ඇඳුමක් ගත්තම ඒක ටික කාලයක් පාවිච්චි කරන එක අපේ හීනයක්. මොකද ඔය හැටියට සතියට දෙතුන් පාර ඇඳුම් ගන්න තියෙන්නේ කොහේ තියෙන සල්ලියකින්,ද? මේ නිසා අපි කල්පනා කළා අපි ගන්න ඇඳුම් කල් පාව්ච්චි කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න. මේවා තමයි අපිට ලැබුණු ප්‍රථිපල.
1. ඔබව හඳුනාගන්න
ඔක්කොටම කලින් ඔබ ඔබේ ඇඳුම් අල්මාරිය ගැන
දැනගෙන ඉන්න වෙනවා. නිදසුනක් ලෙසට ඔබට වැඩිපුර තියෙන්නේ field work වගේ නම් ඔබට ඔෆිස් ඇඳුම් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔබට dry clean කරන්නට යන වියදම දරන්නට හැකියාවක් නැති නම් ඔබ dry clean කරන්නට අවශ්‍ය නැති ඇඳුම් මිලදීගත යුතු වෙනවා. ඔබට ගොඩක් දහදිය දානවා නම් ඔබ තොර ගත යුත්තේ කපු ඇඳුම් තමයි. ඒ වගේම ඔබ සතියකට ඇඳුම් කට්ටල කියක් භාවිතා කරනවාද කියල දැනගනිමම ඔබේ ඇඳුම් කල් තබා ගන්නට හොඳ හේතුවක් වෙනවා.
2. පාට තෝරාගන්න කොට…
ඔබ වැඩකරන්නේ කාර්යාලයක නම් ඔබට ටිකක් ලා පැහැති ඇඳුම් ඇඳට වරදක් නැහැ. අනික එවැනි light color ෂර්ට් එකක් තද පාට කලිසමකට ගලපන්න තියෙන පුළුවන් කම නිසා එකම කමිසය සහ කලිසම විවිධ විවිධ අවස්ථාවල වෙනස් ලෙස භාවිතා කරන්නට පුළුවන් කම ලැබෙනවා. එකම ඇඳුම ඇඳෙන්නේ නැතිව විවිධ විවිධ ඇඳුම් ඇඳෙනවා කියන්නේ එකම ඇඳුම fade වෙන්න තියෙන ඉඩ අඩුවෙනවා කියන එකයි.
3. නැවිලි සහ එල්ලිලි
එල්ලා තැබියයුතු ඇඳුම් කවදාවත් නවන්න එපා. ඒ වගේම නවලා තියන්නට අවශ්‍ය ඇඳුම් කවදාවත් එල්ලා තියන්නත් එපා. නිදසුනක් ලෙසට ඔබ සතුව ස්වෙටර් එකක් තියෙනවා නම් එවැනි ඇඳුමක් එල්ලා තියෙනකොට ඇදෙන්නට බලනවා, අනික ඔබ කාර්යාලයට අඳින ෂර්ට් එහෙම නවලා තිබ්බම ඒ නැමුම් පාර දිගටම හිටින්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් විදියට එල්ලා තබන ඇඳුම් වෙන්නේ බරින් අඩු ඇඳුම්. කපු කමිස, ෂර්ට්, ටී ෂර්ට්, බ්ලව්ස් වගේ දේවල්. ඒ වගේම නවා තියන්නට අවශ්‍ය ඇඳුම් කියලා ගැනෙන්නේ, කලිසම්, ජීන්ස්, බරින් වැඩි මෙටිරියල් එකකින් මහපු ස්කර්ට්ස්, ජැකට්ස්, ස්වෙටර් වගේ දේවල් තමයි. ඇඳුම් ගැන සැලකිලිමත් වෙන එකෙන් ඔබේ ඇඳුම් වල ජීව කාලය වැඩි වෙන්නේ ඔබත් නොදැනීමයි.
ඇඳුම් එල්ලනකොට බාල hangar වල එල්ලන්න එපා, එවිට ඇඳුමේ බරට hanger එක නැවිලා යන්න කෝ කැඩෙන්න ඉඩ තියෙනවා.
