අපි බොහෝදෙනෙකුට හිතේ ඩවුට් ඉතුරු වෙනවා. මේ විදියට ඩවුට් ඉතුරු වුනාම ඇතමුන්ට ඒ දේවල්වලට ක්‍රියානොකර වැඩ කරගෙන යන්න පුළුවන් වුනාට එහෙම කරන්න බැරි බොහෝ දෙනෙකුත් ඉන්නව. ඒ නිසා ඉතිං අමුතුවෙන් මහන්සි වෙලා මේ සැකයන් නිරාවරණය කරගන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් අවිශ්වාසයක්ම විතරක් වුනත් හරියන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ සමහර අය හිතේ මේ අවිශ්වාස හදාගන්න පටන්ගන්නෙ මේ දේවල් සම්බන්ධව පොඩි කරදරයක් උනාට පස්සෙ වීමත් විශේෂයි.
1. දොර ලොක් කරාද?
ඔන්න නරකම ප්‍රශ්නෙ. ඇඳට වැටෙද්දිම තමයි ඔය සීන් එක හිතෙන්නෙ. කමක් නෑ මං වහන්න ඇති කියල හිතාගෙන ඇස් පියාගත්තට මොකද ඔලුවට එන්නෙම සොර බිය. කමක් නෑ, යන්නෙම නෑ කියල ඇස් පියං හිටියම පේන්නෙ හොරු ඇවිල්ල සල්ලිත් අරං අපිවත් මරල යනව වගේ සීන්. ඔන්න ඊටපස්සෙ වැඩේ දෙල් වෙලා ආයෙ දොර ගාවට ගිහින් බලලා එනවා. ඔය වැඩේ නින්දට ගියාම වගේම ගෙදරින් එළියට ගියාමත් සිද්ධ වෙනවා.
2. ලයිට් නිවුවද?
තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ. මේ ප්‍රශ්න අනිත් අය අපේ ඔලුවට දාන දේවල් නිසාත් ගොඩගැහෙනවා. ඔන්න ගෙයින් එළියට බැහැල දවස් දෙකක ට්‍රිප් එකක් යන්න හදද්දි අම්ම අහනව කාමරේ ලයිට් ඕෆ් කළා නේද කියල. ඉතිං හත්තිලවුවෙ ඕක ගෙදරදි අහන්න තිබ්බනෙ. වාහනේට නැගල ස්ටාට් කළාට පස්සෙ එහෙම අහනවද? ඉතිං ආයෙ බැහැල යනව පිස්සෙක් වගේ.
3. ක්‍රෙඩිට් කාඩ් එක දාගත්තද?
මේක වෙන්නෙ සුපර්මාකට්වලින් බඩු ගන්න ගියාම සහ ATM කාඩ්වලින් සල්ලි ගන්න ගියාම. ගත්තු බඩුද බිලට දාන්නෙ කියල යකා වගේ ඇස් දෙක උලුප්පගෙන බලං ඉන්නව. ඊටපස්සෙ අතට දෙන බඩු කන්න ගත්තට පස්සෙ බිල අල්ලගන්නවත් අතේ ඉඩක් නැහැ. ඔහොම්ම ඇවිල්ල වාහනේට බඩු ටික දාලා ඩ්‍රයිවු කරන්න ගත්තු ගමන් හිතට එන දේ තමයි කාඩ් එක දාගත්තද කියන එක. ඔන්න ඔහේ නැත්තං එයාල කෝල් කරයිනෙ කියල හිතාගෙන මීටර් සීයක් යන්න වෙන්නෙ නෑ පර්ස් එක බලන්න හිතෙනව. වාහනේ නවත්තල, සීට් බෙල්ට් ගලෝලා, පර්ස් එක අරං, ඇරල බලපු ගමන් මේං තියෙනව බඩු දිලිසි දිලිසි.
4. පොත් බෑග් එකට දාගත්තද?
