රැවුල වවන එක මේ කාලෙ වෙද්දි තරුණයන් අතර ජනප්‍රියම විලාසිතාවක් වෙලා අවසන්. බබා පෙනුම නැති කරලා රලු පිරිමි ගතිය වැඩි කරන පෙනුමක් ගෙන දෙන නිසා වැඩි දෙනෙක් මේ විලාසිතාව අනුගමණය කරනවා.
කදිමට වවලා නඩත්තු කරන රැවුලකට පුලුවන් ඔබේ මුහුණේ තියන අඩු පාඩු වහලා පෞරුෂය ඔප් නංවන්න. ඒ වගේම අනෙක් අය අතරේ ඔබව කැපී
පෙනෙන පුද්ගලයෙක් බවට පත් කරන්න.
රැවුලක් ලස්සනට වවාගන්න ඒ සඳහා කැපවෙලා ක්‍රියා කරන්න වෙනවා. නැත්නම් ඔහේ වැවුවොත් “සසර කල කිරිච්ච” පෙනුමක් තමයි පෙනෙන්න ගන්නෙ. ඒ විදිහට වවන්නන් වාලෙ වවන්නෙ නැතිව අපි මේ කියලා දෙන්න යන ටිප්ස් අනුගමනය කෙරුවොත් ඔබටත් සුපිරි රැවුලකට උරුමකම් කියන්න පුලුවන් වේවි.
1. නිදහසේ වැවෙන්න හරින්න
රැවුලක් හරියට වවන පුද්ගලයෙක්ගෙ ඉහල නැංවෙන ඉතාම වැදගත් ගුණාංගයක් තියනවා. ඒ තමයි ඉවසීම. රැවුල වැවීමේ මුල් අදියර ඉතාම ඉවසීමෙන් ගතකළයුතු කාලයක්. මුලින්ම මුලු මුහුනේම රැවුල බාගෙන (shave) තමයි රැවුල් වැවීම අරඹන්න ඕනෙ.
රැවුලක් වවන්න ප්ලෑන් කරද්දි පළවෙනි මාසය හෝ දෙක රැවුලට නිදහසේ වැවෙන්න ඉඩ හැරීම අත්‍යවශම කරුණක්. මුහුණේ හැම තැනම එක හා සමාන වේගයෙන් රැවුල වැවෙන්නෙ නැති නිසා සාමාන්‍යයෙන් රැවුල අඟළක් හෝ අඟල් එකහමාරක් විතර වැවෙනකම්වත් කොට කරන්න හෝ ශේව් කරන්න යන්න එපා. එහෙම කලොත් තමන්ගේ මුහුණේ සහ රැවුලේ ස්වභාවයට වඩාත්ම ගැලපෙන රැවුල් විලාසිතාව හොයාගන්න එක අමාරු කාරණයක් වෙනවා.
උඩුතොල පසු කරමින් වැවෙන උඩු රැවුල කරදරකාරී නම් ඒක විතරක් තොල් මට්ටමට කෙටි කලාට කමක් නැහැ. අනිත් රැවුල් ගස් නිදහසේ වැවෙන්න හරින්න.
2. ඉවසීම ප්‍රගුණ කිරීම හෙවත් මුල් මාස දෙක ගොඩ දා ගැනීම
ලොකුවට හිතන් රැවුල් වවන්න පටන් ගත්තට මුල් මාස දෙක කියන්නෙ රැවුල වවන්න ගන්න ලොකු තදයොත් බිඳවැටෙන මාස දෙකක්. ඒකට බලපාන ප්‍රබල හේතු කීපයක් තියනවා. මේ ගැන දැනුවත් වීම ඉතාම වටිනවා.
කසන ගතිය – පළවෙනි සතිය දෙක ඇතුලෙ සෑහෙන දැනෙන්න පුලුවන් තත්ත්වයක්. රේසරේ අතට ගන්නම හිතෙයි. හැබැයි හිත මෙල්ල කරගන්න. මොකද කාලයක් යද්දි ඔය ගතිය පහව යනවා.
