කෙනෙකුට හිතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් වෙනවා කියන්නෙත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒකට හොඳ පළපුරුද්දක් වගේ ම තමන් තුල හොඳ ආත්ම විශ්වසයකුත් තියෙන්න ඕනේ. තමන් කියන දෙයට කෙනෙක්ව එකඟ කරගන්නවා කියන්නේ ඔයාට එක අතකින් විතරක් වාසි වෙන දෙයක් නෙවෙයි. ඔයා ව්‍යාපාරිකයෙක් නම්, රැකියාවක් කරන කෙනෙක් නම් ඒ වගේම සාමාන්‍ය ලෝකයේ හිතවත් කම් සහ සම්බන්ධකම් තබා ගන්නට කැමති කෙනෙක් නම් තමන්ගේ මතයට
කෙනෙක්ව එකඟ කරගන්න එකෙන් තියෙන වාසි කොච්චරද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
1. විස්තර කරන්න
යම් අදහසක් තවත් කෙනෙකුට අවබෝධ කරවන්නට ඔයාට හැකියාවක් තිබේ නම් එහෙම කරන්නට හැකියාව තියෙන්නේ එක හේතුවක් මත. ඒ තමා බොහෝ වෙලාවට ඔයා ඒ අදහස විශ්වාස කරනා නිසාවෙන්. කෙනෙකුට යම් දෙයක් කියන්න නම් ඔයා ඒ ගැන හොඳින් දැන සිටින්න ඕනේ.
මොකද අපි දන්නේ නැහැ. අපි අපේ කාරණාව විස්තර කරන කෙනා මොන ප්‍රශ්නය අසාවිද කියලා. අපි නිකමට හිතමු ඔයා කතා කරන්නේ මුල්‍ය ක්ෂේත්‍රය ගැන කියලා.
ඔබ : අපි අවුරුද්දකට මේ තැම්පතුව දැම්මොත් 8% ක පොලියක් ගන්න පුළුවන්.
මිතුරා : හරි මේක දාන්නේ මාස 12කට නේ, හදිසියේ වත් මාස 11 ගිහින් තියෙනකොට මට උවමනා වුනොත් සල්ලි ගන්න, අර මාස 11 පොලිය මට ගන්න පුළුවන් වේවිද?
මෙන්න මෙහෙම අවස්තාවක ඔයාගෙන් ඔයාගේ මිතුරෙක් ඇහුවොත් එතැනදී එයාට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න තරම් අදාළ විෂය ගැන දැනුමක් ඔබ ගැන තිබීම අනිවා ෆැක්ට් එකක්. එහෙම නැති වුනොත් ඉතින් සොරිම තමා.
2. සවන් දෙන්න
ඔබට තමන්ගේ අදහස තව කෙනෙකුට පැහැදිලි කරන්නට උවමනාවක් තියෙනවා නම් එය කරන්නට හොඳම විදිහ තමයි අනෙකා කියන දේට සවන් දෙන එක. මොකද ඔයා තව කෙනෙක් කියන දෙයට සවන් දෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔහුත් ඔයා කියන දේට මනස යොමු කරන්න වැඩි ඉඩක් තියනවා කියන එකයි. ඒ වගේම ඔහු/ ඇය ඔයා කියන දේට එකඟ වෙන හැකියාව හරිම ඉහලයි. සමහර වෙලාවට ඔවුන් කියන දේ ඇතුලේ ඔයාගේ අදහස දියුණු වැඩි දියුණු කරන්න තියෙන හැකියාවක් තියෙන්නත් ඉඩ තියෙනවාද කවුද දන්නේ ?
ඒ වගේම ඔයාගේ හිතවතා කියන දෙයට ප්‍රති පිළිතුරු සපයනකොට තමන් හොඳින් ඔහුව/ ඇයව අසාගෙන සිටියා වගේ හැඟීමක් දෙන්නට පුලුවන්නම් හරිම වටිනවා.
“ඔව් ඔයා ඉස්සෙල්ලා කිව්වා දේත් එක්ක එහෙම දෙයක් කරන එක තමා වටින්නේ..!”
“නැහැ! කලින් ඔයා කියපු මෙන්න මේ දේ එක්ක කල්පනා කරලා බලත්දී තමා අපි හිතන දේ වෙනස් කියලා තේරෙන්නේ නේද? ”
“ඔව් මට තේරෙනවා ඔයා කියපු අර හේතුව නිසා මෙන්න මේ ප්‍රශ්නය එනවා කියලා”
ඒ වගේම, ඔයාට එතැනදී හොඳ අවස්තාවක් තියෙනවා. ඒ තමයි මිත්‍රයා භාවිතා කරන වචන සහ අදහස් පාවිච්චි කරලා ඔයාගේ අදහස කියන එක. ඔබේ මිත්‍රයා සැහැල්ලු විනෝදජනක කතාබහට කැමති කෙනෙක්නම් ඔබට පුලුවන් ඒ ආකාරයට සැහැල්ලුවෙන් ඔහුත් එක්ක කතාකරන්න, ඔහු දේවල් ගැන බැරෑරුම් විදිහට බලන කෙනෙක් නම් කෙනෙක්නම් ඔබට පුලුවන් ඒ විදිහෙ කතා විලාශයක් අනුගමනය කරන්න. එහෙම වුනාම දෙපැත්තම දිනුම්. Win win solution එකක්..!