4. නිතර හෝදන්න එපා
එකපාරක් ඇන්දට පස්සේ ඒක ආපහු හෝදන එක අපේ යාළුවො නිතර කරන වැඩක්. මෙහෙම කරන එකෙන් අඩුවෙන්නේ ඔබේ ඇඳුමේ දීප්තිමත් බවයි. එක පාරක් ඇන්දා නම් තවත් වරක් අඳින්න පුළුවන් කම තියෙනවා නම් මඳ පවනේ වේලෙන්නට හැඟර් එකක එල්ලා තබන්න. හැබැයි වේලෙන්න කියලා තද අව්වේ කොන්ක්‍රීට් බිමක එහෙම වනන්න එපා. ඊට වඩා හොඳයි ඔබේ ඇඳුම ඉවත් කරලා අලුතින් ඇඳුමක් ගන්නවා.
5. හොදන්න කලින්
නිතරම කොලර් ටැග් එක කියවන්නට මතක තියා ගන්න. එහි තියෙනවා ඔබට මේ ඇඳුම හෝදන්නට අවශ්‍ය ක්‍රම වේදය සහ එය ඉස්ත්රික්ක කල යුතු නියමිත ක්‍රම වේදය. ඒ නිසා කොලර් ටැග් එක අනිවා. ඔය ඇඳුමක් හෝදන්න ගත්තට පස්සේ එකට ෆැබ්රික් සොෆ්ට්නර් එකක් එහෙම දැම්මම ඇඳුමේ නැවුම් බව එලෙසම තියේවි, සෝදා පිරිසිදු කල පසුවත්.
ඒ වගේම ඔබේ කලිසම් හෝ සිප් තිබෙන ඇඳුම් හෝදන්න කලින් සිප් උඩට ඔසවා සෝදන්නට දමන්න, එවිට එම සිප් වල පැටලිලා නුල් ඇදෙන එක නවතීවි අනෙකුත් ඇඳුම් වල.
6. ඇඳුම් සෝදනකොට
සායම් සහ කෙඳි යන නිසා ඇඳුම් සෝදන විට තදපාට සහ ලා පාට ඇඳුම් වෙන වෙනම සේදිය යුතුයි. තුවා බෙඩ්ශීට් වගේ දේවල් ඇඳුම් එක්ක නැතිව වෙනම හෝදන්න සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඩෙනිම් වගේ ගනකම රෙදිත් එක්ක ටී ෂර්ට් වගේ සැහැල්ලු රෙදි එකට හෝදන්න එපා. ඩෙනිම් වගේ දේවල් ෆේඩ් වෙන්න තියෙන ඉඩ වැඩි නිසා කණපිට දාලා සෝදන එක නුවනට හුරුයි.
7. හෝදලා අල්මාරියෙන් තිබ්බට පස්සේ
කාලයක් යනකොට අපිටත් හොරෙන් හුනෝ, කැරපොත්තෝ, කාවෝ වගේ සතුන් රිංගන්නට ඉඩ තිබෙන නිසා ඇඳුම් රාක්ක ගත කරන්නට කලින් පත්තර කොලයක් දාලා එයට උඩින් කුඩු කරගත් කපුරු ඉහින්න, ඉන් පසුව තවත් සුදු කොලයක් දමලා එය උඩ ඇඳුම් ටික තියන්න. ඇඳුම් සුවඳවත් වෙනවා වගේම ආරක්ෂාත් වෙනවා.
8. වැඩිපුර බොත්තම් සුරකින්න
ඔබ ඇඳුමක් ගත්තම ඇඳුම ඇතුල් පැත්තේ වැඩිපුර බොත්තම් කිහිපයක් ඇඳුමට ම තියලා මසා තිබෙනවා දැකලා ඇති. ඒවා වහාම ගලවා කුඩා භාජනයක දාලා තියාගන්න. හදිස්සියකට උවමනා වුනාම ඔබට හරිම පහසුයි බොත්තම් හොයාගන්නට. එවිට බොත්තමක් නැහැ කියලා ඇඳුම් ඉවත් කරන්න උවමනා වෙන එකක් නැහැ ආපහු.
9. යට ඇඳුම්
පිරිසිදු, ඉරුනේ නැති යට ඇඳුම් ඇඳීම මගින් ඔබේ ඇඳුම් වල දහදිය සහ අපද්‍රව්‍ය ගෑවී අපිරිසිදු වෙන එක නවතිනවා එයත් ඔබේ ඇඳුම් වල කල්පැවැත්මට උපකාරී වෙයි.
- aniwa.lk
කල් පවතින්න ඇඳුම් පාවිච්චි කරන්නේ කොහොමද?
2018-05-05T01:57:00-07:00
Gossip Lanka Hot News
slide|