පිස්සෙක් වගේ පෙනෙන්න ඉඩ තිබීම – රැවුල නිදහසේ වැවෙන්න හැරියම වැවීගෙන එද්දි තද බූට් එකක් කාපු පොරක් ලෙස පෙනෙන්න ඉඩ තියනවා. කණ්නාඩියෙන් බැලුවම උණත් තමන්ව කැතට පෙනෙයි. හැබැයි අනාගතේ දවසක වවාගන්න යන කීර්තිමත් රැවුල ගැන හිතල හිත හයිය කරගන්න.
තමංගෙ අයගෙයි රට්ටුංගෙයි කයි කතන්දර – ගෙදර අම්මා තාත්තා, ගර්ල් ෆ්‍රෙන්ඩ් අහල පහල අංකල්ල ඇන්ටිලා විවිධ ප්‍රශ්න නගනවා අනිවාර්යයි. පාරේ හමුවන මිනිස්සු පවා සැකෙන් බියෙන් ඔයා දිහා බලන්න ඉඩ තියනවා. සැලෙන්න එපා.
වැදගත් වැඩ – මුල් මාස දෙක ඇතුලත වැදගත් විදිහට පෙනී ඉන්න වෙන වැඩ සෙට් වෙන්න පුලුවන් මගුල් ගෙවල්, රැකියා ඉන්ටවිව්, විවාහ යෝජනාවක් කතා කරගැනීම වගේ ඒවා. මේ දේවල් නිසා රැවුල ට්‍රිම් කරන්න හෝ ෂේව් කරන්න හිතෙන්න පුලුවන්.
3. ගැලපෙන රැවුල තෝරාගැනීම
අපි කලින් සඳහන් කරපු කරදර කාලය ගොඩදා ගත්තොත් ඔයත් එළ කොල්ලෙක් තමයි. ඉවසීමත් සෑහෙන ප්‍රගුණ වෙලා තියෙයි මේ වෙද්දි. දැන් තියෙන්නේ අපිළිවෙලට තියන රැවුල පිළිවෙලක් කරගන්න රැවුල් ස්ටයිල් එකක් හොයාගන්නයි.
මේ සඳහා තමන්ගෙ මුහුණේ හැඩය ගැන දැනුවත් වීම වටිනවා. තමන්ට තියෙන මුහුණු හැඩය අනුව ගැලපෙන රැවුල් විලාසිතාවක් තෝරගන්න මේ රූප සටහන් මගින් ඔබට පුලුවන් වේවි.
4. රැවුල සකසාගැනීම
ඔබට ගැලපෙන විලාසිතාව තෝරාගත්තාට පස්සෙ ඒකට අනුව රැවුල කපා සකසාගැනීම තමයි ඊළඟ පියවර. මේ සඳහා Salon එකක පිහිට ලබාගැනීම තමයි වඩාත් සාර්ථක. හැබැයි එහෙම කියලා තමන්ටම රැවුල සකසාගැනීමේ බැරි කමකුත් නැහැ.
රැවුල කපන්නට පෙර රැවුල පිරිසිඳුව සහ වියලිව තිබීම ඉතා වැදගත් වෙනවා. දැති අතර පරතරය වැඩි පනාවක් යොදාගෙන පහතට පීරාගෙන තමයි රැවුල ට්‍රිම් කිරීම අරඹන්න වෙන්නෙ. තමන් දිග රැවුලක් වවනවානම් කතුරක් ආශ්රයෙන් රැවුල කොට කිරීම වඩාත් ආරක්ෂිතයි. නැත්නම් trimmer යන්ත්‍රයක් භාවිතා කරන්න ගිහින් වැඩිපුර රැවුල කැපෙන්න ඉඩ තිබෙනවා.
තමන් ප්ලෑන් කරන්නෙ දිග රැවුල් විලාසිතාවකට නම් තමන්ගෙ රැවුල අවසන් වන මායිම හැටියට ඔබේ ගෙලට හිස සම්බන්ධ වන ස්ථානය සලකන්න. ඊට වඩා නිකට පැත්තට ඒ සීමාව ගත්තොත් රැවුල වැවෙද්දි එහි ඝනත්වය අඩුවෙන් පේන්න ගන්නවා.
