Husband Hacks – සැමියාගේ ඔෆිස් මිතුරන් එක්ක ෆිට් එකේ ඉන්න බිරිඳකට පොඩි ට්‍රික්ස් ටිකක්

අපි කලින් කතා කරා උයන පිහන වයිෆ් කෙනෙක් ගෙ හස්බන්ඩ් කෙනෙක් විදියට ඉන්න ඕන කොහොමද කියලා වගේම වයිෆ්ගෙ යාළුවො ඉස්සර හස්බන්ඩ් කෙනෙක් උනාම ඉන්න ඕන කොහොමද කියලත්. මේක කියවලා වයිෆ්ලාගෙන් අපිට හෙන වදේ අනේ අපිටත් හස්බන්ඩට වදයක් නොවී ආසා විදියට ඉන්න කියලා දෙන්න කියලා. ඔන්න ඒ නිසායි මේ ටික කියන්නෙ. මේ හස්බන්ඩ්ගෙ ඔෆිස් එකේදි හෝ ඔෆිස් යාළුවො ඉස්සරහදි වයිෆ් කෙනෙක් වුනාම හැසිරෙන්න ඕන විදිය. මේක ඉතිං වයිෆ් කෙනෙකුට හොඳට කියවලා හිතේ තියාගන්න
පුළුවන්. හස්බන්ඩ් කෙනෙකුට වයිෆ්ට පේන්න මේක ෂෙයා කරන්නත් පුළුවන්.

1. ඕපේ

ඔෆිස්වල ඉන්නව ජංගි ටයිප් බුවාලා. පොරවල් ඉතිං එකඑකාගෙ කුණු හොයලා අනිත් අය එක්ක කිය කිය සතුටු වෙනවා. එහෙම එවුන් වයිෆ්ගෙන් ඇඟට නොදැනී ෂේප් එකේ අහන්න ඉඩ තියෙනවා මෙයා ගෙදරදි කොහොමද? පොල් ගානවද? රෙදි හෝදනවද? වගේ දේවල්. ඇත්තටම හස්බන්ඩ් කෙනෙක් ඔය ඔක්කොම දේවල් කරාට කමක් නැහැ. හැබැයි උන් අහන්නෙ ඔය දේවල් ඔය විදියටම එළියට දෙන්න නෙමෙයි. ආපෝ අරූ ගෙදරදි ගෑණිගෙන් බැනුම් අහගෙන ගෑණිගෙ රෙදිත් හොදනවා බං කියලා තැන තැන කියවන්න. ඒ නිසා ඒ විදිහෙ කතා තමුන්ගෙ මනුස්සයට හැදෙන්න ඉඩක් නොදී ඉන්නවනං හොඳයි.

2. සැක බෝලේ

ඔයාට ඔයාගෙ හස්බන්ඩ්ව සැක වෙන්න පුළුවන්. අපිට කමක් නෑ ඔයා සැකකරගත්තට. හැබැයි ඔයාගෙ සැ‍කේ ඔයාගෙ හස්බන්ඩ්ට නැති ප්‍රශ්න ඇති කරවන තැනට පත්කරවන්න එපා. උදාහරණෙකට මෙයා ෂේප් එකේ ඉන්නවද? කීයටද ඔෆිස් එකට එන්නෙ? ඔෆිස් එකෙන් පිටත්වෙන්නෙ කීයටද? කියලා ඒ ඒ මොහොතෙ හම්බෙන අයගෙන් අහන්න එපා. එතකොට ඕන ගොනෙකුට තේරෙනවා ඔයා එයා ගැන සැක කරන විත්තිය. ඔය වගේ දේවල්වලින් ඇඩ්වාන්ටේජස් ගන්න බලාගෙන ඉන්න බුවාලා ගොඩක් ඉන්නවා. ඒවගේමයි ඔෆිස් එකේ ඉන්න ගෑනු යාළුවො ගැන හොයන එකත් පාලනය කරගන්න වෙයි.

3. ස්ටෑන්ඩර්ඩ්ස්

ඔයාගෙ ස්ටෑන්ඩර්ඩ්ස් හදාගන්න හස්බන්ඩ්ගෙ ඔෆිස් ප්‍රෙමිසස් එක පාවිච්චි කරන්න එපා. ඔයා හොඳ වයිෆ් කෙනෙක්ද කියන එක ඔයාගෙ හස්බන්ඩ් ඔයාට සලකන විදියෙන් මැනගන්න පුළුවන්. ඒ ගැන නොදන්න එක එකාගෙන් අහ අහ යන්න එපා. මං හදන කෑම හොඳයිද? හස්බන්ඩ් මං ගැන මොනවද කියන්නෙ? වගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න එපා. ඒව බූමරංග වගේ පස්සෙ හස්බන්ඩ්ටම කැරකිලා එනවා.

4. බොරුවට හසු නොවනු!

සමහර කොල්ලො ඉන්නව විහිළුවට එක එක කතා කියන. ඒ කියන්නෙ පොඩි බයිට් එකකට මිසක් පවුල් කඩන අරමුණෙන් නෙමෙයි. ඒ නිසා මූට හැමතැනම කෙල්ලො, බැලුවොත් ඇත්තං සිගරට් එක කටේ වගේ කතන්දර ඇහෙන්න ඉඩ තියෙනවා. ඒවට උත්තර දෙන්න යන්නවත්, ඒ මොහොතේ ඒ දේවල් විශ්වාස කරන්නවත්, ඒ මොහොතේ හස්බ්න්ඩ්ගෙන් ඒ ගැන හගිස්සවන්නවත් එපා. ඒක ඒ මනුස්සයගෙ තත්ත්වෙට හොඳ නැහැ. හිතට අවුලක්ම වගේනං ඇත්තම කියලා ගෙදර ගිහින් කතා කරන්න.

5. සැර නොකරනු!

හස්බන්ඩ්ට සැර කරන්න එපා. ඒ මනුස්සයා ගෙදර ඉන්න ජීවිතේට වඩා ඔෆිස් එක ඇතුළෙ වෙනස් කොලිටියක් මේන්ටේන් කරගෙන ඉන්නවා ඇත්තෙ වැඩකටයුතු පහසු කරගන්න. ඒ නිසා ඒ මනුස්සයට ප්‍රසිද්ධියේ සැර කරන්නෙපා. දැන් යමු! අපි දැන් කමු! ඔයා මොනවද ඔය කියවන්නෙ? පිස්සුද ඔයාට? වගේ ටෝක් ප්‍රසිද්ධියේ ඉෂූ කරන්නෙපා.

6. ඔෆිස් එකේ තැන

හස්බන්ඩ් ඔෆිස් එකේ ලොක්කෙක් වුනත්, ක්ලාක් වුනත්, ක්ලීනිං ස්ටාෆ් වුනත් ඒක පොරගෙ තැන සහ පොර ඒකෙන් කොහොමහරි ගෙදර නඩත්තුවට දායක වෙනවානේ. ඒ නිසා හස්බන්ඩ්ට ඔෆිස් එකේ තියෙන තැන ගැන හොයන්න යන්නෙපා. ඒක එහෙමම තියෙන්න දෙන්න.

- aniwa,lk

gossip lanka