ඉගෙන ගන්නා අතරේ දී තමන්ට ම කියලා ආදායමක් හොයා ගන්නේ කොහොමද?

අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්න, ඒ වුනාට ජීවත් වෙන්න මුදල් කියන දේ උවමනයි. සමහර යාළුවො තමන්ගේ අම්මලා තාත්තලාගේ පිහිටෙන් ජීවත් වෙනවා වුනාට, අපේ සමහර යාළුවො කැමති තමන්ගේම මහන්සියෙන් කියක් හරි උපයා ගන්න තමයි. මෙහෙම හිතන එකම ඇත්තටම ආඩම්බර විය යුතු කාරණයක්. මෙහෙම කරලා තමන් අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රයටත් වඩා ආදායම් උපයන්න සමහර වෙලාවට මේ අපුරු විනෝදාංශ/රස්සාවට පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. අද අපි අනිවා තුලින් කියන්න යන්නේ එහෙම ආදායමක් හොයන්නට
හැකියාව තියෙන, ඔයාට මුලික මුදල් යෙදවීමකින් තොරව ආරම්භ කරන්නට පුළුවන් රැකියා අවස්ථා කිහිපයක් ගැන.

1. ටියුෂන්

ඔයා මේ වෙනකොට උපාධියක් සඳහා අධ්‍යාපනය ලබනවා නම්, එහෙමත් නැතිනම් උසස් අධ්‍යාපනය හමාර කරලා නිවසට වෙලා ඉන්න තරුණයෙක් හෝ යුවතියක් නම්, ඔබට මේ මගින් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් වේවි.

වර්තමානය වෙනකොට ටියුෂන් කියන්නේ බොහොම තරඟකාරී හැසිරීම් රටාවක් තියෙන ආදායම් මාර්ගයක් වුනාට නිදහසේ ගෙදරට වෙලා ඉන්න කෙනෙකුටත් දරුවන් කිහිප දෙනෙකු එකතු කරගෙන පුංචි පන්තියක් පවත්වලා අමතර ආදායමක් හොයාගන්න එක එතරම් අපහසුවක් නැහැ.

2. පරිවර්තන කටයුතු

ඔයා යම් භාෂාවක නිපුණතාවයක් දක්වනවා නම් බොහොම පහසුවෙන්ම මේ වගේ දෙයක් පටන් ගන්නට හැකියාව තිබෙනවා, සිංහල, දමිල, ඉංග්‍රීසි වගේ භාෂා තුනෙන්ම මේ අන්තර්ජාලය තුල සොයා බැලීමක් කළා නම් ඔයාට පහසුවෙන්ම මේ වගේ රැකියා අවස්තාවන් සොයාගෙන අමතර ආදායමක් සොයාගන්නට පුළුවන්. උවමනා වෙන්නේ භාෂාවන් ගැන හොඳ දැනුමක් සහ පරිගණකයක් විතරයි.

3. ගිණුම් කටයුතු

ඉස්සර වගේ නෙවෙයි දැන් ආයතන වල ගිණුම් කටයුතු කරන්නට තමන්ටම කියා එකවුන්ටන්ට් කෙනෙකු තියාගෙන ඉන්නේ නැතිවා වගේ ම ඒවා නිදහස් වෘත්තිකයෙකු ලෙස අපිට ලබාගන්නට හැකියාව ඕනේ තරම් තියෙනවා. අපි සතුව ගිණුම්කරණය සඳහා වෘත්තීය සුදුසුකමක් පවතිනවා නම් අපේ හැකියාවන් ගැන කියලා සමාසික හෝ වාර්ෂික වගේ කාල පරාස වලට අපේ සේවය විවිධ ආයතනයන් වලට ලබාදෙන්නට පුළුවන්. ඔවුන් ගෙවන මුදලත් බොහොම සාධාරණ නිසා අපට පහසුවෙන්ම එදිනෙදා වියදම් පියවගන්න සහ තවත් මුදලක් ඉතිරි කරගන්නත් පුළුවන්.

4. අවන්හල්

අවන්හල් වල අර්ධකාලීන රැකියා කරන එක ලංකාවට මැජික් එකක් වුනාට වෙනත් රටවල් වල තරුණ පිරිස් තමන්ගේ එදිනෙදා වියදම් වලට සහ අධ්‍යාපනය සඳහා වන ගාස්තු පියවා ගැනීමට pizza hut, KFC, BurgerKing වගේ අවන්හල් වල රැකියාවන්ට යොමුවෙනවා. මෙහි තියෙන වාසිය තමා අපි වැඩ කරන පැය ගණනට මුදල් ගෙවීම සහ අපිට නිදහස ඇති විදියට සේවා කාල පරාසය තෝරාගන්නට හැකි වීම.

5. මාධ්‍යවේදී

ගොඩක් අය දැනගෙන නොහිටියට ඔයාට හොඳින් ලියන්නට පුලුවන්නම් මේ ක්ෂේත්‍රයේ freelance වැඩක් හොයා ගන්න එක එතරම් අපහසු නැහැ. ඔයා කලින් ලියවිලි කරපු බ්ලොග් අඩවියක් හෝ අන්තර්ජාල සමූහයක් හෝ තියෙනවා නම් ඔයාගේ හැකියාවන් පෙන්වන්නට ඒ යොමු පහසුවෙන්ම ඉදිරිපත් කරන්නට ඔයාට පුළුවන්. විවිධ ජාතික පුවත්පත් වල සති අන්ත හෝ සති මැද පිරිනමන අතිරේක වලට ලිපි යවා ඒවා පලවීමේ ප්‍රමාණය මත අපේ දක්ෂතාවන් ගැන තක්සේරුවක් අපට ගන්නට පුළුවන්.

