දවසක් නවරත්න මහත්තයා බාර් එකට ගියේ ශතකයක් වක්කර ගන්න කියලයි. කාලෙකින් බාර් එකේ යාලොස්ලා ස්ටෙලා වුනෙත් නැති නිසා, ඔක්කොම වැඩ ටික ඉවර කරලා, නාලා කරලා හිතේ සැහැල්ලුවෙන් ගියා බාර් එකට. වෙනදා වගේම බාර් මල්ලි අහන්නේ නැතුව නවරත්න මහත්තයාගේ චොයිස් එකට ෂොට් එක දාලා දුන්නා. බාර් එකේ කොනක පිටි මුට්ටයක් වගේ පොරක් බොහොම දුක් සීන් එකෙන් විස්කි වීදුරුවක් තොල ගානවා නවරත්න මහත්තයා දැක්කෙ මේ වෙලාවෙ.
මෑන්ස් වීදුරුව දිහා බලනවා, හුස්මක් උඩට ගන්නවා,
කඩල ඇටයක් කටට විසික් කරගන්නවා, ආපහු ටිකක් වෙලා බාර් මේසේ ඔලුව තියාගෙන ඉන්නවා, ආපහු හෙමීට ෂොට් එක තොල ගානවා. එක වැඩයි. සාමාන්‍යයෙන් නවරත්න මහත්තයා හෙන සෝසල් බුවා වෙච්චි. එහෙම එකේ මෙහෙම අල්ලලා පොලේ ගහලා වගේ ඉන්න පිටිමුට්ට මනුස්ස පරාණෙකට මොනා හරි කරදරයක් වෙලා වගේ දැනුණාම කොහොමද අහක බලාගෙන ඉන්නේ. පලවෙනි ෂොට් එක දාගෙන නවරත්න මහත්තයා පොර ගාවට කිට්ටු වුණා.
විස්තර ආගිය තොරතුරු එහෙම අහලා බැලුවට පස්සේ, පිටිමුට්ට මල්ලිගේ දුක්ගන්නාරාළ පෝස්ට් එකට සෙට් වුන නවරත්න මහත්තයා එක්ක මෑන්ස් තමන්ගේ දුක්ඛ සාගරේ හලන්න ගත්තේ මෙන්න මේ විදියටයි.
1. සල්ලි වලින් ඉදිමිච්ච උද්දච්ච වයිෆ්ලා
වැඩක් නැහැ මිස්ටර් මේ ජීවිතේ. දැන් බලන්න මම ආවේ මගේ බෙන්ස් කාර් එකේ. ගහන්නේ පැට්රල්. ඒ වුනාට බෙන්ස් එකට වඩා වියදමක් යනවා අපේ වයිෆ් ව මේන්ටේන් කරන්න. අරෙහෙ ෂොපින් යන්න මෙච්චරයි, මෙහෙ ෂොපින් යන්න මෙච්චරයි, අර පාටියේ අහවලාට දෙන තෑග්ග මෙච්චරයි, ඔන්න ඔහොමයි මිස්ටර් සල්ලි වියදම් වෙන්නේ. නිකමට හිතන්නකෝ කොච්චර වියදම් යනවද කියලා. ඒ අස්සේ මගේ වයිෆ් ඔය ඔක්කොම කැටයම් දාලා මට තමා මාසේ අන්තිමට බිල දාන්නේ.
වියදම් යනවට දුකක් නැහැ මිස්ටර්, ඒ වුනාට වියදම් යනවට අමතරව උන්ගේ උද්දච්ච ටෝක්ස් අහන්නත් ඕනෙනේ. කිලෝ සීයක් දෙසීයක් වුනේ නැත්තම් අල්ලලා පොලේ ගහනවා අම්මපා! අයි මිස් මයි පුවර් දවස් යූ නෝ…!!
2. සොරබිය
ඊයෙත් ගේ ගාව කාර් දෙකක් තුනක් නවත්තල අමුතු පෙනුමක් තියෙන කීප දෙනෙක් කැරකිලා තියෙනවා මම CCTV එකෙන් දැක්කා. එදා මම අලුත්ම බිස්නස් ඩීල් එකක් ගහලා ගෙදර ආවේ. බයත් හිතුණා. ඒත් මම එහෙම කිව්වම අපේ වයිප් කියනවා. “ඔයාව නම් උස්සගෙන යනවට වඩා ලාබයි උන්ට ෆාමසියක් කඩනවා” කියලා. මම ඇහුවා ඇයි කියලා. එතකොට වාහේ කියාපි, “උන් ඔයාව පැහැරගෙන ගියොත් උන් නට්ටන් වෙන්නේ සල්ලි වියදම් කරලා නෙවෙයි ඔයාට බෙහෙත් අරගෙන දීලා” කියලා.
