නියම විදිහට රැවුල බාන හැටි දන්නවද? දන්නෙ නැත්නම් මේ ටිප්ස් 10 කියවන්න

මාස ගානක් තිස්සේ තිබ්බ පෑවිල්ල ඉවර වෙලා ඔන්න ටික ටික වහින්න ගන්නවා. වේලිලා ගිහින් ගහකොළ මැරිලා ගිහින් තිබ්බ පොළොවේ අලුතින් පැල එහෙම එක දෙක හැදෙන්න ගන්නවා. ඉතින් මෙහෙම හැදෙනකොට අර වහින්නේ නැති කාලේ වගේ එලි කරගන්න උවමනා වෙලා අපි කරන්නේ පිහියක් හරි මන්නයක් හරි අරගෙන අර කැලේ කපලා එලිකරලා දාන එක.

රැවුල කැපිල්ලත් එහෙම තමා, පැහැපත්ව තියෙන මුහුණේ තැනින් තැන එන පුංචි කෙස් කොට එකින්
එක එනකොට ඉක්මනින්ම මුහුණ ආපහු ෂේව් කරලා පැහැපත් කරගන්න තමා ගොඩක් අය බලන්නේ, තමන්ගේ අත්පා වලත් එන කෙස් සම්බන්ධයෙන් මේ කතාව එම සේම තමා.

අපි මෙහෙම ෂේව් කරනකොට අපි කරන අතපසු වීම් තියෙනවා, ඒවා අපි ඉන්න තැන සහ යෙදෙන වැඩ අනුව වෙනස් වෙන්න පුළුවන්. මොනවා උනත් අපි මේ කියන්න හදන්නේ ඔයා ෂේව් කරනකොට ඔයාගේ අතින් වෙන්න පුළුවන් අතපසුවීම් වගේම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන තොරතුරුයි.

1. රේසරේ එක්ක ආස්සරේ

මෙහෙම කියන අපේ යාලුවෙක් හිටියා. මේ කියන්නේ යන්නේ ඒ යාලුවා ගැන නෙවෙයි. එහෙම රෙසරේ වැඩි කාලයක් භාවිතා කරන එක ඔයාට හොඳ නැහැ. හේතුව තමා. අපි එක වරක් භාවිතා කරලා පැත්තකින් තියෙනකොට එහි තියෙන තෙත ගතියට අපිට නොපෙනෙන දුහුවිලි, ජලය, මැරුණු සෛල කොටස් රෙසරයේ එකතු වෙලා තිබෙන්න පුළුවන්. එහෙම වුනොත් අපිට නොපෙනෙන බොහොම ක්ශුද්‍ර ප්‍රමාණයේ මලකඩ කොටස් රෙසරේ හැදෙන්නට ඉඩ තියෙනවා. ආපහු දින කිහිපයකින් ඔයා රැවුල කපනකොට මුහුණේ සම ආසාදනය වෙන්නේ නැහැයි කියලා කියන්න පුළුවන් කාටද? ඉතින් මෙන්න මේ නිසා ඔබත් හැමදාම රැවුල බාන කෙනෙක් නම්,  සති දෙකකට වරක් වත් ඔයා පාවිච්චි කරන රේසර් එක මාරු කරන එක නුවනට හුරුයි.

2. රේසරේ කියන්නේ fb post එකක් නෙවෙයි. ඒ නිසා share එපා!

රේසරේ කියන්නේ විෂබීජ එක්රැස් වෙන තැනක්. අනික රේසරේ කියන්නේ තනි පුද්ගලයෙකුට වෙන් වුනු දෙයක්. මේක එකිනෙකා එක්ක බෙදාගන්න බැහැ. එහෙත් මෙහෙම දේවල් වෙනවා. අපි බෝඩිමක එහෙම ඉන්නකොට අපේ ආම්පන්න සහ ඇඳුම් පවා අපි යාළුවො එක්ක බෙදාගෙන පාවිච්චි කරනවා.

මෙන්න මෙතැනදී තමා අවුල වෙන්නේ. ඔබ පාවිච්චි කරන රේසරේ ඔබේ යාලුවෙක් භාවිතා කරන වෙලාවක ඔබේ සමේ යම් ආසාදනයක් හෝ රෝගයක් තියෙනවා නම් ඔහුටත් රේසරේ හරහා එය වැළඳෙන්නට පුළුවන්.

3. මුලින් ෂේව් පස්සේ නෑම් එපා

මුලින් ෂේව් කරලා පස්සේ ස්නානයට යනවට වඩා ඔයා ස්නානය කලාට පස්සේ රැවුල කපන එක තමා අයිඩියල් ම. මේක වඩාත් ම ඇප්ලයි වෙන්නේ ඔයා උණුවතුරෙන් ස්නානය කරනවා නම් තමයි. හේතුව ඔයාගේ මුහුණ මත තියෙන අපද්‍රව්‍ය සහ දුහුවිලි ඉවත් වෙලා මුහුණ පිරිසිදු වුනාට පස්සේ ශේවින් ක්‍රීම් ඇප්ලයි කරලා රැවුල කපන එක තමා නිවැරදි ම ක්‍රමය වෙන්නේ.