5. රැවුලේ පිරිසිඳුකම පවත්වාගෙන යාම
මුහුණ සෝදනවිට රැවුලත් සේදීම අනිවා කලයුතු දෙයක්. මේක රැවුල වවන්න පටන්ගත් දවසේ ඉඳන්ම පවත්වාගෙන යායුතු පුරුද්දක්. කිසිවිටක සබන් ගා රැවුල සෝදන්න එපා. ඒ වෙනුවට තමන් මුහුණ සෝදන්න භාවිතා කරන facewash එක භාවිතයෙන් රැවුල් ගස් අතර සෝදන්න. ඉන්පසු තුවායක් භාවිතයෙන් තෙතමාත්තු කරගන්න. අනවශ්‍ය විදිහට රැවුල පිසදමා වියලාගන්න යන්න එපා. ඒ මගින් සම සහ රැවුල වියලී හානි වෙන්න පුලුවන්.
6. පීරන්න
දවසකට වතාවක්වත් පනාවක් ආධාරයෙන් රැවුල ඉහල සිට පහලට පීරන්න. මේ මගින් රැවුල කීකරු කරගන්නටත් අනවශ්‍ය පැටලුම් සැදීම වළක්වගන්නටත් පුලුවන්. මේ සඳහා දැති අතර පරතරය තරමක් වැඩි පනාවක් භාවිතා කිරීම සුදුසුයි. නැතිනම් රැවුල් ගස් ගැලවී යන්න තිබෙන ඉඩ වැඩියි.
7. සමේ තෙතමනය පවත්වාගැනීම
කවදා හරි රැවුල සම්පූර්ණයෙන් කපපු දවසකදී සමේ නිරෝගිබව රැකගැනීමට නම් රැවුල වැවෙන ප්‍රදේශයේ සම වියලීමෙන් වළක්වාගන්න වෙනවා. මේ සඳහා මොයිස්චරයිසර් එකක් ගල්වන්න පුලුවන්. තෙතමනය සහ රැවුලේ පෝෂණය යන දෙකටම වඩාත්ම ගැලපෙන දෙයක් තමයි පොල් තෙල් කියන්නෙ. දවසකට වතාවක් ලාවට පොල්තෙල් ටිකක් ගාගන්න පුලුවන්. ඌශ්ණාධික රටක් වෙන අපේ රටේ තෙල් අධික සමක් සහිත හෝ ඉක්මණින් කුරුලෑ එන සමක් සහිත අයට කුරුලෑ හට ගැනීමේ තත්වයක් ඇති වෙන්න පුළුවන් නිසා පොල් තෙල් ගානවට වඩා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේපය වඩා සුදුසුයි.
8. යහපත් ආහාර වේලක් සහ නින්ද
නින්ද කියන්නෙ හොඳ රැවුලක් වවාගන්න අත්‍යාවශ්‍යම සාධක දෙකක්. ඒ වගේම තමයි සමබර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්න එක. බිත්තර, කිරි, ආමන්ඩ් වැනි ඇට වර්ග, කැරට් වැනි ආහාර ඔබේ රැවුලේ වර්ධනයට ඉතාම හිතකරයි.
9. අවසාන වශයෙන්-කපන්නද එපාද?
හැමෝගෙම රැවුල එක හා සමානව වැවෙන්නේ නැහැ. ජානමය හේතු නිසා මාස ගණනක් වැවුවත් සමහර විට ඔබට ඝන රැවුලක් වවාගන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා. එතකොට තැනින් තැන අඩු වැඩිව වැවී ඇති රැවුල් ගස් ඔබේ පෙනුමට සුන්දරත්වයකට වඩා හානියක් කරන්න තියන ඉඩ වැඩියි.
ඒ වගේ අවස්ථාවක බය නැතිව රැවුල ශේව් කරල දාල තමන්ට ගැලපෙන සහ තමන්ගේ පෞරුශය ඔප් නැංවී පෙනෙන වෙන විලාසිතාවක් අනුගමනය කිරීම වඩාත් සුදුසුයි.
- aniwa.lk
රැවුල් විලාසිතා ආයෙත් ෆේමස්! වවන්නන් වාලේ වවන්නෙ නැතිව ඔබටත් නියම රැවුලකට උපදෙස්
2018-05-09T02:00:00-07:00
Gossip Lanka Hot News
slide|