වුනාම. අයියෝ සල්ලි තමා ඉතිං!!

7. අක්කා පෙන්නලා නංගි දීම

දැකලා තියෙනවද 2000 ක් වටිනා IDD පැකේජ් එක 750 ට දෙනවා? ඔය හට් ගහගෙන පාර අයිනේ ඉඳන් විකුණන ඕනේ තරම් පැකේජ් අයියලා ඔබ හොඳින් බැලුවොත් සොයාගන්න පුළුවන් වේවි. ඇත්තටම අපිට 2000ක කතා කාලයක් ලැබෙනවද? ඔව් හැබැයි, රුපියල් 750 වටිනාකම පැන්නම ගාන ඩබල් වගේ සීන්ස් තියෙනවා. රටින් රටට දුරකථන ඇමතුම් ගාස්තු වැඩි නිසා විනාඩි කිහිපයක් ඇති මේ සොච්චම් රුපියල් 750 ඉවර කරගන්න. ඊට පස්සේ බිල එනකොට තමා බඩේ බිත්තර තම්බන්න පුළුවන් වෙන්නේ.

- amiwa.lk


gossip lanka