ඔබ එහෙම හිතලා නැතිනම්, එහෙම හිතන්න පටන්ගන්න තවමත් පරක්කු නැහැ. කවුද කැමති
වයසට ගිහින් තමන්ගේ අවට සිටින තමන්ට ආදරේ කරන අයට බරක් වෙලා ඉන්න. පොඩ්ඩක් හිත යොමු කරලා අවට සමාජය දිහා පොඩ්ඩක් බලන්න. එහෙම අනාගතේ සැලසුම් කර නොගෙන ජීවත්වීම දුකක් බවට පත් කරගත්තු අය සම්බන්ධයෙන් අපිට උදාහරණ ඕනෑ තරම් සොයාගන්නට පුළුවන් වේවි.
ඉතින් මෙන්න මේ නිසා අපි කල්පනා කළා ඔබත් එක්ක එකතු වෙලා පුංචි ප්‍රශ්න හතකට පිළිතුරු හොයාගන්න. ඒ වගේම, ඒ ප්‍රශ්න වලට අපි දීල තියෙන පිළිතුරු කියවන්නත් අමතක කරන්න එපා. හොඳේ?
1. විශ්‍රාම සැලසුමක් කියන්නේ මොකක්ද?
හිතන්නකෝ මෙහෙම! අපි කරන රස්සාවට අනුව තව අවුරුදු 15 හෝ 20 කින් අපි රැකියාවෙන් ඉවත්වෙලා විශ්‍රාම ගන්න ඕනේ. අපි දැන් ලබන ආදායම අපේ ජීවත් වීමට ප්‍රමාණවත් වුනාට, තව අවුරුදු 15 කින් හෝ 20 කින් අපි විශ්‍රාම ගියාම ලැබෙන්නේ නැහැනේ? එතකොට අපි කොහොමද ජීවත් වෙන්නේ?
මෙහෙම දෙයක් කිව්වම ඔබ හිතන්න පුළුවන් මට EPF / ETF තියෙන්නේ තව මොකටද විශ්‍රාම වැටුපක් කියලා. ඒ ප්‍රශ්නෙට නම් අපිට දෙන්න තියෙන උත්තරේ මෙන්න මෙහෙමයි. රොකට් එකක් වගේ ඉහලට යන ජීවන වියදමත් එක්ක අපේ වියහියදම් ඉහල නොයාවි කියලා අපි කොහොමද කියන්නේ? අද කාලේ රුපියල් 1000ක් සාක්කුවේ දාගෙන එලියට ගිහින් ගෙදරට එනකොට කීයද ඉතුරු? ඉතින් මෙහෙම තත්වයක් තියෙනකොට අපේ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පසු කාලය ගැන අපි නිශ්චිතව විශ්වාසයක් තියන්නේ කොහොමද?
මෙන්න මේ ප්‍රශ්න වලට ස්ථිර සාර උත්තරයක් විදියට තමයි විශ්‍රාම සැලසුමක් ඔබේ ජීවිතයට අවශ්‍ය වන්නේ. තමන්ගේ ජීවිතේ අවසාන කාර්තුව බොහොම පහසුවෙන් දුකක් කරදරයක් නැතිව, සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න, කිසිවෙකුට අත නොපා ආදර්ශවත්ව ගෙවන්න ඔබට ඔබේ යැපෙන්නන්ට ශක්තියක් වෙන්නට විශ්‍රාම සැලසුම කියන්නේ බොහොම නුවණැති විසඳුමක් කියන එක නම් ෂුවර්.
2. විශ්‍රාම සැලසුමක් තියෙන්නේ මොන වගේ අයටද?
ප්‍රශ්නෙට උත්තරේ අපි ආපහු ප්‍රශ්නෙකින් ම දෙන්නද? “විශ්‍රාම සැලසුමක් අවශ්‍ය නැත්තේ කාටද?” විශ්‍රාම ගන්න කෙනෙකුට නිශ්චිත කාලයක් නැහැ. තමන්ට කැමති කාලයක විශ්‍රාම යන්න හැකියාව තිබෙනවා. අන්න ඒ නිසා විශ්‍රාම සැලසුමක් තියෙන්නේ තමන්ගේ සහ තම යැපෙන්නන්ගේ අනාගතේ ගැන වඩා පුළුල්ව හිතන අයට කියලා විතරක් අපි කියන්නම්.
