1. Marshmallow Choco Banana Toast
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පෙති කීපයක්
- බටර්
- මාශ්මෙලෝ
- චොකලට් චිප්ස් හෝ කුඩාවට කපා ගත් කුකින් චොකලට්
- පෙති කපාගත් ඉදුණු කෙසෙල්
- පාන් පෙතිවල දෙපැත්තේම බටර් තවරා ගන්න. මාශ්මෙලෝ කුඩා කැබලි වලට කඩා පාන් පෙත්ත මත අතුරා ඒ මතින් චොකලට් චිප්ස් සහ කෙසෙල් අතුරා ගන්න.
- ඒ මතින් තවත් පාන් පෙත්තක් තබා ටෝස්ටරයක ටෝස්ට් කරගන්න.
2. Marshmallow Peanut butter Balls
අවශ්‍ය ද්‍රව්‍ය:
- රෝස්ට් කරගත් අමු රටකජු
- අයිසින් සීනි
- මාශ්මෙලෝ
- බටර්
- රට කජු වලින් කොටසක් බටර් එක් කර මෘදු පේස්ට් එකක් වන තුරු ග්‍රයින්ඩ් කරගෙන එයට රස අනුව අයිසින් සීනි එක් කරන්න.
- ඉතිරි කොසට තරමක් කෑලි හිටින ලෙස ග්‍රයින්ඩ් කරගන්න.
- මාශ්මෙලෝ කැබල්ලක් මැදට සිටින සේ රටකජු පේස්ට් එකෙන් ආවරණය කර බෝලයක් සාදාගන්න.
- කැබලි සිටින්න අඹරාගත් රටකජු උඩින් දවටා කෑමට ගන්නා තුරු ශීත කරණයේ තබා ගන්න.
3. Marshmallow Popcorn Bars
අවශ්‍ය ද්‍රව්‍ය:
- මාශ්මෙලෝ
- බටර්
- පොප්කෝන්
- බටර් ස්වල්පයක් බාජනයකට දමා මෙන්න මේ පහසු ක්‍රමයට බොයිල් කරගෙන (ඩබල් බොයිල්) එයටම මාශ්මෙලෝ එක් කර මාශ්මෙලෝ උණුකරගන්න. (බටර් සහ මාශ්මෙලෝ බාජනයකට දමා මයික්‍රොවේව් කරගන්නත් පුළුවන්)
- එයට පොප් කෝන් එක් කර හොඳින් කලවම් කර බටර් ගා ගත් තැටියක අඟල් 2ක් පමණ ඝණකමට තුනී කර නිවෙන්න හැර කෑලි කපා ගන්න.
4. Chocolate Coated Marshmallow
අවශ්‍ය ද්‍රව්‍ය:
- මාශ්මෙලෝ
- මිල්ක් කුකින් චොකලට්
- ස්ප්‍රින්කල්ස්
- මාශ්මෙලෝ කැබල්ල බැගින් ටූත් පික් වල අමුණාගන්න.
- කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කරගෙන තරමක් නිවෙන්න හැර මාශ්මෙලෝ චොකලට් වල ගිල්වා දවටා ගන්න.
- ස්ප්‍රින්ක්ල්ස් දවටා වියලෙන්න තබන්න.
5. Marshmallow Choco Nut Bars
අවශ්‍ය ද්‍රව්‍ය:
- මිල්ක් කුකින් චොකලට්
- රෝස්ට් කර කුඩාවට කැපූ කජු
- රෝස්ට් කර කුඩාවට කැපූ රට කජු
- මාශ්මෙලෝ
- බටර්
- බටර්, මාශ්මෙලෝ සහ කුකින් චොකලට් භාජනයකට දමා ඩබල් බොයිල් කරගන්න.
- සියල්ල හොඳින් දිය වූ පසු කජු වර්ග දෙක එක් කර මිශ්‍රනය බටර් තවරා ගත් තැටියක ඝණකමට තුනීකර නිවෙන්න අරින්න.
- පැයක් පමණ ශීත කර කෑලි කපාගන්න.