අවුරුදු විසිගණන් වෙනකොට මේ වෙනස්කම් ජීවිතේට අරගෙන ආවොත්, අවුරුදු පණහ වෙනකොට ඒවල ප්‍රතිලාභ ලැබෙයි

අවුරුදු පණහ කියන්නේ ජීවිතේ සැන්දෑ කාලේ කියලා කෙනෙක් කියයි. හැබැයි ඇත්තටම ගත්තොත් අවුරුදු පණහෙන් පස්සේ තවත් ජීවිතයක් පටන් ගන්නවා කිවුවොත් වැරදි නෑ. කොහොමවුනත් අවුරුදු පණහ වෙනකොට අපිට මෙතෙක් ගෙවපු ජීවිතේ ගැන හොඳ, තෘප්තිමත් හැඟීමක් ඇතිවෙන්න ඕන. එතකොට ඉස්සරහට ගෙවන්න තියෙන ජීවිතේ ගැන හිතේ ‍ෆිට් එකක් ඇතිවෙන්න ඕන. අන්න ඒ හැඟීම් පණහ පනිනකොට ඇතිවෙන්න නම්, මෙන්න මේ දේවල් අවුරුදු විසිගණන් වලදීම ඔයාලගේ
ජීවිතවලට හඳුන්වාදෙන්න.

1. සාර්ථක විශ්‍රාම සැලැස්මක් තියාගන්න

ඇත්තටම විශ්‍රාම සැලැස්මක් පටන් ගන්න ඕන අවුරුදු විසිගණන් වලදීමයි. එතන ඉඳන් එකදිගටම ගොඩනඟාගෙන එන විශ්‍රාම සැලැස්මේ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නේ අවුරුදු පණහ පැන්නහමයි.

2. මොකක් හරි දේක විශේෂඥයෙක් වෙන්න

මෙන්න මේක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. ඕන නම් අපිට ජීනියස් කෙනෙක් වෙන්න පුලුවන්. එච්චර දුර යන්න ඕන නෑ කියලා හිතෙනවා නං, අපි ජීවිතේ කරන්න ආසම දෙයක් ‍තෝරගෙන ඒ කරන්න ආස දේ ගැඹුරට ඉගෙන ගන්න, ඒ ගැන ප්‍රායෝගික දැනුම ලබාගන්න පුලුවන්. තමන් ආසාවෙන්, වුවමනාවෙන් ඒ දේ කරනවා නං, අවුරුදු පණහ වෙනකොට අපිට ඒ ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ලේසියෙන්ම පුලුවන්.

3. තමන්ගේ සුවපහසු සීමාවෙන් එහා යාලුවෝ ඇතිකරගන්න

අපි හැමෝම යාලුවෝ විදියට ආස්සරේ කරන්නේ අපේ ඉස්කෝලේ යාලුවෝ, පුංචි කාලේ ඉඳන් හිටපු යාලුවෝ, වැඩ කරන තැන යාලුවෝ වගේ අයනේ. හැබැයි පුලුවන් නම් මේ කොම්ෆර්ට් සෝන් එකෙන් එලියට ඇවිත්  ජීවිතේට ඵලදායී දෙයක් එකතු කරන්න පුලුවන් යාලුවොත් ‍තෝරගන්න. උදාහරණයක් විදියට ඔබ ආස ෆීල්ඩ් එක ගැන එක්ස්පර්ට් යාලුවෝ, වෙන රටවල යාලුවෝ, ඔබට වඩා දැනුමක් තියෙන යාලුවෝ වගේ අය.

4. ඔයාගේ හීනයක් වුණු තැන්වල සංචාරය කරන්න

අපි හැමෝගේම හීන වුණු ගමනාන්ත තියෙනවා. ඒ කියන්නේ කරන්න පුලුවන් දේවල්. උදාහරණයක් විදියට ඉන්දුනීසියාවේ බොරෝබුදූර් බලන්න යන ගමනක් වෙන්න පුලුවන්. පැරිසියේ රාත්‍රියක් ගත කරන එක වෙන්න පුලුවන්. එහෙම නැතිනම් සමහර විට කෝච්චියේ යාපනේ ගිහින් එන එක වෙන්න පුලුවන්. ඒ කොයි දේ අපේ හීනයක් වුනත්, ඉෂ්ට කරගන්න බැරි නැහැ. හිත හිතා ඉන්නෙ නැතුව ඒ සිහින සංචාර තනියෙන් හරි ආදරේ කරන තවත් කෙනෙක් එක්ක හරි හැබෑ කරගන්න.

5. තනිකම අත්විඳින්න

මේ කාරණාව බොහොම සරලයි. ජීවිතේ තනිකම අත්විඳින්න. ටික දවසක් හරි තනියෙන් ඉඳලා බලන්න. තනිකමේ තියෙන අපූරු ශාන්තබව අත්විඳින්න. මේක කරන්න පුලුවන් කාලෙකට සැරයක් තනියෙන්ම කොහේ හරි හුදෙකලා තැනකට යන ගමනකින්.

