හැමෝම තමන්ගේ අතේ සල්ලි තියෙනවට හරි ආසයි. අපි කැමති දේවල් ගන්න, කැමති තැනක යන්න වගේම කැමති විදිහට අපිට ඒ නිසා ඉඩ ලැබෙන හන්දා. ඒත් අපේ අතේ සල්ලි නැති උනොත්, මම කියන්නේ ඉතුරු කරපු දේවල් පවා නැති උනොත් broke කාලෙ මොකෝ කරන්නේ? මේ කියන්න යන්නේ අතේ සල්ලි නැති කාලෙට අපි අනිවා කල යුතු දේවල් කිහිපයක් ගැන.
1. පිළිගන්න
ඔක්කොටම කලින් හිතන්න උවමනා දේ තමයි,
තමන් පිළිගන්න එක තමන් අතේ ඉස්සර තිබුණු මුදල් මේ වෙනකොට නැහැ, සහ ඔබට ඉස්සර තරම් වියදම් කිරීමේ හැකියාවක් නැහැ කියන එක. මොකද ඔබ පිළිගත්තේ නැත්නම් වෙන්නේ ඔබ තව තවත් වියදම් කරන්නට ගිහින් ණය බර, උකස් බර වගේ දේවල් වලින් පිඩනයට ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයින් පත්වෙන එක.
මේ නිසා වහාම ඔබේ පවුලේ සාමාජිකයින් වර්තමාන තත්වය ගැන දැනුවත් වෙලා නැති නම් මේ තමයි හොඳම වෙලාව ඔවුන්ව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එවිට ඔවුන් සතුව සමහර විට මේ තත්වයෙන් ගොඩ එන්නට ක්‍රමවේද තියෙන්නට පුළුවන්. එහෙම නැතත් මේ තත්වය පහව යනතුරු වියදම් සම්බන්ධයෙන් වාරණයකට ඔබට සහ පවුලේ සාමාජිකයින්ට එකඟ වෙන්නට හැකි නම් ගැටලුවෙන් ගොඩ එන්නට ඔබට එය හොඳ පිටුවහලක් වේවි.
2. හොඳට හිතන්න
තමන්ට වියඳම් ගියේ මොන මොන දේවල් වලටද? ඒවායින් අනවශ්‍ය දේවල් මොනවද,? එහෙම වෙන්නේ ඇයි? මේවගේ දේවල් හිතන්න හොඳම වෙලාව තමයි තමන්ගේ අතේ සල්ලි නැති වෙලාව. මොකද ඔබට මේක පහසුවෙන්ම ස්වර්ණමය අවස්ථාවක් කරගන්න පුළුවන් ජීවිතේට. ඔබ මුදල් අතේ අඩු කාලේ ඔබේ ජිවනරටාව හදා ගත්තොත් ඔබට මුදල් තියෙන කාලෙදිත් කිසිම ගැටලුවක් නැතිව ඒ විදිහටම ඉන්න පුළුවන්. එතකොට ඔබ නොදනිම ලොකු වියඳමක් යන එක ඉතුරු වෙනවා.
3. අනවශ්‍ය වියඳම් කපා හරින්න
සල්ලි අතේ තියෙන දවස්වල අපි සුද්දා වගේ ඔහේ වියඳම් කරනවා වෙන්න පුළුවන්. ඒත් අපි මේ වෙනකොට හිතට ගන්න ඕනේ දේ තමයි අද කාලේ සුද්දොත් වියඳම් කරන්නේ අඩුවෙන් කියන එක.
ඒ නිසා අපෙ වියඳම් අපි අඩු කරගන්න එක ගැන ආයි වාදයක් නැහැ. ඔබ මාසෙකට යන වියඳම් ලැයිස්තුගත කරන්න. එයට සෑම පොඩි වියදමක්ම එකතු කරන්නට අමතක කරන්න එපා. මෙය ඉතා වැදගත්. කම්මැලි වෙන්න එපා, අමතක කරන්න එපා. මොකද පොඩි පොඩි වියදම් වලින් තමා ලොකු ලොකු කරදර වෙන්නේ. මාසෙ අන්තිමට ලැයිස්තුව බැලුවහම පුදුම වෙන්න බොහෝ ඉඩ තියෙනව. ඉතින් එහෙම ලියලා ඇත්තටම ඔබට අත්‍යාවශ්‍යයි කියා හිතෙන වියඳම් විතරක් ඉතුරු කරලා ඉතුරු සියල්ලම කපා හරින්නට පුළුවන්.