හොරෙකුටවත් උස්සන්න බැරි ජීවිතයක් කියන්නේ මොන කරුමයක්ද කියලා හිතුනා මිස්ටර්, හැබැයි හිත අස්සෙන් පොඩි ලල් එකකුත් ආවේ නැතුවම නෙවෙයි. බට් අයි මිස් මයි පුවර් දවස් යූ නෝ..!!
3. තත්ත්වේ මේන්ටේන් කිරිල්ල
ඒ අස්සේ පොඩ්ඩක් ලාබෙට මොනවත් අරගන්න ගියොත් හිතන්නේ මූ හරි කුණා කියලා. ගාණ වැඩි බඩු එහෙම අරගෙන අරගෙන අපිත් හරි ආසයිනේ මිස්ටර් ලාබෙට බඩුවක් ගන්න. අනික ඔයා හිතන්නකෝ ඔයා දාන්නේ කැසියෝ ඔරලෝසුවක් කියලා. ඒ වුනාට උන් අපේ අතෙන් දකින්න බලාපොරොත්තු වෙන්නේ Rolex , Rado වගේ ඔරලෝසු මිස්ටර්. තත්ත්වේ හැටියට ඒවා නොදාත් බැහැ. ඒ වුනාට අයි මිස් මයි පුවර් දවස් යූ නෝ..!!
4. පොඩි කඩේකින් කන්න බෑ
ඉස්සර ඉස්කෝලේ යනකාලේ, ඉන්සුවරන්ස් එකේ වැඩ කරන දවස් වල කාපු එළු බාබත්තුයි මනි පිට්ටු වලයි රස තාම දැනෙනවා මිස්ටර්. ඒ වුනාට පොඩි කඩේකින් කන්න ගියාම මුදලාලිට අපිව පේන්නේ සල්ලි මිටියක් ඇවිදගෙන එනවා වගේ. එතකොට බුවා අපිට ගණන් කියන්නේ ලෝකේ අන්තිම එකා කන්න එනවා කියලා හිතේ තියාගෙන.
ඊට එහා අපේ වයිෆ්ලා, ඉස්සර පුට් සයිකලේ පොල්ලේ ගිහින් රොටී කඩෙන් කටදන ලුණුමිරිස් එක්ක රොටි කාපු ගෑණි දැන් හිල්ටන් එකෙන් ලන්ච් නැත්තම් ගේ මැද්දේ කිරි කොරහා නටනවා මිස්ටර්. අයි මිස් මයි පුවර් දවස් යූ නෝ..!!
මොන ජීවිතද මෙව්වා..!!!
5. විෂබීජ
ඉස්සර වගේ නෙවෙයි. දැන් මම අත තියෙන හැම තැනම විසබීජලු, ඉතින් ගෙදර ටැප් එකෙන් වතුර බිව්වොත් සතියක් මවුන්ට් එලිසබෙත් එකේ බෙහෙත් ගන්න වෙනවා. ඒ නිසා මට කියලා තියෙන්නේ දවසට Evian වතුර බෝතලයක් වත් බොන්න කියලා.
ඉස්සර ගෙදර ඉන්න කාලේ ලිඳෙන් වතුර ඇදලා නාලා හිටපු කාලේ මේ මොනවත් නැහැ මිස්ටර්. අයි මිස් මයි පුවර් දවස් යූ නෝ..!!
6. යස්ස පැටව් හෙවත් දුක දන්නේ නැති ළමයි
උන් ළමයි නෙවෙයි යස්ස පැටව් ටිකක්. මුලු දවසම කොම්පියුටරේ අස්සේ. මම හිතුවේ ඉස්කෝලේ වැඩ කියලා. බලනකොට, ලොකු කෙලී යූටියුබ් එකේ ෆැෂන් වීඩියෝ බලනවා. පොඩි එකා වෙන කවුද කෙල්ලෙක් එක්ක ඉන්ටර්නෙට් එකෙන් කෝල් එකක්. ඒ අස්සේ ඉස්කෝලේ විභාග වලින් ලකුණුත් අඩුයි. ඒ වුනාට ටීචර්ලා ඔක්කොම මම දෙන ඩොනේෂන් වලට වහ වැටිලා ඉන්න නිසා මොකවත් කියන්නේ නැහැ උන්ට. ඒ වුනාට දවසක් හරි වැරැද්දකට දණ ගස්සලා තිබ්බම ඔවුන් මැරෙනවයි මිස්ටර්?