6. සෞඛ්‍ය සම්පන්න ශරීරයක්

සතියකට දවස් කීපයක් හරි සෞඛ්‍ය සම්පන්න විදියට ආහාර ගන්න පුරුදු වෙන්න. සතියට දවස් කීපයක් ජන්ක් ෆුඩ් නොකා හිටියට මැරෙන්නෙ නැහැනේ. ඒ වගේම දුම්බීම, මත්පැන් බීම එහෙමත් දැනටමත් කරනවා නං සීමාවක් තියාගන්න. නිරන්තරයෙන්ම ශරීරයට ව්‍යායාම ලබාදෙන්න. අඩුමගාණේ දවසට විනාඩි පහළවක්වත් ශරීරයට ව්‍යායාම ලබාදීම වෙනුවෙන් කැප කරන්න. පණහ වෙනකොටත් ‍ෆිට් කොල්ලෙක්, ‍ෆිට් කෙල්ලෙක් වෙලා ඉන්න එතකොට පුලුවන්.

7. එක සම්පූ

ගැහැණියක් වුනත් පිරිමියෙක් වුනත් ආහාර පිසීමේ කලාව ඉගෙනගෙන තියෙන එක සෑහෙන්න වටිනවා. හැබැයි එහෙම කුකරි වල මාස්ටර් වෙන්න බැරි වුනත්, අඩුතරමේ එක සම්පූර්ණ කෑම වේලකවත් එක්ස්පර්ට් වෙන්න. ඒ කියන්නේ ස්ටාටර් ඩිෂ් එකක්, ප්‍රධාන ආහාර වේලට යන කෑමක් සහ අතුරුපසක්වත් හොඳ රසට නිර්මාණය කරන්න ඉගෙන ගන්න. ඒක සාමාන්‍යයෙන් හැමතැනම දකින්න තියෙන කෑමවේලක් නෙවෙයි නම් වඩාත් හොඳයි!

8. නරක පුරුදු ලැයිස්තුවක් හදන්න, දැන් ලැයිස්තුවත් එක්කම නරක පුරුදු විසි කරන්න

අපි හැමෝගේම ජීවිතේ නරක පුරුදු තියෙනවනේ. එක්කෝ අපි උදේම නැගිටින්නෙ නෑ වෙන්න පුලුවන්. සෑහෙන්න කේන්ති යනවා වෙන්න පුලුවන්. හැමවෙලාවෙම ඕපදූපෙන් කල් ගෙවන්න ආසයි වෙන්න පුලුවන්. ඒ මොනදේ වුනත් ලිස්ට් එකකට ගන්න. අවංක වෙන්න. දැන් ටික ටික ඒ නරක පුරුදු අත් හැර ගන්න හුරුවෙන්න. ඒකට සමහරවිට අවුරුද්දක් දෙකක් යන්නත් පුලුවන්. කමක් නෑ, තාම පණහ වෙලා නැහැනේ!

9. අලුත් දැනුම ලබාගන්න

පොත්පත්, චිත්‍රපටි, වාර්තා වැඩසටහන් ඇසුරු කරන්න. අඩුතරමින් සතියකට එක දවසක්, එහෙමත් බැරිනම් මාසයකට එක දවසක් අලුත් දෙයක් නරඹන්න, අලුත් දෙයක් කියවන්න වෙන් කරන්න. අන්තර්ජාලේ එල්ලයක් නැතිව සැරිසරන වෙලාවේදී මොනවාහරි ඉගෙන ගන්න ක්‍රමයක් හදාගන්න.

10. ප්‍රායෝගික වැදගත්කමක් තියෙන කුසලතා ඉගෙනගන්න

අපිට කරන්න බැරි, එක්ස්පර්ට් කෙනෙක්ට මුදල් ගෙවලා කරගන්න සිද්ධ වෙන දේවල් කොයිතරම් තියෙනවද? ඒ දේවලින් කීපයක් හරි අපේ ජීවිත කාලය ඇතුළත ඉගෙන ගන්න බැරිද? උදාහරණ විදියට ගත්තොත් නියම විදියට පයිප්ප අලුත්වැඩියා කරන හැටි ඉගෙනගන්න පුලුවන්. නියම විදියට වඩුවැඩක් කරන හැටි, මේසයක් පු‍ටුවක් වුනත් තනියෙන් හදාගන්න හැටි ඉගෙනගන්න පුලුවන්. සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්න එක පවා කුසලතාවයක් වෙන්න පුලුවන්. ඒ කුසලතාවයක් ජීවිතේ කොයි මොහොතක හරි වුවමනා වෙන්න පුලුවන්!

- aniwa.lk


gossip lanka