වයසට ගියත් කොල්ලා වගේ ඉන්නෙ මෙහෙමයි මල්ලි!

අලුත්ම විලාසිතාවේ ඇඳුම් වලින් සැරසිලා, කොල්ලෝවත් නොකරන හෙයාස්ටයිල් දාගෙන, අවුකන්නාඩි දාලා ෆුල් සුද්දා වගේ පෙන්න ඉන්න හට පැනපු අංකල්ලා. අන්කල් වුනාට මෙයාලා ඒ ගොල්ලොන්ට අන්කල් කියනවට පොඩ්ඩක්වත් කැමති එහෙම නැහැ. ඉතින් අනිවා අපි මේ කියන්න
යන්නේ ඒ වගේ “මාමයියලා” ගැන තොරතුරු කිහිපයක්.

1. ක්ලීන් සූට්

ආයි මොනවද? ෂර්ට් එකට ගැලපෙන කලිසම බෙල්ට් එකට ගැලපෙන සපත්තු දෙක. අලුත්ම විලාසිතාවේ හෙයාර් කට් එක. දාහක් මැද්දේ හිටියත් නාහය කඩාගෙන යන සෙන්ට් සුවඳ මෙව්වා තමා අපේ චරිතේ හොයාගන්න ලේසිම ක්‍රම. ඇත්තටම ඒක වරදක් නෙවෙයි. බොහොම හොඳ දෙයක් ඒත් නියමිත ප්‍රමාණයට ඒ දේවල් වෙනවා නම් තවත් මරු.

2. තද කළු කෙස්

එක කෙස්ගහක් ඉදිලා නැහැ. වෙලාවකට හිතෙනවා මෙයා වයසට යන්නේ නැතුවවත්ද කියලා, ඒ තරමටම කොන්ඩේ කලුයි. ඕකට අපේ යාලුවෙක් මරු කතාවක් කිව්වා.
මචන් මෙයාල ඉපදෙන කොට කොන්ඩේ සුදුම සුදුයි, කල් යන්න යන්න තමා කොන්ඩේ කළු වෙන්න ගත්තේ කියලා.

3. ජිම් ප්‍රැක්ටිස්

මොනවා උනත් තමන්ගේ සිරුරේ හැඩය ගැන හිතන එක මේ අයගේ පුරුද්දක්. උස්සන්න පුළුවන් කිලෝ පහක් වුනත් මේ අය හිතන්නේ තමන් කිලෝ 75-80 දිනපතා උස්සනවා කියලයි. දෙපාරක් විතර ඩම්බෙල් එක උස්සලා අතේ මස්ල්ස් දිහා කන්නාඩියෙන් බලන්නේ හරිම උජාරුවෙන්.

4. අනංගයා Forever

මේ කට්ටියට දුවලා නැහැ. ඉන්නේ ඔක්කොම තමන්ට වඩා බාල නංගිලා. තමන්ගේ වයසේ බවලත් පරානවලට කොල්ලෝ සෙට් එකක් ඉස්සරහ ඇන්ටි කියන්න ගිහිල්ලා, කොහු පාරවල් කන්න වෙච්ච අවස්ථා නැත්තෙමත් නැහැ. ඒ මොනවා උනත් කාන්තා පක්ෂෙට විශේෂ සැලකිල්ලක් මෙයාගේ තියෙනවා.

5. Party Animal

වයසට ගියාට මොකෝ ඉන්ටර්නෙට් එකේ තියෙන හැටහුටාමාරක් ඔක්කොම සෝෂල් මිඩියාවල ඉන්නවා. Hi5 වල ඉඳන් My Space වෙනකල්ම ඉන්නවා. සමහර වෙලාවට ඒ සයිට්වල තියෙන ඉවෙන්ට්වලට ගිහින් බෝතල් එහෙම අතේ තියාගෙන ෆුල් රොක් බුවා වගේ ඉන්න මේ අයියලා, ලොකු ලොකු ජනප්‍රිය පුද්ගලයින් එක්කත් පින්තුර ගන්න හරි ආසයි.

6. සෙට් එකේ ලොකු අයියා

තමන්ගෙ පුතාලගෙ වයසේ අයත් මෙයාට මල්ලිලා සහ යාලුවො තමයි. යාළුවො සෙට් එකේ මෙයා වයසින් වැඩි වුනත් කට්ටිය එහෙම ආදරේට කියන්නේ ලොකු අයියා කියලයි. එහෙම කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. දැනුම් තේරුම් කරගන්න පුළුවන් වයසක ඉන්න මැදිවියෙන් පනින්න ඔන්න මෙන්න ඉන්න කෙනෙක් නිසා තමයි.

7. ගේමක් නෑ

මේ අය ඕනෙ දේකට රෙඩි පාට් එකෙන් තමයි ඉන්නෙ. කෙල්ලෙක් දා ගන්නද, මැච් එකක් ගහන්නද, වැඩියෙන්ම බොන්න පුලුවන් කාටද කියල බලන්නද ඕනෙ දෙයක් මෙයාලට ගේමක් නැති විදිහට තමයි හැසිරෙන්නෙ. හැබැයි අමාරු චැලෙන්ජ් එකක් ආපු වෙලාවට නෝන්ඩි නොවී මාරුවෙන හැටිත් ලෙසටම දන්නවා.

- aniwa.lk



gossip lanka