හම්මේ ඒ කාලේ අපි ඉස්කෝලේ යනකොට අපරාදේ පහසුකම් ගාස්තු ගෙව්වේ, හිටියෙම දණගහගෙන. ඒකට මුන්!! දැට්ස් වයි අයි ඕල්වේස් ටෙලින් යූ අයි මිස් මයි පුවර් දවස් කියලා..!!
අනික තමා නාස්තිය. පුදුම සල්ලි කන වියදම්කාරයෝ ටිකක්. ඉස්කෝලෙට යන්න එක්කෙනාට අඩුම ගාණේ රුපියල් 2000ක් වත් අතමිට මොලවන්නෝනෙ. එහෙම නැත්තම් උන් ඉස්කෝලේ යනවා බොරු. වැරැද්දකට තරවටු කරන්න බැහැ. පොලීසියට කෝල් කරලා කියනවා අම්මා තාත්තා ගහනවා කියලා. ඉතින් කොහොමද ඔවුන් එක්ක ඉන්නේ? අනික නිවාඩුවට අනිවා යන්නෝන කොහේ හරි රටකට ට්‍රිප් එකක්. ඉතින් හිතන්නකෝ කොහොමද කියලා!!
7. බොරු පින්කම්
දවසකට පින්කම් දන්සල් වලට ආධාර ඉල්ලලා ලියුම් හත අටක් වත් එනවා. එව්වට ආධාර කළා කියමුකෝ. ඒ අස්සේ එක දවසක් බත් දන්සැලකට හාල් මිටියක් දීලා දන්සල් කන්න ආසාවට ගියා බලන්න දන්සැලට කන්න කියලා. බලනකොට එතන දන්සැලක් නෑ. තියෙන්නේ කඩයක්. මම දීපු හාල් මිටියෙන්ම හාල් කිර කිර කඩේ එකා විකුණනවා. පෝය දවසේ අඩුවට කියලා. හම්මේ මට එවෙලේ ආපු සන්තෝසේ!!
8. දේශපාලුවන්ගෙන් කරදර
ඡන්දයක් ලං වෙනකොට මම ඉන්නේ හිතේ ගින්දරෙන් මිස්ටර්, හැම පක්ෂේන්ම එන්නේ මගෙන් ආධාර ඉල්ලගෙන. උන් අඩු ගාණේ දෙන ගාණ අරගෙන නිකා ඉන්න එපෑ, එව්වා නෑ.
“මහත්තයා ගිය පාර ඡන්දෙට දුන්නෙත් මිලියන 5යි. මේ පාර අඩුම ගාණේ 10ක් වත් දෙන්නේ නැතුව කෝල් එකක්වත් දෙන්න එහෙම හිතන්නවත් එපා!”
ඔන්න ඔහොමයි ඔවුන් ආධාර ඉල්ලන්නේ. මොනා කරන්නද මිස්ටර් බිස්නස් ටික දිගට කරගෙන යන්න ඔය යක්කු ටික දිනලා තියෙන එක මටම නේ වාසිය තියෙන්නේ. දුක තමා!!
9. දියුණුව ගැන අනික් අයගේ ඉරිසියාව
සමහර මිනිස්සු මා දිහා බලන්නේ මස්කඩේ මුදලාලි ඌරෙක් දිහා බලනවා වගේ කෑදර කමින්. උන් දන්නවානේ මම ඉල්ලන දේවල් වලට සල්ලි දෙන්න තියෙනවා කියලා. ඒ වුනාට හැරිච්ච හැරිච්ච අතේ කරන්නේ මාව පතුරු අරින එක මිස්ටර්. උන්ට සල්ලි දෙන්නත් ඕනේ මම. බැණුම් අහන්නත් ඕනේ මම.
අයි රියලි රියලි මිස් මයි පුවර් දවස් යූ නෝ..!!
- aniwa.lk
සල්ලිකාරයෝ විඳින දුක
2018-07-16T03:24:00-07:00
Gossip Lanka Hot News
slide|