අපි හැමෝටම ලස්සන, සැපවත් ජීවිතයක් ගත කරන එක ගැන හීන සහ බලාපොරොත්තු තියනවා. ලස්සන ගෙයක් දොරක් හදන්න, යාන වාහන ගන්න, පවුලේ අයව සතුටින් තියන්න වගේ දාහකුත් දේවල් ගැන අපි හීන මවනව. මේ හීන බොහොමයක් හැබෑ කරගන්න නම් අපි ආර්ථික අතිනුත් යම්කිසි
සාර්ථකත්වයක් ළඟා කරගන්න ඕනෙය කියන එක අනිවා සාධකයක්.
ඉතින් මේ ආර්ථික ශක්තිය ළගා කරගන්න කියල අපි කරන ප්‍රධානම දෙයක් තමයි මුදල් ඉතිරි කරන එක. හැබැයි ඉතින් ඉතිරි කරන්නන් වාලේ පාස් පොතකට මුදල් දාල තිබ්බය කියල හරි, අතේ තිබ්බොත් සල්ලි ඉතුරු කරනවා කියන මානසිකත්වයෙන් හරි මුදල් ඉතිරි කරල හරි හරියන්නේ නැහැ. ඒකට නිසි සැලසුමක් තියෙන්න ඕනෙ. අන්න ඒ විදිහෙ සැලසුමක් ඇතිව මුදල් ඉතිරි කරගත්තොත් තමන්ගෙ ජීවිතේ ඉලක්ක සහ බලාපොරොත්තු සඵල කරගන්න එක කිසිසේත්ම අසීරු කාරණයක් නෙමෙයි කියල ඔයාලට වැටහේවි.
ඉතින් ඒ විදිහට නිවැරදිව ඉතුරුම් සැලසුමක් ක්‍රියාත්මක කරගන්න ඔයාලට වැදගත් වෙන උපදෙස් කීපයක් තමයි අපි මේ කියන්න හදන්නෙ.
1. ඉතිරි කරන්නේ කුමක් වෙනුවෙන්ද කියල තීරණය කරන්න
සල්ලි ඉතුරු කරන්නන් වාලේ ඉතුරු කරල හරියන්නෙ නෑ කියල අපි කලිනුත් කිවුවනෙ. මුලින්ම අපි ඉතිරි කරන සල්ලි යොදාගන්නේ කුමක් සඳහාද කියල ඉලක්කයක් හදාගන්න අවශ්‍යයි. අධ්‍යාපන කටයුත්තකටද, හදිස්සි කරදරයකදි පාවිච්චියට ගන්නද, ගෙයක් දොරක් යාන වාහනයක් ගන්නද එහෙමත් නැතිනම් වෙනත් අවශ්‍යතාවයක් ඉටුකරගන්නටද අපි මේ මුදල එක්රැස් කරගත යුත්තේ කියන එක තීරණය කරන්න. ඊට පස්සෙ තමයි ඒ අවශ්‍යතාවය සපුරාගන්න අවශ්‍ය වෙන මුදල් ප්‍රමාණය ඉතිරි කරන්නට අපි අධිෂ්ඨාන කරගතයුතු වෙන්නේ
2. වියදම් ලැයිස්තුවක් හදාගන්න
දැන් ඉතිරි කරන්නත් අපේ අතේ මුදල් තියෙන්න එපැයි. ඒකට අපේ එදිනෙදා විය හියදම් ගැන අවබෝධයකට එන එක අනිවා කරන්න ඕනෙ දෙයක්. මේකට කරන්න තියෙන්නෙ සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත ඔබට වැය වෙන සියලු වියදම් ලැයිස්තුගත කරලා ඒ වියදම හඳුනාගන්න එකයි. මේක ඉතින් පහුගිය මාස කීපෙක වියදම් ගැන සලකල බලලම ගණනය කරන එක වඩා සාර්ථකයි. ඊළඟට ඔබට පුලුවන් ඔබේ ආදායම් තත්ත්වය ගැන ගණන් බලන්න. මාසික විය හියදම් පියෙවුවට පස්සේ සාමාන්‍යයෙන් ලොකු අපහසුතාවයක් නැතිව කොච්චර විතර මුදලක් අතේ ඉතිරි කරගන්න පුලුවන්ද කියන එක ගැන අවබෝධයකට එන එක වටිනවා. අන්න ඒ මුදල අනුව තමයි අපි අපේ ඉතුරුම් සැලසුම හදාගත යුතු වෙන්නෙ.