3.කොතරම් කාලයක් ඔයා විශ්‍රාම යන්නට තව ඉතිරි වෙලා තියෙනවද?
බොහොම සරල නමුත් කල්පනා කලයුතු දෙයක් තමයි ඔයාට විශ්‍රාම යන්නට කොතරම් කාලයක් ඉතිරි වෙලා තියෙනවද කියන එක. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරේ බොහොම සරල සමීකරණයකින් විසඳාගන්න පුළුවන් කම තියෙනවා. ඒ තමයි,
ඔබ විශ්‍රාම යන්නට බලාපොරොත්තු වෙන වයස – ඔබේ වයස = විශ්‍රාම යන්නට ඉතිරි වී ඇති කාලය.
මෙන්න මේ ඉහත කියපු සමීකරණයට එන පිළිතුර සඳහා තමයි අපි විශ්‍රාම සැලසුම සුදානම් කර ගත යුත්තේ.
4. විශ්‍රාම දිවිය සැපවත්ව ගත කරන්න කොච්චර විතර මුදලක් උවමනා වෙනවද?
එය ඔබ ඔබේ අනාගත විශ්‍රාම දිවිය සැලසුම් කරන ආකාරය මත තීරණය වෙනවා. මේ අදහස තවත් වැඩි දියුණු කරගන්න පුංචි අදහසක් විතරක් දෙන්නම්, ඒ මෙහෙමයි. ඔබේ විශ්‍රාම දිවිය සැපවත්ව ගත කිරීම සඳහා ඔබ කර ඉතුරුම් සහ ආයෝජන වල වටිනාකමට අනුවයි ඔබේ විශ්‍රාම දිවියේ සැපවත් භාවය තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා, හැකි පමණ ඉතුරුම් සහ ආයෝජන කරන්න කියලා තමයි අනිවා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ.
5. දැන් මේ අවස්ථාව වෙනකොට කොච්චර මුදලක් ඉතිරි කරලා තිබෙනවද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින් හොඳට හිතලා බලන්න. ඔබට ඉතුරු කරන්නට හැකියාව තිබෙත්දිත්, ඔබ අනිවාරතේ වියදම් කල මුදල් ගැන, කිසිදු හේතුවක් නැතිව පිළිවෙලක් නැතිව වියදම් වී ඇති මුදල් ගැන.
ඒ මුදල් ඉතිරි කළා නම් කොතරම් මුදලක් ඔබ සතුව තිබෙනවාද?
ඒ වගේම ඉතිරි කල මුදල සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවාද?
මෙන්න මේ වගේ ප්‍රශ්න වැලකට පසුව ඔබ තීරණය කල යුතුයි,
ඔබේ අනාගතය සැපවත් ව ගත කරන්න ඔබ ඉතිරි කර ඇති මුදල ගැන සෑහීමකට පත් වෙනවාද?
එහෙම නැතිනම් ඔබ මුදල් ඉතිරි කිරීමට වහාම පටන් ගන්නේ කවදාද ?
කියන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගන්න.
6. විශ්‍රාම සැලසුමකින් අපිට තියෙන වාසි මොනවාද?
විශ්‍රාම සැලසුමක් නිසා ඔබේ හිතේ සැනසුම ම කොතරම් කියල හිතනවාද ?
ඒ නිසා ඔබේ සෞඛ්‍ය තත්වයට ලැබෙන පිටුවහල!
නියමිත පරිදි අනාගතය සැලසුම් කල පුදගලයෙක් නිසා සමාජයෙන් ලැබෙන ගරු බුහුමන්!
ඒ විතරක් නොවෙයි ,
බදු සහන.
ජ්‍යෙෂ්ට පුරවැසියෙක් වීම නිසා ලැබෙන සුවිසේෂ වරප්‍රසාද!
මේ ඔක්කොටම වඩා හිතේ නිදහස!
- aniwa.lk