අපි වාහනයක් මිලදී ගන්නකොට සලකන්න උවමනා තොරතුරු ගැන පසුගිය ලිපියකින් කතා කළා ඔබට මතක ඇති. ඒ වගේම අපි මිලදී ගන්න වාහනය දිගින් දිගටම භාවිතා කරනවාට වඩා කාලයක් පාවිච්චි කිරීමෙන් පසුව අලුත් වාහනයක් වෙත යොමුවෙන එක වඩා ප්‍රායෝගිකයි. ඒ ඔක්කොටම වඩා ඔබේ වාහනේ දෙවන නිවහන ලෙස හොඳ තැනකට වාහනය භාර දෙන්න හැකි නම් ඔබේ වාහනය තව චිරාත් කාලයක් ධාවනයේ යෙදෙනවා බලා සතුටු
වන්න පුලුවේවි.
වාහනය විකුණන්නේ කොහොමද කියන ගැටලුව එන්නේ අන්න එතනදීයි. අනිවා අපි මේ තොරතුරු කිහිපය කියන්නේ වාහනයක් විකුණන්න බලා සිටින ඔබ සඳහාමයි.
1. වෙළඳපොල
මිලදී ගන්නකොට අපි බලන්නේ අඩුවෙන්ම මිලදී ගන්න පුළුවන් වාහනයක්. එත් විකුණනකොට මේ දේ වෙනස් වෙනවා, විකුණන්න අපි උත්සහ කරන්නේ උපරිම මිලට. මේ නිසා වෙළඳ පොළ තෝරා ගැනීමේදී අපි ප්‍රවේශම් වුනේ නැතිනම් අපිට නොදැනීම අපිට පාඩු වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ප්‍රධාන වශයෙන් වෙලඳපොල තීරණය වීම වාහනය මත තීරණය වෙනවා.
හැබැයි එකක්. අපි මෙතනදී වෙළඳපොල කියලා අදහස් කරන්නේ වාහනයේ වර්ගය අනුව ඉල්ලුමයි. වාහනයට අමතරකොටස් බහුල, සේවා ස්ථාන වැඩි, සුලභ වාහනයක් නම් ඔබේ වාහනයේ වෙළඳපොල ඉහල මට්ටමේ එකක්. හැබැයි වාහනයේ අමතරකොටස් අඩු, වාහනය සේවා කරන්නට දන්නා අය අඩු නම් එහි මිල අඩුවන්නේ නිතැතින්මයි.
2. තරඟකාරී ලෙස වාහනයේ මිල නියම කරන්න.
වාහනයේ මිල නියම කරන විට අපේක්ෂා කරන මිලට වඩා ටිකක් වැඩි අගයක් එකතු කර, මිල නියම කරන්න. එවිට මිලදී ගන්නට එක තැනැත්තා කේවල් කරන්නට පටන් ගන්නේ ඔබේ වැඩි මිලත් සමඟයි. අපේක්ෂා කරන මට්ටමට වැඩියෙන් මිල නියම උනොත් වැඩි මුදලක් අතට එන්නේ ඔබටම නේද?
3. සිත්ගන්නා ලෙස සේවා කිරීම
වාහනය විකිණීමට යොමුකරන්නට ප්‍රථමයෙන් වාහනයේ අඩුපාඩු සහ ගෙවී ඇති කොටස් අලුතින් දැමීම මගින් වැඩි මුදලක් ඉල්ලා සිටින්නට ඔබට පුළුවන්, නිදසුනක් ලෙස ඔබේ වාහනයේ ටයර් 4 ගෙවී ඇතිනම් අලුතින් ටයර් 4ක් දමා විකුණන්නට තැබීම මගින් වැඩිමුදලක් සහ ආකර්ශනයක් ඔබේ වාහනය වෙතට නිතැතින්ම ලැබේවි. ඊට අමතරව ඔබ වාහනය ජෙනුවින් තත්වය ගැන සලකන්නෙක් නම්, අදාළ වාහනය සේවා කරන්නටම සුවිසේෂ පුද්ගලයින් ලවා කරවීම [නිදසුන් : ටොයෝටා වාහනයක් සේවා කිරීමට ටොයෝටා ලංකා ආයතනයට යොමු කිරීම.] වැදගත්.
