අලුත් ආදරේ තවත් ප්‍රේමණීය කරගන්න මේ කියමන් ඔබේ ජීවිතේට එකතු කරගන්න

ආදරේ කියන්නේ අපි හැමෝටම උවමනා දෙයක් කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. ඉතින් එහෙම ආදරයක් අපිට ලැබෙන්න කිසිදු දෙයක් අමුතුවෙන් ලැහැස්ති කරගන්න අවශ්‍ය නැහැ. ඔබ නොසිතන තැනක ඔබ නොසිතන මොහොතක ලැබුණු ඒ “නැවුම්” ආදරේ මිහිරියාව ගැන සමහර විට ඔබට කියන්න වචන නැතිවෙන්නත් පුළුවන්.

අන්න ඒ වගේ අලුත්ම අලුත් ආදරේ කෝඩුකාරයින් සේ විඳින ඔබට ගැලපෙනම කියමන් 10ක් අපි අද
අරගෙන ආවා. කියවල විතරක් මදි, හැමෝම එක්ක බෙදාගන්නත් ඕනේ තේරුනාද?



1. අමතක වුන දේවල් මතක් කලේ ඔබ

ස්තුතියි ඔබට, මල් වල සුවඳ, ජීවිතයේ මිහිර, ලෝකයේ ලස්සන ගැන ආපසු වරක් මතක් කර දුන්නාට. මම සිටින්නේ ඔබේ ආදරය විඳිමින්…

2. අලුත් වීම ගැන අලුතින් සිතන්න

ඔබේ අලුත් ආදරය පරණ ප්‍රේමයේ මතකයන් වලින් වසන්නට උත්සහ නොකරන්න. ඔබේ හිත තුල ඉපදී ඇති ආදරය දළුලන්නට ඉඩ දිය යුතුවෙයි. එය ඔබ දෙදෙනාගේ අයිතියකි.

3. එය උපදින්නේ ඔබට කියා නොවේ

ආදරය උපදින්නේ ඔබ සිතනා තැන් වල ඔබ බලාපොරොත්තු වන වේලාවන් වලට නොවේ. පැරණි පොත් රාක්ක අසල තිබී වුව ආදරයක් හමුවිය හැකිය.

4. නොදැක ඉන්නට, නො අසා ඉන්නට බෑ

ඔබ මා හා කතාකරන්නට පටන් ගත් දා සිට ඔබේ හඬ නොඇසෙන තැන්වල හිඳීම හුරු නැති බවක් හැඟීයයි. මම ඔබට ආශක්ත වී වත්ද?

5. විශ්වාස කරන්න

නැවුම් හැඟීම් වලට ඔබව අලුත් කල හැකිය. විශ්වාස කරන්න… මම එය විඳිමින් සිටිමි.

6. එකම එක හේතුවයි ඒ ආදරයට

මම ඔබ වෙත ප්‍රේමයෙන් බැඳෙන්නේ එකම එක හේතුවක් නිසාය. ඒ ඔබවන් කිසි කෙනෙකු මෙළොව වෙන නැති බැවිණි.

7. සඟවන්න බැරි එකම දෙය

එකවරම නැවතී ඔබේ දුරකථන තිරය දෙස බලා තනිවම සිනහසේ නම්, ඔබත් නවමු ප්‍රේමයක සොඳුරු ගොදුරක් වීමට ඇති ඉඩකඩ ඉහළ වේ.

8. මම කැමතිම දවස

ඔබ එක්ක ගත කරන හැම දිනයක්ම මගේ කැමතිම දින වේ. ඉතින් මා පෙම්වතිය… අද මාගේ අලුත්ම මා කැමතිම දිනයයි. 😊

9. ඒ තරමට ආදරේ කරන්න.

කෙනෙක් ඔබෙන් ඇසුවොත් “කොහොමද ජීවිතේ?” කියා
ඔබට කියන්නට හැකිනම් “එයා හොඳින් ඉන්නවා” කියා
ඔබේ ආදරය නැවුම් සහ බලවත් බව කියන්නට ඊට වඩා නිදසුනක් කොයින්ද?

10. එය ඇබ්බැහිකාරකය

ඔබ ගැන සිතනා විට දැනෙන හැඟීමට මා ඇබ්බැහි වී ඇත…


-aniwa.lk





gossip lanka