3. විශ්වාස කරන්න
ඔයා තමන් දරන අදහස සම්බන්ධයෙන් බොහොම තදින් විශ්වාස කරන බව අනික් කෙනාට දන්වන්න හැකියාවක් තියෙනවා නම් එයත් හොඳම විදිහක් තමයි තමන්ගේ අදහස අනික් අය අතරට ගෙනියන්න. පුළුවන් තරම් තමන්ගේ අදහස තහවුරු වෙන විදිහට උදාහරණ ගෙන හැර දක්වන්න.
තමන්ගේ අදහස් අහගෙන ඉන්න පිරිස ගැන පුද්ගලිකව දන්නවා නම්, “හැකියාවක් තියෙනවා නම් පමණක්” ඔවුන්ගේ පුද්ගලික අවස්ථා සහ සිදුවීම් කිහිපයක් අල්ලලා ඔයාගේ අදහස පල කරන්න. ඔවුන් එය තදින් වැලඳ ගනීවි.
මීට අමතරව තමන්ගේ හැසිරීමෙන් පවා තමන්ගෙ විශ්වාසය අනිත් අයට ඒත්තු ගන්නන්න උත්සාහ කරන්න කරන්න පුළුවන් නම් ඔයා දිනුම්. මෙතැනදී ගොත ගසමින්, කතාව අතරතුර කඩින් කඩ නිශ්ශබ්ද වෙන්නෙ හිර වෙන්නේ නැතිව පුරුදු පුහුණු වෙලා පැහැදිලිව කතා කරන්න අපිට පුලුවන්නම් තමා වටින්නේ.
වචන පටලෝගෙන ඕනෑවට වඩා කල් අරන් නවත්ත නවත්ත කතාකරන්න යන්නේ නැතිව අසන්නාට පහසුවක් වෙන විදියට කතා කරන්න පුළුවන් නම් අපිට කිසිම කරදරයක් නැතුව අසන්නාගේ විශ්වාසය දිනාගන්න පුළුවන් වේවි.
4. නිරීක්ෂණය කරන්න
ඔයා ඔයාගේ හිතවතා කතාකරමින් සිටිනකොට ඔහු/ඇය කතා කරනා ආකාරයෙන් සහ ඔහු / ඇය පල කරන අංග ලක්ෂණ හැසිරීම් රටා වලින් අදාළ පුද්ගලයා කුමන මානසික මට්ටමක සිටිනවාද කියා අදහසක් ගන්න පුළුවන්.
එහෙම අවස්තාවක් ඔයාට පුලුවන්නම් ඔහු/ඇයගේ මනසට හරියටම ගැලපෙන විදියට ආමන්ත්‍රණය කරන්න. අන්න එතැනදී ඔයා දිනුම්.
සමහර අවස්ථා වල මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන් එහෙත් යම් දෙයක් කියනකොට බුදුන්වහන්සේ උප්පත්තිය ලබන්න කාලය, දීපය, දේශය, කුලය, මව බැලුවා වගේ නියම අවස්ථාවේ නියම දේ කියන්න කරන්න පුලුවන්නම් ඔයා දිනුම්.
මේකටම මෙන්න මේ දේත් එකතු කරන්න ඕනේ. ඔයාට අවශ්‍ය කාරණාවක් ගැන ඔයා ඔයාගේ හිතවතා එක්ක කතා කරන්න යනවා නම්, එයා පොඩ්ඩක් සැනසිල්ලේ cool down වෙලා ඉන්න වෙලාවක කතා කරන එක තමා වටින්නේ.
5. පීඩාවට පත් නොකර ඔබේ අදහස පවසන්න.
මොනම වෙලාවක වත් තමන්ගේ අදහස අනෙකාට දන්වන්න කියලා දෙවෙනි පාර්ශවයට බලපෑම් කරන්න එපා. එහෙම කලාම වෙන්නේ ඔයාගේ අදහස අහන්න කලින් ඔයාව එපා වෙන එකයි.
ඔයාව එපා කිව්වට පස්සේ ඔයාගේ අවශ්‍යතාව දන්වන්න ලෙහෙසි නැහැ.
- aniwa.lk
අනුන්ව ලේසියෙන්ම තමන්ගෙ මතයට නම්මගන්න මේ ටිප්ස් දැනගෙන ඉන්නම වෙනවා
2018-06-13T00:00:00-07:00
Gossip Lanka Hot News
slide|