6. වෙබ් අඩවි වලට ලිපි රචනා කිරීම

ලංකාවේ දේශීය අන්තර්ජාලය ඇතුලේ විවිධ ආකාරයේ වෙබ් අඩවි පවතිනවා, මින් වැඩි කොටස ව්‍යාපාරික අංශයේ  හෝ පුවත් සඟරා වෙබ් අඩවි. ඉතින් එහෙම වෙබ් අඩවි සමහර අවස්ථා වල අලුතින් රචකයින් ගන්නා බවට දැන්වීම් පළකරනවා. ඉතින් මෙහෙම අවස්තාවක් ලැබුන විට ඔබටත් හොඳ හැකියාවක් තියෙනවා එවැනි ලිපි ලියන්නට, ඇයි බලාගෙන ඉන්නේ? ඔබේ දක්ෂතාව ඔවුන්ට පෙන්නලා ඔවුන් හරහා රැකියා අවස්ථා උදා කරගන්න පුලුවන්.

7. ඡායාරූපකරණය

හොඳ කලාත්මක ඇහැක් තියෙනවා නම්, ඡායාරුපකරණය ගැන හොඳ දැනුමක් තියෙනවා, මේ රැකියා අවස්ථාව ඔබට තමා. වර්තමානය වෙනකොට වෙඩින්, ඉවෙන්ට්, විවිධ අවස්ථා ඡායාරූප ගත කරන්නට බොහෝ අය අන්තර්ජාලය හරහා සොයා බලනවා.  ඉතින් ඔබට කැමරාවක් නැතත් කැමරාව කාගෙන් හරි ඉල්ලගෙන හෝ කුලියට ගෙන අදාළ අවස්ථාව ආවරණය කරන්නට හැකි නම් ඔබේ මහන්සියට වටිනාකමක් ගන්නට බැරි වෙන එකක් නැහැ.

8. සංගීතය

ඔබේ විනෝදාංශය විදිහට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම කරනවා නම් ඔබ එහි දක්ෂයෙක් නම් ඔබට පහසුවෙන් ම ප්‍රියසාද වලට සංගීතය සැපයීම, ස්ටුඩියෝ රෙකොඩින් වගේ දේවල් වලට එකතු වෙලා අතිරේක මුදලක් උපයාගන්නට පහසුවෙන් ම පුළුවන්. ඒ වගේම එවන් හැකියාවකින් ඔබට කැමතිනම් සිසුන්ට සංගීතය උගැන්වීමෙන් අතිරේක ආදායමක් ලබන්නටත් පුළුවන් කම තියෙනවා.

9. Event organizing

යම් ඉසව්වක් සංවිධානය කරන්නට ඔබට හොඳ හැකියාවක් තියෙනවා නම් කිසිම ආබාධයකින් තොරව ඔබට event organizer කෙනෙකු ලෙස සමාජයේ නමක් උපයාගන්න හැකියාවක් තියෙනවා. ඔබ කරන්නට උවමනා වෙන්නේ යම් දෙයක් හොඳින් සංවිධානය කරන්නට යම් දැනුමක් ලබාගෙන සිටීම පමණයි.

10. අත්කම් නිර්මාණ

යන්න අන්තර්ජාලෙට යුටියුබ් එකේ එහෙමත් නැතිනම් වීමියෝ එකේ ඔබට බොහොම පහසුවෙන් එක එක නිර්මාණ කරන්නේ කොහොමද කියලා උගන්වන වීඩියෝ බොහොම පහසුවෙන් හොයාගන්නට පුළුවන්. මේ දේවල් හරියට අධ්‍යයනය කරලා උවමනා කරන බඩු ටික එකතු කරගෙන නිර්මාණ ටිකක් කරන්නට පුලුවන්නම් අතිරේක ආදායමක් ලබන එක සිම්පල්. Etsy වගේ අත්කම් විතරක් විකුණන වෙබ් අඩවි තියෙන නිසා ඒ සයිට් එකක ඔබේ දක්ෂ කම් ප්‍රදර්ශනය කරලා ඇනවුම් කිහිපයක් ලබා ගන්න පහසුවෙන් ම ඔබට පුළුවන්.

11. නිදහස් නිර්මාණකරණය (freelancing)

ඔබට graphic, networking, software, app designing හෝ වෙනත් තාක්ෂනික හැකියාවන් සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා නම් පහසුවෙන් ම අමතර ආදායමක් ලබාගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ තියෙන fiverr, Odesk (දැන් upwork), Freelancer වගේ වෙබ් අඩවි වලට ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය කලොත් පහසුවෙන්ම ඇනවුම් සහ නිර්මාණකරණයට අත්වැලක් සපයාගන්නට පුලුවන් වේවි.

amiwa.lk






gossip lanka