වෙන්නෙ සුද නෙවෙයි පැල්ලම් රහිත පැහැදිලි සමක්.
ෆේස් පැක් එකක් සතියකට වතාවක් කරගන්න එක සමේ නිරෝගී බවට වැදගත්. වියළි සමක් නම් ඊට ගැලපෙන්නද තෙල් සහිත සමක් නම් ඒ සමට ගැලපෙන්නද ෆේස් පැක් එකක් කරගන්න ඕනෙ. අපි මීට කලින් අනිවා බියුටි ලිපියකින් සැලෝන් නොයා ගෙදරදීම කොහොමද සමට සත්කාර කරගන්නෙ කියන එක ගැන කතා කලා. අද අපි මේ කියන්න හදන්න ඒ සත්කාර වලට අවශ්‍ය ෆේස් පැක් එකක් කොහොමද ගෙදරදීම හදාගන්නෙ කියල.
මේ සියළුම ෆේස් පැක් භාවිතයට පෙර ඔබගේ ආසාත්මිකතා ගැන සැලකිලිමත් වන්න
වියළි සමට
1. කෙසෙල්, මී පැණි සහ ඔලිව් ඔයිල්
- හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
- මී පැණි තේ හැන්දක්
- ඔලිව් ඔයිල් තේ හැන්දක්
පොඩි කරගත් කෙසෙල් වලට මී පැණි සහ ඔලිව් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මුහුණේ ආලේප කර විනාඩි 10ක්- 15ක් තබා සාමාන්ය වතුරෙන් සෝදා හරින්න. සමේ වියළි බව පාලනය කර සමට මෘදු බවක් මේ පැක් එකෙන් ගෙන එනව.
2. මී පැණි සහ කිරි
- මී පැණි මේස හැන්දක්
- එළකිරි මේස හැන්දක්
හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15-20ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. සමේ වියළි බව නැති කරනවා මෙන්ම සම පැහැපත් කිරීමක්ද සිදු වෙනව.
3. කොකෝවා සහ පොල් කිරි
- කොකෝවා තේ හැඳි 1\2
- පොල් කිරි තේ හැඳි 2
- කඩල පිටි තේ හැඳි 1
- මී පැණි තේ හැඳි 1\2
සියල්ල හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
4. කෝමාරිකා සහ මී පැණි
- සූරාගත් කෝමාරිකා මදය මේස හැඳි 2
- මී පැණි තේ හැන්දක්
හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15-20කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. සමට සිසිලක් ඇති කර වියලි බව නැති කරයි.
5. අලි ගැට පේර සහ යෝගට්
- අලිගැට පේර මේස හැඳි 2
- යෝගට් තේ හැන්දයි
- මී පැණි තේ හැන්දයි
සියල්ල හොඳින් මිශ්‍ර කර මෘදු තලපයක් සාදා මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් තියෙන්නට හැර සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
6. යෝගට්, මී පැණි සහ රෝස
- යෝගට් මේස හැඳි 2
- මී පැණි තේ හැන්දයි
- රෝස පෙති අහුරක්
රෝස පෙති හොඳින් පොඩි කරගන්න. එයට යෝගට් සහ මී පැණි එක් කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
තෙල් සහිත සමට
7. කඩල පිටි සහ මී කිරි
කඩල පිටි මේස හැඳි 3
මී කිරි මේස හැඳි 1
හොඳින් මිශ්‍ර කර තලපයක් සාදා මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. තෙල් සහිත කුරුලෑ සහිත සමට නැවුම් පෙනුමක් ලබා දෙනව.
8. මිංචි කොල, මී පැණි සහ මී කිරි
- මිංචි කොල අහුරක්
- මී පැණි තේ හැන්දක්
- මී කිරි මේස හැන්දක්
මින්චි කොල ටික හොඳින් පොඩි කරගන්න. එයට මී කිරි සහ මී පැණි එක් කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
9. දොඩම්, මී පැණි සහ පිපිඥ්ඥා
- සූරාගත් පිපිඥ්ඥා මද
- දොඩම් යුශ තේ හැන්දක්
- මී පැණි තේ හැන්දක්
පිපිඥ්ඥා මද වලට දොඩම් යුශ සහ මී පැණි එක් කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
10. කොහොඹ, දෙහි සහ මී කිරි
- කොහොඹ කොල අහුරක්
- දෙහි යුශ තේ හැඳි 1\2
- මී කිරි මේස හැන්දක්
කොහොඹ කොල ටික හොඳින් අඹරා ගන්න. එයට මී කිරි සහ දෙහි යුශ එක් කර මුහුණේ ආලේප කර විනාඩි 10ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
11. කහ, කොහොඹ සහ මී කිරි
- කොහොඹ කොල අහුරක්
- මී කිරි මේස හැන්දක්
- කහ කුඩු තේ හැඳි 1
කොහොඹ කොල හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක් කර මිශ්‍ර කරගන්න. මුහුණෙ ආලේප කර විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
12. දොඩම් ලෙලි සහ සුදු හඳුන්
- දොඩම් ලෙලි කුඩු මේස හැඳි 2
- සුදු සඳුන් කුඩු මේස හැන්දයි
- දෙහි යුශ බිංදු දෙක තුනක්
- වතුර
තැඹිලි පාට දොඩම් ලෙල්ලේ සුදු පාට කොටස ඉවත් කර ලෙල්ල මද පවනේ දින දෙක තුනක් වියලා කුඩු කරගන්න. (මෙය ශීතකරණයක කල් තබා ගත හැක.) එයින් මේස හැඳි 2කට සුදු හඳුන් කුඩු මේස හැන්දක් දෙහි යුශ බිංදු දෙක තුනක් එක් කර වතුර එක් කර තලපයක් සාදා මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
- aniwa.lk