ලිප්ස්ටික් ගාද්දි මේ ටිප්ස් 7 පාවිච්චි කලොත් මල් 7යි

යුවතියකගෙ දෙතොල් වලට හිමි වෙන්නෙ ඇස් වලට තරම්ම විශේෂ තැනක්. අතීතෙ ඉඳන්ම කවි සිංදු වලටත් නොඅඩුවම සංකල්පනා සපයපු මේ දෙතොල් ඉස්සර කාන්තාවන් රතු කරගත්තෙ බුලත් කාලලු.

දැන් අපිට බුලත් නොකාම නාදළු වන් රතු දෙතොලක් ලේසියෙන්ම හිමි කරගන්න පුළුවන් ලිප්ස්ටික් ටිකකින්. වැඩිය මේකප් නොකරන කෙනෙක් උනත් ලිප්ස්ටික් එකක් නම් පාවිච්චි කරනවමයි.

ඉතින් ඔබ පාවිච්චි කරන ලිප්ස්ටික් ගැන ඔබ
නොදන්න දැන ගත යුතුම පුංචි පුංචි හැක්ස් ටිකක් අනිවා අපි ගෙනාව.

1. මෘදු දෙතොලක්

ලිප්ස්ටික් ගාන්න කලින් මුලින්ම ඔබ ඔබේ දෙතොල් සකස් කරගන්න ඕනෙ. නිකම්ම ලිප්ස්ටික් ගෑවොත් ඒක ලස්සන නෑ. ඉවතලන මස්කාරා බ්‍රශ් එකක් පිරිසිදු කර ගන්න. එහෙමත් නැත්නම් මෘදු දත් බුරුසුවක් උනත් කමක් නෑ. ඔබේ දෙතොල් වල මොයිස්චරයිසර් ක්‍රීම් හෝ ලිප් බාම් ටිකක් ගාගන්න. දැන් බ්‍රශ් එකෙන් කවාකාරව තොල් බ්‍රශ් කරන්න. තොල් වල වියළි සම ඉවත් වී මෘදු දෙතොලක් ලබාගන්න මෙය කිරීම වැදගත්.

2. බේස් එකක්

ලිප් බේස් එකක් හැටියට මුලින්ම දෙතොල් වල ලිප් බාම් තුනීයට  ආලේප කරන්න. ඔබේ දෙතොල් වියලෙන්නෙ නැතුව තියාගන්න මෙය වැදගත්. ටිශූ එකක් ගෙන තොල් වලට තබා තද කර අමතර බාම් ඉවත් කරගන්න.  ඔබ ලිප්ස්ටික් බේස් එකක් පාවිච්චි කරනවා නම් එය මීට පසුව ආලේප කරන්න.

3. Lip Line එක

ඔබේ දෙතොලට මනා හැඩයක් එන්න ලිප්ස්ටික් ආලේප කරන්න නම් ඔබ  Lip line එක ලකුණු කරගන්න ඕනෙ. ඒ කියන්නෙ ඔබෙ උඩ තොලේ මැද ඇති අකුරක හැඩය ඇති තැන Cupid Bow එක, උඩ තොල දෙපස Naturel Line එක සහ යටි තොලේ මැද Teardrop එක පින්තූරයේ ඇති පරිදි ලකුණු කරගෙන ලිප් ලයින් එක ඇඳගන්න. ඔබට සිහින් දෙතොලක් හිමි නම් එය මඳක් මහතට පෙනෙන ලෙස පිටතිනුත්, මහත දෙතොලක් හිමි නම් එය සිහින්ව පෙනෙන ලෙස ඇතුලතිනුත් ලිප් ලයින් එක ඇඳගන්න. ලිප් ලයිනර් එක හැමවිටම ඔබේ ලිප්ස්ටික් එකේ පැහැයෙන්ම අරගැනීමෙන් ඔබේ දෙතොලට කෘත්‍රිම පෙනුමක් ඒම වලක්වගන්න පුළුවන්.

4. වැඩි කාලයක් ලිප්ස්ටික් රඳවා ගැනීම

මේකට එක ක්‍රමයක් අපි අනිවා බියුටි ටිප්ස් වලින් කලිනුත් කියල දුන්න. මේ තව ක්‍රමයක්. මුලින්ම සකස් කරගත් තොල් වල ඔබ තෝරාගත් ලිප්ස්ටික් එක ආලේප කරගන්න. ටිශූ එකකින් යන්තම් තද කර බ්ලොට් කරගෙන එයට උඩින් යන්තම් තුනී පව්ඩර් ලෙයර් එකක් බ්‍රශ් එකකින් ආලේප කර නැවත එයට උඩින් ලිප්ස්ටික් ආලේප කරන්න. වැඩි වෙලාවක් ලිප්ස්ටික් එක තියාගන්න පුළුවන්.

5. 3D Lips

මේ විදියට ලිප්ස්ටික් ආලේප කරන එක උත්සව අවස්ථාවකට හොඳටම ගැලපෙනව. මුලින්ම ඔබ මැට් ලිප්ස්ටික් එකක් ආලේප කරගන්න. ටිශූ එකකින් තද කරල අමතර ලිප්ස්ටික් ඉවත් කරගන්න.  දැන් තොල් වල මැදට දිලිසෙන අයි ශැඩෝ ටිකක් ආලේප කරගන්න. ඒක ඔබ ආලේප කරගත්තු ලිප්ස්ටික් එකේ පැහැයට වඩා තරමක් ලාපාටක් වෙන්න ඕනෙ. දැන් ගාගත් අයි ශැඩෝ එකේ දෙකෙලවර ලිප්ස්ටික් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න ලිස්ටික් ටිකක් ගාගත්තු බ්‍රශ් එකකින් ස්මජ් කරගන්න.

6. Matte-Look Lips

මැට් ලුක් කියන්නේ දිලිසෙන්නෙ නැතිව තොල් වල ස්වභාවයටම ලිප්ස්ටික් එකක් ගාගන්න හැටි. ලිප්ස්ටික් වල දිලිසෙන ගතියට අකමැති අයට මේ ස්ටයිල් එක හොඳයි. ඔබ මැට්-ලිප් ලුක් එකට කැමති නම් මෙන්න ඒකට පහසුම විදිය. සාමාන්‍ය විදියට ලිප්ස්ටික් ආලේප කරගන්න. ඔබ තෝරාගත් ලිප්ස්ටික් එකෙ පැහැයෙන් බ්ලශ් පව්ඩර් ටිකක් ඇඟිලි තුඩට ගාගෙන එය ආලේප කරගත් ලිප්ස්ටික් වලට උඩින් යන්තම් තද කරමින් තියාගන්න.

7. Neat Finish එකක්

ඔබ ලිප්ස්ටික් ආලේප කර අවසන් වූ පසු එයට මනා නිමාවක් දෙන්න නම් කුඩා බ්‍රශ් එකක් ගෙන ඔබේ සමේ පැහැයේ පව්ඩර් ටිකක් දෙතොල් වටා ලයින් එකේ ආලේප කර නීට් කරගන්න. හදිසියේවත් ඔබට ඔබේ ලිප්ස්ටික් එක හිතට ඇල්ලුවෙ නැත්නම් නැවත ආලේප කරන්න ඕනෙ නම් වැස්ලින් ස්වල්පයක් ටිශූ එකකට ගාගෙන දෙතොල් පිසදාන්න. ඉක්මණින් ලිප්ස්ටික් ඉවත් වේවි.

- aniwa.lk


gossip lanka