මේ දේවල් තනිකරම ස්වභාවික සත්කාර නිසා අතුරු ආබාධ අවමයි. ඒ වගේම මේ හැමදෙයක්ම ස්වභාවික සත්කාර නිසා දවසෙන් දෙකෙන් ඉක්මන් ප්‍රථිපල
ලැබෙන්නෙ නෑ. අවම වශයෙන් මාස දෙකක්වත් මේ සත්කාර කරන්න ඕනෙ. මේ හැම දෙයක් එක්ක ම සමබර ආහාර වේලක් ලබා ගැනීමත් ඉතාම වැදගත් කියලත් මතක් කරන්නම ඕනෙ. මේ හැම සත්කාරයක්ම දිනපතා කිරීම වඩාත් සුදුසුයි. ඔබට එසේ කිරීම අපහසු නම් දින දෙකකට වරක් කිරීම ප්‍රමාණවත්.
1. පිපිඥ්ඥා සත්කාරය
මේක පැරණිම සහ බොහෝ දෙනෙක් දන්නා සත්කාරයක්. දෙනෙත් වල විඩාබර බව නැති වී ඇස් වටේ ඇති අඳුරු පැහැය අඩු කිරීමට මෙම සත්කාරය සමත්. ශීත කල තරමක් මහත පිපිඥ්ඥා පෙති දෙකක් දෙනෙත් පියා ඒ මත තබන්න. පිපිඥ්ඥා පෙති ශරීරයේ උශ්ණත්වයට උණුසුම් වනතුරු තබා ඉවත් කර නැවත අළුත් පෙති දෙකක් තබන්න. විනාඩි 15ක් පමණ මෙය කිරීම ප්‍රමාණවත්.
2. අල සත්කාරය
පිපිඥ්ඥා වගේම ඇස් වටේ අඳුරු ගතිය අඩු කරන්න වගේම ඇස් වලට දීප්තිමත් පෙනුමක් ලබා දෙන්න අල වලිනුත් පුළුවන්. රැයක් ශීතකරණයේ තැබූ අල ගෙඩියකින් මහතට පෙති කීපයක් කපා ඒවා ඇස් මත තබන්න. ශීත ගතිය අඩු වූ පසු අළුත් පෙති දෙකක් තබන්න. මෙයත් විනාඩි 15ක් 20ක් කිරීම ප්‍රමාණවත්. අල වල අඩංගු විටමින් C සහ පොටෑසියම් ඔබේ දෙනෙත් දීප්තිමත් කරන්න උපකාර වෙනව. ඇස් යට එල්ලා වැටීමටත් මෙය ඉතා සුදුසු ප්‍රතිකර්මයක්.
3. රෝස වතුර සත්කාරය
රෝස පෙති කීපයක් රැයක් පුරා වතුරේ තබා වතුර ටික පෙරාගන්න. එසේත් නැතිනම් රූපලාවන්‍ය උපකරන වෙලඳ සැලකින් හෝ ෆාමසියකින් රෝස් වෝටර් මිලදී ගන්නත් පුළුවන්. පුළුන් කැබලි දෙකකට රෝස වතුර පොඟවා ඇස් පියා දෙනෙත් මත තබා විනාඩි 20 ක් තබන්න. හිරු එළියෙන් සහ පරිඝණක ඉදිරියේ වෙහෙසෙන ඇස් වලට මේ සත්කාරය වඩාත් සුදුසුයි. විඩාබර දෙනෙත්වලට සහනයක් ලබා දී දෙනෙත් වල දීප්තිමත්බාවය රැක ගන්න මෙය සුදුසුයි.
4. ව්‍යායාමත් අවශ්‍යයි
ආලේපන වලින් විතරක් ලස්සන ඇස් දෙකක් ලබාගන්න බැහැ. මෙන්න මේ වීඩියෝවේ ඇති පරිදි ව්‍යායාම කීපයක් කිරීමෙන් ඇස් එල්ලා වැටීම රැලි ගැසීම වැනි දේවල් වලක්වා සුන්දර දෑසක් ලබාගන්න පුළුවන්.
5. දිගු ඇස් පිහාටු
සුන්දර දෑසකට දිගු ඇසිපිය සමහරුන්ගේ කැමැත්තයි. මෙන්න මේ සරල සත්කාර කීපය දිනපතා නිවසේදීම කර බලන්න. මාස කීපයකින් ඔබට සුන්දර දෑසකට හිමිකම් කියන්න හැකිවේවි.
- ඔලිව් තෙල් ස්වල්පයක් පිරිසිදු කරගත් මස්කාරා බ්‍රශ් එකකින් හෝ පිරිසිදු පුළුන් කැබැල්ලකින් ඇස් පිහාටු මත රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. උදෑසනට මද උණුසුම් වතුරින් සෝදා හරින්න. මාසයක් පමණ කිරීමෙන් වෙනස ඔබටම අත් විඳිය හැකියි.
- වැස්ලීන් (පිරිසිදු, උසස්ම තත්ත්වයේ වැස්ලීන් ගැනීමට මතක තබා ගන්න) ස්වල්පයක් ඔලිව් තෙල් පරිදිම ඇහි පිහාටු වල රාත්‍රියේ ආලේප කර උදෑසනට සෝදා හරින්න. දිගු ඝණකම ඇසිපිය ලබා ගැනීමට එය උපකාරී වෙනව.
- වියළි ලෙමන් ලෙලි කීපයක් ඔලිව් තෙල් වල බහා සතියක් පමණ තබන්න. එසේ සකස් කල තෙල් රාත්‍රී නින්දට පෙර ආලේප කර උදෑසනට මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. ලෙමන් ලෙල්ලේ ඇති විටමින් සියල්ල තෙල් වලට උරාගන්න නිසා ඇහි පිහාටු වර්ධනයට අවශ්‍ය පෝෂණය එමඟින් ලබාගත හැකියි.
*මේ සත්කාර කිරීමට පෙර ඔබට ඇති ඇලර්ජි/අසාත්මිකතා ගැන දැනුවත් වන්න. වෛද්‍ය උපදෙස් පතන්න.*
- aniwa.lk