ඇයි ඔයා අට පහ රස්සාවක් නොකරන්නෙ කියලා කවුරුහරි ඇහුවොත් දෙන්න පුළුවන් උත්තර 7ක්

ලංකාවෙ ගොඩක් දුරට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ සහ හැමෝම කරන්නෙ ජොබ්. ඉතිං මේ ජොබ් සහ රස්සාවලට පොදු ගුණාංග ටිකක් තියෙනවා. යන්න එන්න වෙලාවක්, නිශ්චිත විදියෙ ඇඳුමක්, නිළධාරී පිළිවෙලක් වගේ දේවල් ඒ අතර තියෙනවා. ඒ විදියට නොවන ජොබ් එකක් කෙනෙකුට ලැබෙන්නෙ ඉතාමත් කළාතුරකින්. හැබැයි ඉතිං ෆ්‍රීලාන්සර් කෙනෙක් කිවුවම හුඟක් අය බලන්නෙ කොලිෆිකේෂන් නැති වගකීමක් ගන්න බැරි
රස්තියාදුකාරයෙක් දිහා බලනවා වගේ නිසා එක එක කතා අහගන්න නං වෙන්න පුළුවන්.

ඉතින් අපි මේ කියන්න යන්නෙ ඒ විදියට නැතුව තමුන් කැමති විදියට වැඩ කරලා සල්ලි හොයන ෆ්‍රී ලාන්සර් කෙනෙකුට අහන්න වෙන කතාවලට එයාට දෙන්න පුළුවන් උත්තර ගැනයි.

1. ඇඳුම්

උදේට ඇඳුං මැදලා, හැමදාම හෝදලා, පිළිවෙලට තියාගෙන ඉන්න වෙනවා. තමුන් අකමැති විදියෙ ඇඳුමක් හිරට ඇඳලා බෙල්ට් දාලා ඉන්න වෙනවා. එහෙම ඉඳලා වැඩ කරන්න කොච්චර අමාරුයිද? ඊට වඩා හිතුනම නැගිටලා සරම පිටින් ගෙදර ඉඳන් වැඩක් කරන එක කොච්චර ෂෝක්ද? එළියට යන වැඩක් නං ෂේප් වෙලාවක ගිහිල්ල කැමති විදියට ඉඳලා එන්නයි තියෙන්නෙ.

2. යන එන

සමහර බස්වල උදේට කොන්දොස්තරත් එලියෙන් යන්නෙ.ඒ තරමට සෙනග. නැගපු මිනිස්සු බස් එකට නැගපු විදියමයි. හෙල්ලෙන්නවත් බැහැ. ඔය විදියට කී දාහක් ඔෆිස්වල මිනිස්සු කටු කනවද? ඊට වඩා කොච්චර ෂෝක්ද තමුන් කැමති වෙලාවට නිදහසේ හොඳට නින්දක් ගහගෙන බස් එකේ යන එක. සමහර වෙලාවට බස් එකටම ඉන්නෙ මිනිස්සු පස්දෙනයි.

3. තවතවත් වැඩ

සමහර ඔෆිස්වල පිට වැඩ කරන එක තහනං. ඊටත් වඩා තමුන්ගෙ වැඩ කලින් ඉවර වුනත් නිවාඩු නොදා ගෙදර එන්න බැහැ. ඔවුවා කරුමනෙ මහත්තයො. අපි වැඩක් ඉවර කළා නං එක්කො බොනවා, නැත්තං නිදාගන්නව, ඒත් නැත්තං තව වැඩක් හොයාගෙන කරනවා. කොච්චර ලේසියිද? සල්ලිත් හම්බෙනවා. නීති වි‍රෝධීත් නැහැ. සැපේ ඉන්න තියෙන්නෙ. තමුන් හිතන විදියටයි වැඩේ වෙන්නෙ.

4. නිදිමත නං නිදි

වැඩක් කර කර ඉන්න අතරෙ නිදි මතවල් එන එක සාමාන්‍ය දෙයක්. කලින් දවසෙ කෙල්ල එක්ක කොට්ටක් පැන්නනං, කලින් දවසෙ යාළුවෙක් එක්ක අඩියක් ගැහුවනං පොඩි නිදිමතක් එන්න පුළුවන්. ඔෆිස්වල නං එහෙම වුනා කියලා නිදාගත්තොත් ලොක්කොන්ගෙන කුණු බැනුම් නෙ. තමුන්ගෙ නිදහසේ වැඩ කරන මිනිස්සුන්ට මොන ප්‍රශ්නද? කැමති නං නිදි… කැමතිනං ඇහැරිලා…

5. ලොක්කො නැහැ

ඔෆිස්වල නං ලොක්කට ගොට්ට අල්ලගෙන ඉන්න ඕන. නැත්තං කැපිලි. මොකද තමුන් ගොට්ට ඇල්ලුවෙ නැතුවට අනිත් එවුන් අල්ලනවනෙ. ගුඩ් මෝනිං සර් කිය කිය බොරුවට මූනිච්ඡාවට හිනාවෙවී ඉන්න ඕන. ලොක්කා කියන හැම දේටම එහෙයි කිය කිය ඔලුව වනන්න ඕන. ඒ වගේම කෙලවෙනවා කියලා දැන දැනත් ලොක්කා කියන අයිඩියා ක්‍රියාවට නංවන්න ඕන. එවුව මහ කරුමනෙ. ඒ වගේද අපට මොන ලොක්කොද?


6. විවිධත්වෙ

උදේට නැගිටිනවා. දත්මදිනව. තේක ගහනව. ඇඳුම් මදිනවා. අඳිනවා. බත් පාර්සල් අරගෙන යනවා. මැෂිමට ඇඟිල්ල ගහනවා. වාඩි වෙලා රොබෝ වගේ වැඩ කරනවා. තේ බොනවා. කනවා. තේ බොනවා. තැලිලා ගෙදර එනවා.. මහන්සිය යනකං ඉන්නව. නානව. කනවා නිදියනවා. ආයෙ ඇහැරෙනවා. ඔච්චරයිනෙ මහත්තයො දවස පුරාම. අපිට එහෙමද? කැමති දේ කරා. ඒක අකමැති වේගන එනකොට වෙනස් දෙයක් කරා. කොහොමත් එකම වැඩක් නෙමෙයිනෙ හම්බෙන්නෙත්.

7. අඩු වියදම්

ඩේලි රස්සාවට යන කෙනෙකුට හදිස්සියට උයාගන්න බැරි වුනොත් කඩෙන් කන්න, බස්වලට, ඉර වදින්න තරමට පරක්කු වුනොත් ත්‍රීවීල්වලට, ඇඳුම්වලට, සපත්තුවලට, වෙලාවට වැඩකරන්න වෙන නිසා ඔරලෝසුවලට ආදියෙ එක එක වියදං සෙට්වෙනවා. ඒත් තමුන්ගෙ හිතේ හැටියට ගෙදර ඉඳන් වැඩක් කරන මනුස්සයෙකුට ඔය වියදම් බොහෝමයක් කැපිලයි එන්නේ.

- aniwa.lk


gossip lanka