අඳුරු සමක් සහිත තරුණියන් හට ගැලපෙන Makeup Tips

අපේ රටේ බහුතරයක් යුවතියන්ට තියෙන්නෙ අඳුරට හුරු තල එළෙළු හමක්.  තලේළු හම සුන්දරයි. කළු උනාට දැකුම් කළුයි කියන්නෙ නිකම් නෙවෙයිනෙ . ඉතින් මේ හමේ පැහැය සුදු කරන්න මේකප් කරනවට වඩා පැහැපත්ව වඩාත් කැපී පෙනෙන ආකාරයෙන් මේකප් කලොත් තමයි තවත් ලස්සන.

හැබැයි බහුතරයක් මේකප් ටිප්ස් පිටරටවලින් එන නිසා ඒ දේවල් අපේ හමේ පැහැයට ඒ තරම්ම ගැලපෙන්නෙ නැති වෙලාවල් තියෙනවා. ඉතින් අනිවා බියුටි ටිප්ස් වලින් අපි හිතුව ලංකාවේ අපේ
ලස්සන කෙල්ලන්ගේ ලස්සන තවත් වැඩි කරන්න අපේ හමේ පැහැයට ගැලපෙන මේකප් එකක් කරන හැටි ගැන ටිප්ස් ටිකක් කියල දෙන්න.

මේකප් එකක් කරන්න ෆවුන්ඩේශන් සහ අනෙක් දේවල් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන මූලික කරුණු ගැන අපි මීට කලින් අනිවා ලිපියකින් කතා කලා. ඒ ආකාරයට තෝරා ගන්නා ලද දේවල් භාවිතයේදී Dark Skin එකක් තියෙන කෙනෙක් මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කිරීම වැදගත්.

1. බේස් එක හරියට දාගන්න

හුඟක් වෙලාවට තලේළු සමක් ඇති යුවතියන්ගේ නළල සහ නිකට අවට ප්‍රදේශය තරමක් වැඩියෙන් අඳුරු පැහැයක් ගන්නව. ඉතින් මේකප් එකක් කරන්න පටන් ගන්න කලින් බේස් එක එහෙමත් නැත්නම් කන්සීලර් සහ ෆවුන්ඩේශන් එක සමට ගැලපෙන වර්ණ දෙකක ශේඩ්ස් අරගන්න. අඳුරු තැන් වලට ලා පැහැයත් ලා පැහැ තැන් වලට තද පැහැයකුත් බ්ලෙන්ඩ් කරමින් මුළු මුහුණම එකම පැහැයකට හදාගන්න.

2. ස්කින් කලර් එක මැච් කිරීම

සාමාන්‍යෙන් සුදට හුරු හමක් ඇති යුවතියක් ස්කින් කලර් එක මැච් කරද්දි අතේ වර්ණය හා සසැඳුවට Dark Skin එකක් තියෙන යුවතියක් නම් කලර් මැචින් කල යුත්තේ නළලේ වර්ණය සමඟයි. එය වඩාත්ම සුදුසු පැහැයයි.

3. ලිප්ස්ටික් තෝරා ගැනීමේදී මේ ගැන හිතන්න

පමණට වඩා කැපී පෙනෙන ලිප්ස්ටික් වර්ණ ගන්න එපා. තද රතු, දම්, එහෙමත් නැත්නම් සමේ වර්ණයට ළඟ දුඹුරු වගේ වර්ණ වඩාත් ගැලපෙනවා.  රෝස පාට වගේ පාටවල් තෝර ගන්න එපා. ලංකාවෙ අපේ හමේ පැහැයට ඒක ගැලපෙන්නෙ නෑ.

4. අයි මේකප් එකට අවධානය යොමු කරන්න

ඔබ කැපී පෙනෙන අයි මේකප් එකක් කරන්න බය වෙන්න එපා. වෙනස් පාට පාවිච්චි කරන්න. දම් පාට, තඹ පාට වගේ වර්ණ පාවිච්චි කරන්න. ඇස් කැපී පෙනෙන තරමට ලස්සනයි.

5. බ්ලශ් කිරීම

රෝස පැහැයට හුරු පාටවලින් බ්ලශ් කරන්න එපා. අඳුරු රතු, තද දුඹුරු, තඹ පාට වගේ පාට වලින් බ්ලශ් කරන්න. බ්ලශ් කරන්න බය වෙන්න එපා. ඔබ ඔබේ හමේ පැහැය සමාන වන ආකාරයට බේස් එක ගෑවනම් බ්ලශ් කිරීමෙන් වැඩි අලංකාරයක් සහ මුහුණට ප්‍රාණවත් බවක් එක් කරනවා.

6. ඇහි බැම හැඩ කිරීම

අනිවාර්යෙන් ඇහි බැම හැඩ කරගන්න. ඔබ ඝණකම ඇහි බැමක් ඇති යුවතියක් නම් එය බ්‍රශ් කර ඇහි බැමේ තැවරුනු බේස් පව්ඩර් ඉවත් කරගන්න. එතරම් ඝණ නැති ඇහි බැමක් ඇති අයෙක් නම් එය කැපී පෙනෙන ලෙස නමුත් ස්වභාවික අන්දමින් හැඩකරගන්න.

- aniwa.lk




gossip lanka