Hair Colour එකක් කරගන්න එක එහෙමත් නැත්නම් කොණ්ඩෙ පාට කරන එක කාලයක් තිස්සෙ තියෙන තවමත් ජනප්‍රියත්වයේ ලොකු වෙනසක් වෙලා නැති විලාසිතාවක්. කාන්තා පිරිමි බේදයක් නැතුව Hair Colouring කරනව. හැබැයි Hair Colour එකක් කරද්දි ඔබ සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනව. බලන්න මේ දේවල් ඔබට වැදගත් වෙනවද කියල.
1. වර්ණය තෝරා ගැනීම
මුලින්ම තමන්ට ගැලපෙන වර්ණයක් තෝරගන්න
ඕනෙ. දැක්ක ගමන් ආස හිතුනට එහෙම හිතෙන පාටවල් අපේ කොණ්ඩෙට ගැලපෙන්නෙ නෑ. ඒකෙන් ඔබේ පෙනුම ඉස්මතු වීම වෙනුවට ඔබේ පෙනුම අවම කරාවි. ඔබේ සම Warm සමක්ද Cool සමක්ද ? කියල මුලින්ම හඳුනගන්න. මෙන්න මේ අනිවා බියුටි ලිපියේ ඒ ගැන විස්තර තියෙනව. ඔබ කොණ්ඩයට ගල්වන වර්ණයෙන් ඔබේ සමේ පෙනුම ඉස්මතු විය යුතුයි.
2. Skin Allergy චෙක් කිරීම
ලස්සන වෙන්න කොණ්ඩෙ පාට කරන්න හිතුවට ඔබේ ආරක්ශාව ගැන ඔබ සැලකිලිමත් වුනේ නැත්නම් ඒක ඔබට ඔබ නොහිතන තරම් ලොකු හානියක් කරන්න පුළුවන්. ඒ නිසා හැම විටම හිසකෙස් වර්ණ ගැන්වීමට අවම පැය 24කට පෙර ඔබ Skin Allergy Test එකක් කර ගත යුතුමයි. මේක ලොකු වැඩක් නෙවෙයි. ඔබ භාවිතා කිරීමට තෝරාගත් නිශ්පාදනයෙන් ස්වල්පයක් ඔබේ කන පිටුපස හෝ වැලමිටෙහි ඇතුළු පැත්තෙහි ආලේප කර බලන්න. කැසීමක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ ඔබට මොනයම්ම ආකාරයක අපහසුවක් ඇති වන්නේ නම් එම නිශ්පාදනය භාවිතා කිරීමෙන් වලකින්න. සැලෝන් එකකින් කලරින් එක කර ගන්නවනම් ඔබ වෙලාවක් වෙන් කරගැනීමට කලින් දවසේ සැලෝන් එකට ගිය විට එම නිශ්පාදනයෙන් ස්වල්පයක් කන පිටුපස පහත වීඩියෝ එකේ පරිදි ආලේප කර ගෙන පැමිණීමෙන් ඔබට මේ ටෙස්ට් එක කරගත හැකියි.
3. Light Colour එකක් වෙනුවට Dark Colour එකක් තෝරා ගැනීමේ වාසිය
ඔබ කොණ්ඩයට තද වර්ණයක් ආලේප කරනවා නම් ඔබේ හිසකෙස් සාමාන්‍ය ආකාරයට තිබියදීම වර්ණ ගැන්වීම කල හැකියි. නමුත් ඔබ ලා වර්ණයක් ගැල්වීමට තීරණය කලොත් ඔබේ හිසකෙස් බ්ලීච් කිරීමක් එහෙමත් නැත්නම් සුදු කිරීමක් කිරීමෙන් පසුවයි එම වර්ණය ආලේප කිරීම වෙන්නෙ. බ්ලීච් කිරීමෙන් ඔබේ හිසකෙස් වලට හානි සිදු විය හැකියි.
4. කොණ්ඩයට වැඩි Volume එකක් ලැබෙන පරිදි Hair Colour කිරීම
ඔබ ඝණ කොණ්ඩයකට උරුමකම් නොකියන කෙනෙක් නම් ඔබේ කොණ්ඩයේ Volume එක වැඩි කර පෙන්වීමට ඔබ ශේඩ්ස් දෙකක Hair Colours පාවිච්චි කරන්න. ඔබේ කොණ්ඩයේ ස්වභාවික වර්ණයට අමතරව තවත් වර්ණ දෙකකින් හිසකෙස් වර්ණ ගැන්වීමෙන් ඔබට වැඩි Volume එකක් පෙන්වන්න පුළුවන්.
5. වර්ණ ගැන්වීමෙන් පසු හිසකෙස් රැක ගැනීම
ඔබ හිසකෙස් වර්ණ ගැන්වීමෙන් පසු ඔබ කලින් භාවිතා කල සාමාන්‍ය ශැම්පු හෝ කන්ඩිශනර් වර්ගයම භාවිතා කිරීමෙන් හිස කෙස් වියලෙන්න සහ ඔබ ගැල්වූ වර්ණය ඉක්මණින් ෆේඩ් වී යාමට බලපාන්න පුළුවන්. ඒ නිසා වර්ණ ගැන්වූ හිස කෙස් වලටම විශේෂිත වූ ශැම්පු සහ කන්ඩිශනර් භාවිතා කරන්න. හිස කෙස් UV කිරණ වලින් ආරක්ශා කරගැනීමට සිලිකන් ඔයිල් වැනි Leave-On කන්ඩිශනර් එකක් හැම විටම භාවිතා කිරීමෙන් හිස කෙස් වියලී පළුදු වී යාම වලක්වා ගත හැකියි.
6. ඔබ නොහිතන සිතිය යුතුම දේවල්
එමෙන්ම ඔබ තෝරා ගන්නා වර්ණයන් ගැල්වූ වු අළුත තද පාටට පෙනුනත් කල් යාමේදී ලා පාට විය හැකි නිසා ඒ ගැනත් සිතේ තබා ගෙනම වර්ණ තෝරාගන්න. හැම විටම මිල වැඩි වුනත් තත්වයෙන් උසස් නිශ්පාදන තෝරා ගන්න තරමට ඔබෙ හිස කෙස් වලට වන හානිය අවම බව මතක තබා ගන්න.
7. Hair Colour එක පවත්වා ගෙන යාම
හෙයා කලර් එකක් කරගැනීමෙන් පසු සුන්දරත්වය දිගටම පවත්වා ගෙන යන්න නම් ඔබ අවම වශයෙන් මාස 3කට වරක්වත් නැවත කලරින් කරගත යුතුයි. ඔබේ හිස කෙස් වැඩීමේදී වර්ණ ගැන්වූ කොටස් පහලට ගොස් සාමාන්‍ය ඔබේ ස්වභාවික වර්ණයෙන් වැඩෙන හිසකෙස් පෙනෙන්න ගන්නව. වර්ණ ගැන්වීමෙන් ඔබ බලාපොරොත්තු වෙන පෙනුම මෙයින් ගිලිහී යා හැකියි.
8. ගෙදරදීම කරගන්න
ගෙදරදීම හෙයා කලර් එකක් කරගන්නවා නම් ඔබට මෙන්න මේ නිශ්පාදන පහතින් බලා වෙළඳ පොලෙන් මිලදී ගත හැකියි.
- aniwa.lk
Hair Colour කරන්න කලින් දැනගෙන සිටිය යුතුම කරුණු 6ක්
2018-05-07T03:04:00-07:00
Gossip Lanka Hot News
slide|