කොලෙස්ටරෝල් වලින් මිදෙන්න අවශ්‍යද එසේ නම් ඔබ ගත යුතු ආහාර මෙන්න

කොලෙස්ටරෝල් කිියන්නේ ශ්‍රී ලංකාවේ බහුලවම පවතින ලෙඩ රෝග වලින් එකකි. ඒ වගේම දැන් මිනිසුන්ට උණ හෙම්බිරිස්සාව වගේම කොලෙස්ටරෝල් ද තියෙන හින්දා කොලෙස්ටරෝල් රෝගයෙන් වැලකී සිටීම අපිට හුගාක් අමාරුයි. ඒත් එම රෝගයෙන් වැලකීමට හොදම දෙයක් තමයි ඊට
සුදුසු ආහාර පාන ලබාගැනීම ඉතින් අපි බලමු මොන ආහාරද කොලෙස්ටරෝල් වලට හොදයි කියලා.

ග්‍රීන් ටී 

ග්‍රීන් ටී පාවිච්චි කිරීමෙන් අපිට ඇති වන ප්‍රධාන දේ තමයි අපේ ධමනි පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් වීම. ඒ වගේම ග්‍රීන් ටී පාවිච්චි කිරීමෙන් හද්‍යරෝග ඇති වීමේ අවධානමද අඩු වෙනවා. ඒ වගේම ග්‍රීන්ටී වල තවත් ප්‍රයෝජයක් තමයි ප්‍රිතිඔක්සිකාරක අඩංගු වීම සහ කිරීටක ධමනි සිහින් වීමේ රෝගය වැලදීමේ අවධානමද අවම කිරීම. ඔබ දැනටමත් කොළොස්ටරෝල් සෑදී ඇති අයෙක් නම් දිනකට ග්‍රීන් ටී 2-3ක් පානය කිරීමෙන් ඔබට වඩාත් සුවදායික තත්වයක් ලබා ගත හැකිය.

නිවිති

නිවිති කියන්නේ කොලෙස්ටරෝල් වලට පමණක් නොව ඕනම රෝගයක් සදහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙන වඩාත් ගුනදායි පලා වර්ගයකි. නිවිති වල තියෙන නයට්‍රික් ඔක්සයිඞ් නිසා ධමනි සංකෝචනය වීමට එරහිව ක්‍රීයා කිරීම, රුධිරය කැටගැසීම සහ මේදය තැන්පත් වීම වැළක්වීමට ක්‍රීයාකිරීම සහ හද්‍යභාග පැතිරීම වැලකීමටද ක්‍රීයා කිරීම විශේෂ කරුණකි .

සුදු ලූනු

සුුදු ලූණූ කියන්නේ ස්වභාවිකව හා අතුරු ආබාධ නැතිව ධමනි පිරිසිදු කිරීමට උපකාරී වන වටිනා ඖෂධයකි. ඒ වගේම සුදු ලූණූ ආහාරයට ගැනීමෙන් අපිට ඇතිිවන හද රෝග හා රුධිර නාළ අවහිර වීම වැලැක්වීම, රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල අඩු කිරීම, රුධිර නාල විශාල කිරීම, රුධිර සංසරනය වැඩි කිරීමටත් සුදුලූණු අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා දැනටමත් කොලෙස්ටරෝල් වැලදුනු කෙනෙක් නම් දිනපතා මීපැණි සමග සුදුලූණූ හිස් බඩට ආහාර ගැනීම හෝ සුදුලූණූ ආහාර වලට එකතුකර ලබාගැනීම අමතක නොකර කළ යුත්තකි.

අලිගැට පේර 

අලිගැට පේර වල තියෙන්නේ මොනවද කියලා අපි හැමෝම දන්නවානේ .ඒ තමයි මේදය. මේදය විතරක් නෙවෙයි අලිගැට පේර වල අඩංගු අනිකුත් වැදගත් පෝෂක මගින් රුධිරයේ තියෙන අහිතකර පෝෂ්‍ය අඩු කර, ධමනි අවහිර වීම වළක්වීම ප්‍රධාන කාර්යන් වේ .

සව්

සව් කියන්නේ ඉතාමත් රසවත් වගේම ගුනවත් ආහාරයකි. සව්වල මේද අම්ල අඩංගු වන නිසා සව් හදවතට වඩාත් යෝග්‍යය. ඒ වගේම සවු වල තියෙන තවත් වැදගත් දෙයක් තමයි අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම සහ ධමනි අවහිර වීම වළක්වීම.



gossip lanka