දැන් අපි හදිස්සියෙ හිතමු අපි අතේ එච්චර මුදලක් ඉතිරි වෙන්නෙ නැතිය කියලා. ඉතින් ඒ විදිහෙ අවස්ථාවකදි අපි කරන්න ඕනෙ මාසිකව අපි අතින් වැයවෙන අනවශ්‍ය වියදම්, ලයිට් බිල්, වතුර බිල් වගේ දේවල් අඩු කරගෙන මුදල් ඉතිරි කරගන්න උත්සාහයක් කරල බලන එක තමයි. ඒ අනුව පුලුවන් වේවි ඔබට මාසිකව ඉතිරි කරන්නට හැකි මුදල ඉහල නංවාගන්නට.
3. ඉලක්කයක් තියාගන්න
ඒ වගේම තමයි මේ සඳහා නිසි ගෝල් (Goal) එකක් තබා ගැනීම අතිශයින්ම වැදගත් කාරණයක්. සමහර විට ඔබට මතක ඇති අපි කුඩා කාලයේ අපි කැමති පොත්, විවිධ විසිතුරු උපකරණ හෝ සෙල්ලම් බඩු ගන්න මුදල් එක ගෝල් එකක් වෙනුවෙන් ඉතුරු කළා. මෙතනදීත් අපි කරන්නේ ඒ දේම වෙනත් සාර්ථක විදිහකින් තමයි.
ඔබට මාස්පතා ඉතිරි කිරීමට හැකි මුදල් ප්‍රමාණය යම්කිසි බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තැන්පත් කරන එක තමයි මේ අවස්ථාවේදී කරන්නට ඕනෑ වෙන්නේ. මෙහිදී තමන්ට මාස්පතා ඉතිරි කරන්නට හැකි මුදල සහ අදාල ආයතනය විසින් එයට ගෙවන පොලිය ගණනය කරගෙන අපිට පුලුවන් අපේ අවශ්‍යතාවයට සරිලන මුදල ඉතිරි කරගන්නට කොතරම් කලක් ගතවෙනවාදැයි අවබෝධයක් ගන්න.
මේ අවබෝධය ගත්තට පස්සේ, අපේ ඉතුරුම් ඉලක්ක වලින් පිට පනින්නේ නැතිව, විය හියදම් පාලනයක් ඇතිව මේ ඉතුරුම් නිසියාකාරව කරගෙන යන්නයි තියෙන්නෙ.
4. ඉතුරුමට වැඩි වාසි අත්වෙන ගිණුමක් සොයාගන්න
ඉතුරු කරනවා කිවුවම් අපි හුඟක් වෙලාවට කරන්නේ බැංකු පොතේ සල්ලි දාන එකනේ. හැබැයි හුඟක් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් වලට ලැබෙන්නේ ඉතාම අඩු පොලියක් නිසා අපේ ඉතුරුම් ඉලක්ක වලට ලඟා වෙන එක තරමක් අසීරු කාරණයක් වෙන්න පුලුවන්. මේ නිසා තමන්ගේ ඉතුරුම් වලට වැඩි ප්‍රතිලාභයකුත්, වැඩි ආරක්ෂාවකුත් අත්වෙන බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගැලපෙන Savings Plan එකක් තෝරාගැනීම ඉතා වැදගත් කාරණයක්.
5. සැලසුමකට ඉතුරු කිරීමෙන් අත්වෙන වාසි මොනවාද?
Savings Plan එකක ප්‍රධානම වාසිය තමයි ඉහල වාර්ෂික පොලී අනුපාතය. සාමාන්‍ය ඉතුරුම් ගිණුමකට ලැබෙන 3.25% – 5.25% වන වාර්ෂික පොලියට වඩා වැඩි පොළියක් මෙවැනි ඉතුරුම් තැම්පතු වලට ලැබෙන නිසා අපේ මුදල් වලට වැඩි වටිනාකමක් ලැබෙන බව සහතිකයි.
ඔබට මාස්පතා ඉතිරි කරගන්නට හැකි මුදලටත් පොලී අනුපාතයටත් අනුව ඔබේ ඉතුරුම් ඉලක්කය සපුරා ගැනීමට යන කාල සීමාව තීරණය කරගෙන, ඒ අනුව ඉහලම ප්‍රතිලාභ ලැබෙන Savings Plan එක ක්‍රියාත්මක කරගන්නට ඔබට හැකියි. සාමාන්‍යයෙන් වසර 2 -10 අතර කාල සීමාවක් සඳහා ඉහල පොලී ප්‍රතිශතයකින් යුතු ඉතුරුම් සැලසුමක් ඔබට තෝරාගත හැකි වේවි.
- aniwa.lk
සැලසුමක් සහිතව ඉතුරු කලොත්, ඔයාගේ දිනුම් කණුව හිතුවට වඩා ළඟ වෙන්න පුළුවන්
2018-04-24T02:45:00-07:00
Gossip Lanka Hot News
slide|