ඉස්සර ඉස්කෝලෙ කාලෙ තියෙන ලොකුම අවුලක් තමයි මේ. මං පොත් ටික බෑග් එකට දාගත්තද? කියන එක දිගටම හිතෙනව. වැඩිපුරම හිතෙන්නෙ ගෙදර වැඩ හොඳට කරපු දවසට. අච්චර කරලා අරන් යන්න බැරි වුනොත් අපරාදෙ. ඒ වගේම කීයටවත් ටීචර් ඒ කතාව විශ්වාස කරන්නෙත් නෑ.
5. ෆින්ගර් ප්‍රින්ට් එක ගැහුවද?
මේක ඔෆිස්වල අපිට සිද්ධ වෙන දෙයක්. ඉස්සරනෙ ඔෆිස්වල රතු ඉරි තිබ්බෙ. දැන් ඒක කරන්නෙ මැෂිමෙන්. ඔය ඉතිං ෆින්ගර් ප්‍රින්ට් මැෂිම බිත්තියෙ එල්ලිලා තිබ්බට මොකද කට්ටියට ඔය පෙට්ටිය දිහා බලන්නවත් මතක් වෙන්නෙ නෑ ඔෆිස් එද්දි. ඒ හින්දා පුරුද්දට වගේ ඇඟිල්ල තියාගෙන ඇතුළට යනව. හැබැයි ගියාට පස්සෙ ඔන්න හිතෙන්න ගන්නව ඇඟිල්ල තියන්න අමතක වුනා කියල. ඊටපස්සෙ ආයෙ බහිනව කියහංකො මහත්තයො පඩි පෙළවල් දෙකක්.
6. SMS එකක්ද?
මේකත් කට්ටියට තියෙන ලොකුම ඩවුට් එකක්. හැම තිස්සෙම කකුල වයිබ්‍රේට් වෙනව වගෙයි තේරෙන්නෙ. අතට අරං බැලුවම හැම තිස්සෙම SMS එවන ඩයලොග් එකෙන් වත් මොකුත් නෑ. ඉස්සර නං 3310 තියෙන කාලෙ වයිබ්‍රේට් වුනාම රටම දන්නව. ඇයි ඉතිං ෆෝන් එක සාක්කුවෙ තියෙන එකා ෆෝන් එකත් එක්කම වෙවුලනවනෙ. එහෙම වයිබ්‍රේට් අත්විඳපු කකුල්වලට දැන් අයිෆෝන් වයිබ්‍රේට් වෙද්දි නිකං සමනල්ලු තටු ගහනව වගේ සීන් එකක් තියෙන්නෙ. හැබැයි ඉතිං ඩවුට් ගොඩයි. ඒ වගේම මේක තමයි ඉක්මනටම හිතෙන් විසඳෙන ඩවුට් එක වෙන්නෙත්.
7. හප්පටසිරි දත් මැද්දද?
සමහර දවස් තියනවා හවස් වෙද්දි හිතෙනවා අද දත් මැද්දද කියල. කොච්චර මතක් කලත් දත් මැද්දද නැද්ද කියල මතක් වෙන්නෙම නෑ. කමක් නෑ ඔන්න ඔහේ කියල ටිකක් වෙලා ඉන්නව. එතකොට හිතෙනව කට ගඳයිද කියල බලන්න. ගඳක් එන්නැති නිසා ටිකක් වෙලා හිටියට මොකද හිතට නිකං ටිකක් අවුල් අවුල් වගේ. ඊටපස්සෙ කෝකටත් කියල බ්‍රෙත් මින්ට් එකක් හප හප ඉන්නව. ඒත් නිකං කටට පොඩි අප්පිරිය ගතියක් එන නිසා ඔන්නොහේ දත් මදිනව. මෙන්න බොලේ රෑ වෙලා මතක් වෙනව උදේ දත් මැද්දය කියල. ඊටපස්සෙ අමතක වෙච්ච කේන්තියට එහෙම්ම රෑට දත් මදින එක නවත්තල දාල නිදාගන්නව.
- aniwa.lk