4. විකිණීමට ඇති බව කියන්නේ කොහොමද?
ඔබේ වාහනය විකුණන්නට ඇති බව අනෙක් අයට දන්වා සිටීමට විවිධාකාර ක්‍රම අනුගමනය කරන්නට පුළුවන්. මිතුරන් හා කතා කරමින් සිටිත්දී වාහන විකිණීම සම්බන්ධ දෙයක් කතා බහ මැද්දට ආවිට ඔබේ වාහනයත් විකිනේමට තබා ඇති බව පවසන්නට පුළුවන්.
ඒ වගේම for sale බෝඩ් එකක් සමඟ ඔබේ දුරකථන අංකය වාහනයේම ප්‍රදර්ශනය කිරීම ඔබේ වාහනය විකිනීමෙදී ඉතා හොඳ උපක්‍රමයක්. ඔබට ඊට අමතරව දිනපතා පුවත්පතක ලුහුඬු දැන්වීමක් හෝ වාහන විකුණන්නට ඇති වෙබ් අඩවියක ඔබේ වාහනය ප්‍රදර්ශනය කිරීමෙන් ආකර්ෂණය තවත් වැඩි කරගන්න පුළුවන්.
මීට අමතරව අද කාලේ ෆේස් බුක් කියන්නේ ඔබේ විකිණීම සහ වෙළඳපොල සෙවීම් වලදී ඉතා හොඳ marketing tool එකක්, පුලුවන්නම් වාහන ගැන තියේන ගෘප් එකක ඔබේ වාහනයේ high quality පින්තුර කිහිපයක් ගෙන ඒ සමඟ යොමුවක් දමන්න. ඉතා හොඳ ප්‍රතිචාර නියතයි.
5. මිල පිළිබඳ නම්‍යශීලී වන්න.
වාහනය ගැන විමසීම් කරත්දී ඔවුන් ගේ මිල ඔබේ අපේක්ෂිත මිලට වඩා අඩු නම් කලබල වෙන්න එපා. ඔබේ කතා බහ සහ ඔබ වාහනය ඔබේ මිලට විකුණන්නට හේතු වන කාරනා ඔවුන් හට පැහැදිලි කරදෙන්නට හැකි නම්, බොහෝ අවස්ථාවල ගනුදෙනුවේ ජය අත්වෙන්නේ ඔබටම තමා.
6. අලෙවියෙන් පසු සේවා තොරතරු ගැන දැනුවත් කරන්න.
වාහනය මිලදී ගන්නට එන අයට ඔබේ වාහනය මේ තරම් ඉහල තත්ත්වයෙන් නඩත්තු කරන්නට හේතුවන රහස් එකක් දෙකක් පවසා සිටීම හෝ ඔබ වාහන සේවා කරන්නේ කිනම් ස්තානයකින්ද කියා කීම වරදක් නොවේ, එයින් ඔබ වාහනය ගැන දක්වන සැලකිල්ල සහ වාහනයේ තත්වය ගැන ඉතා ඉහල තක්සේරුවක් ඔවුන් තුල ඇතිවන්නට බොහෝ ඉඩ කඩ තියෙනවා.
7. නිත්‍යානුකුලව විකුණුම අහවර කරන්න.
කොතරම් වාහනය ගැන සතුටු උනත් ඔබේ ගනුදෙනුව නිත්‍යානුකුලව නිම කිරීමට වග බලාගන්න. එය ඔබට මෙන්ම වාහනය මිලදී ගන්නට එන පාර්ශවයටද පහසුවක් වනවා නො අනුමානයි. මේ නිසා හැමවිටම මිලදී ගන්නට ඉදිරියෙන් වාහනය විකුණුම් කරු වන ඔබ සිටින්න.
එය ඔබ ලබනා මහඟු ජයග්‍රහණයක්!
- aniwa.lk
ඔබේ වාහනේ විකුණන්න යනවා නම් ඔබට ලොකු වාසියක් ගෙන දෙන වැදගත්ම කරුණු 7ක්
2018-06-29T01:12:00-07:00
Gossip Lanka Hot News
slide|