4. ෂේවින් බුරුසුව වඩා හොඳයි

නිතරම ශේවින් ක්‍රීම් ආලේප කරන්න බුරුසුවක් භාවිතා කරන්න. ශේවින් ක්‍රීම් ආලේපය සඳහාම සකසලා තියෙන බුරුසු වෙළඳ පොලේ බොහොම අඩු මිලට මිලදී ගන්න පුළුවන්. මෙයින් තියෙන වාසිය මේකයි. මේ බුරුසුවෙන් ආලේප කරනකොට රවුල් ගස් අතරේ සහ තෙතමනය ඇති වෙන ආකාරයට ශේවින් ක්‍රීම් ආලේප වෙනවා. එහෙම වෙනකොට බොහොම ලේසියෙන් රැවුල කපන්න ඔබට පුළුවන්.

අනික බුරුසුවෙන් ක්‍රීම් ආලේප කරනකොට පහත සිට ඉහලට රවුමට ක්‍රීම් ආලේප කරන්න. එහෙම වුනාම රවුල් ගස් අතරේ හොඳින් ශේවින් ක්‍රීම් ආලේප වෙනවා.

5. මුහුණ වියලිව තියෙනකොට ෂේව් එපා

මේක අපි හැමෝම කරන අත්වැරැද්දක්. ඒවුනාට මෙයින් අපේ සමට වෙන හානිය හරිම ප්‍රබලයි.  ඒ නිසා ෂේව් කරනකොට මොනවා හෝ ගැලපෙන ද්‍රාවණයක් යොදාගෙන ෂේව් කරන එක අනිවා ෆැක්ට් එකක් හරිය?

6. සබන් ගාලා ෂේව් එපා

කිසිම දෙයක් නැති වෙලාවක සබන් කියන්නේ නරක විකල්පයක් නෙවෙයි. එහෙත් සබන් පාවිච්චි කරලා ෂේව් කරන්න එපා. සාමාන්යෙන් අපි භාවිතා කරන බාත් සබන් වලින් බොහොම ඉක්මනින් සම වියලි වෙනවා.

රැවුල කපන්න ඕනේ ශේවින් ක්‍රීම් එකක් භාවිතා කරලා. ඒ වගේම ශේවින් ක්‍රීම් එකත් ආලේප කරලා විනාඩි දෙකක් විතර තියන්න, එහි ඇති තෙතමනය සහ ලිහිසි බව රැවුල මෘදු වෙන්නට උදව් වෙනවා.

7. රැවුල බානකොට සහ බාන අතරේ

රැවුල බානකොට සහ බාන අතරේ රෙසරේ සැරින් සැරේ උණුවතුර භාජනයක් දමා විටින් විට සෝදමින් ගාන විට හරිම පහසුයි එවිට රෙසරේ අතරේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කර පහසු රැවුල කැපීමකට මග පාදනවා.

8. සමට තද කරලා ෂේව් එපා

සමහර අය ඉන්නවා එයාලා ෂේව් එකකට පස්සේ කොහේ හරි තුවාල වෙලා. මේකට හේතුව තමා ඔයා භාවිතා කරන දැලිපිහිය හෝ රෙසරේ සමට තද කරලා පහතට අදින එක. එහෙම වෙනකොට සම මත වෙන තෙරපුම සහ තලයේ තියෙන තියුණු බව නිසා පහසුවෙන් ම සම තුවාල වෙන්න පුළුවන්.

9. තදියමේ ෂේව් එපා

කිසිම වෙලාවක හදිස්සියේ රේසර් එකකින් හෝ දැලිපිහි භාවිතා කරලා ෂේව් කරන්න එපා. මේකට හේතුව තමා, ඔයාගේ හදිස්සිය සමහර විට විශාල කරදරයක මුල වෙන්න පුළුවන්. අනික අපි හදිස්සියේ රැවුල කපනකොට පොඩි පොඩි තැන් අපිට මඟ හැරෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා රැවුල කපනකොට බොහොම නිස්කාන්සුවේ ඒ කර්තව්‍ය කරන එක තමා හොඳම විදිහ.

අනික තමා රැවුල කපනකොට වැවෙන පැත්තට රෙසරේ අදින එක තමා හරි. විරුද්ධ අතට රැවුල බෑමේදී වඩාත් සිනිදුවට රැවුල කැපුනත් ඉන් සමට හානි වීමට ඇති ඉඩ වැඩියි.

10. රැවුල කැපීමේ පිළිවෙල

රැවුල බාද්දි මුලින්ම කම්මුල් දෙපැත්තේ රැවුල තමයි ෂේව් කරන්න ගන්න ඕනෙ. ඉන් පසුව උඩු රැවුලත් අවසාන වශයෙන් නිකට සහ බෙල්ල ප්‍රදේශයේ රැවුලත් යන පිළිවෙලින් තමයි රැවුල බාගන්න ඕනෙ. නිකට සහ බෙල්ල ප්‍රදේශයේ රැවුල් ඝනත්වයෙන් වැඩි නිසා වැඩි වේලාවක් ෂේවින් ක්‍රීම් රැඳීමට ඉඩ සලස්වා රැවුල් ගස් සුමුදු කරගන්නටයි මෙහෙම කරන්නෙ.

රැවුල කැපීමෙන් පසු ආෆ්ටර් ෂේව් හෝ ටෝනර් එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා.

- aniwa.lk




gossip lanka