සමහර විට ඔබ සති අන්තයේ මිතුරන් එක්ක සෙට් වීමක් යොදාගන්නවා වෙන්න පුළුවන්. ඔබ ඒ කාලය පවුල වෙනුවෙන් යොමු කලොත්, ඔවුන් සමඟ වඩා ඵලදායි කාලයක් ගෙවන්න උත්සහ කලොත්, අතේ මුදලුත් ඉතුරු වෙනවා වගේම ඔබට ඔබේ අනාගතය සවිමත් කරගන්න උපදෙස් සහ උදව් පවුල තුලින්ම ලැබෙන්නත් බැරි නැහැ.
4. ටැක්සි වෙනුවට බස්
ඔබට වාහනයක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් නිතරම් ටැක්සි භාවිතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එය ඔබේ සේවා ස්ථානයෙන් මේ ටැක්සි වලට ගෙවීම කරනවා නම් ගැටළුවක් නැහැ. ඒත් මේවා වියඳම් වෙන්නේ ඔබේ අතින් නම්, එතන ගැටළුවක් තියෙනවා.
මොකද, නිකමට හිතන්න ඔබේ ගමනාන්ත දෙකක් අතර දුර පොඩ්ඩක් උනත් ඔබට සැප පහසුවට යන්න ලැබුනට ඊට වියඳම් ප්‍රමාණය පොඩ්ඩක් වෙන්න පුළුවන්. ඒත් මාසයක් පුරාවටම ගමන්වලට වෙන වියඳම එකතු කරලා බැලුවම ඔබට සමහර විට හිසරදය හැදෙන්නත් බැරි නැහැ. ඒ නිසා, අතේ මුදල් හිඟ කාලයක් වෙනවා නම්, පොඩ්ඩක් ඒ කාලය එහා මෙහා වෙනකම් බස්, දුම්රිය වගේ පොදු ප්‍රවාහනයක් භාවිතා කලාට පාඩු වෙන්නේ නැහැ. වෙනදට වෙලාවට යනවා නම් බස් එකේ පොඩ්ඩක් පරක්කු වෙයි කියලා හිතෙනවා නම් ටිකක් කලින් ගෙදරින් යන්න. ඔබේ බස් ගමන හෝ දුම්රිය ගමන ඔබේ සාක්කුවට එතරම් දැනෙන්නට බලපෑමක් කරන එකක් නැහැ.
අමාරු කාලෙකට, ආයිත් ගොඩ එනකං, අත්විඳින මෙවන් පොඩි සැප පහසුකම් අත්හරින්න හිත හදාගන්න. එයින් ඔබත් වඩා දිරිමත් පුද්ගලයෙකු හැටියට ඉදිරියට අනිවා ඒවි.
5. වැඩ ගොඩකට එක පාරක්
සමහර වෙලාවට අපිට වැඩ කරගෙන යනකොට විවිධ දේවල් ඉටු කරගන්න තැනින් තැනට යන්න වෙනවා. ඒ වගේම එක වරක් ආපු තැනට අපේ අතපසුවිම නිසා තව පාරක් දෙකක් එන්න වෙන වෙලාවල් හරිම සුලභයි. එය අපේ කාලය විශාල ලෙස කා දමනවා වගේම අපිට යන වියඳමත් බොහොම වැඩි වෙනවා. එහෙම කරන්නේ නැතුව ඔබේ මොබයිල් ෆෝන් එකේ හෝ පොඩි කොළයක අපට යන්නට තියෙන තැන් ටික සහ කරගන්නට තියෙන වැඩ ටික ගැන පොඩි සටහනක් ගහගත්තා නම් අපිට හරිම පහසු වේවි. ඒ වගේම කිසිම දෙයක් අතහැරෙන එකකුත් නැහැ.
මෙයට අමතරව බෑන්ක් එකෙන් කාඩ් එකෙන් මුදල් ගන්නට උවමනා නම් යන වියඳම් එකවර ගණනය කරලා එක පාරම ගන්න එක හොඳයි. මොකද ඔබේ වරින් වර ගන්න එකෙන් අදාළ සේවා වාරයක් සඳහා ගෙවන මුදල වැඩි වෙනවා.
මෙයින් කියන්නේ, තමන්ගේ වැඩකටයුතු පොඩි වෙලාවක් යොදා වඩා සැලසුම්සහග කිරීමෙන් ලොකු මුදලක් ඉතිරිකරගත හැකි බවයි.
6. අලුත් දේවල් සහ නෝට් පෑඩ්
අතේ සල්ලි නැති වෙලාව තමා අලුත් දෙයක් ගැන හිතන්න හොඳම වෙලාව. මොකද සල්ලි තියෙන වෙලාවට වඩා සල්ලි නැති වෙලාවල් වලට තමා හිතට එන්නේ මේ මේ දේවල් කරන්න තිබ්බා නම් මරු, එත් අතේ සල්ලි නැහැනේ කියලා. ඉතින් ඒකට තමා අපි අලුත් අදහසක්, බිස්නස් ප්ලෑන් එකක් වගේ දෙයක් ඔලුවට ආවම ඒවා අමතක නොවන ලෙස පොඩි සටහන් පොතක වත් නෝට් කරලා තියන්න ඕනේ. අලුත් යමක් හිතන්න පමණක් නොව කරන්නටත් ගැම්මක් ඇති වෙන්නේ මේ කාලෙටයි. මේ වගේ හිතන්න, ප්ලෑන් ගහන්න වෙලාවක් නැති යාළුවො, නෑයෝ එක්ක අදහස් කතා කරගෙන වැඩට බහින්නත් පුළුවන්. තමන් කරන රැකියාව මොකක් උනත් තමන් කැමති දෙයක්, කැමති ෆීල්ඩ් එකක් ගැන කියවන එක හරිම වටිනවා. ඒ වගේම මේ කාලෙට තමයි මේ වගේ දෙයක් නිරවුල්ව ඔලුවට දාගන්නත් පුළුවන් වෙන්නේ. තමාගේ ප්‍රිය ස්බ්ජෙක්ට් එකක් ගැන අලුත් දෙයක් ඉගෙන ගෙන අද ලෝකෙ එයින් මුදල් උපයන්නට අවස්ථා ගොඩයි කියලත් දැනගන්න.
7. කාමර ජීවියෙක් වන්නට එපා
මේ වැඩේ නම් කවදාවත් කරන්න යන්න එපා. අපේ ජිවිත වල නැගීම වගේම බැසීමුත් තියෙනවා. ඒවා පහුකරගෙන ගිහින් අතීතේ දිහා ආපහු හැරිලා බැලුවම හරිම ලස්සනයි. “කොහොමත් ගඟක් උනත් වංගු වලින් හැරි හැරී ගලනකොට තමා ලස්සන!”
ඒ නිසා කාමරෙන් එලියට එන්න, ඔබට කරන්න බොහෝ වැඩ තියෙනවා. මනස ඒ වෙනුවෙන් යොදවන්න. දවසකට එක ප්‍රයෝජනවත් වැඩකවත් යෙදෙන්න. එය දවස අවසානයේ ආපහු දවස හැරිලා බැලුවම සතුටක් හිතට එන හේතුවක් වේවි.
8. ලෝකයෙන් ඈතට ගියොත් අසමත් වෙන්නේ ඔබමයි.
අනෙක් අතට ගොඩක් අපේ මිත්‍රයින් මේ වගේ තත්වයක් උද්ගත වුනාම කරන්නේ සමාජයෙන් ඈත වෙලා ඉන්න එක. මෙයට හේතුව තමයි ඔවුන් තුල ඔවුන්ව ප්‍රතික්ෂේප කරතියි කියා තියෙන බිය. එහෙත් ඔබ එඩිතරව එවැනි අවස්ථා වලට මුහුණ දීලා ඔබේ ජිවිතයේ ඇති අසාර්ථකත්වයන් සාර්ථකත්වයන් බවට හරවා ගන්න පුළුවන් නම් ඔබ දෙස ඔවුනුත් බලා ඔවුනුත් තමන්ගේ ජිවිත වලට අලුත් දෙයක් එකතු කරගනීවි.
උවමනා වෙන්නේ ප්‍රශ්ණයෙන් එලියට එන්න ධෛර්යය සහ ජීවිතය වෙනුවෙන් සටනක් දෙන්නට ඇති හැකියාව විතරයි.
- aniwa.lk
Broke බ්‍රෝ? සල්ලි නැති කාලේ තියෙන කාලෙටත් වඩා හොඳින් ගෙවන්න මෙන්න නියම ඔත්තු 8ක්
2018-04-21T02:53:00-07:00
Gossip Lanka Hot News
slide|