අපි පහුගිය පෙබරවාරි මාසෙ නිදහස අත්වින්දනෙ. ඕක කියද්දි මුලින්ම හිතට ආපු දේ තමයි අපි ඇත්තටම නිදහසක් ගැන හිතනවද කියන දේ. ඉතින් ඒ දේ හිතේ තියාගෙන උනත් අපි අමාරුවෙන් හරි නිදහස සැමරුවනෙ. මේ කියන්න යන්නෙ ඊට පස්සෙ අපි ලියන්න යන මේ කතාවට පාදක වෙන දේ. ඒ තමයි ඇත්තටම අපි කොල්ලො විදියට නිදහස කියල කියන්නෙ මොකටද? ඉතින් කියන්න යන්නෙ අපි ඇත්තටම නිදහස කියල අරුත් ගන්වන්නෙ
මොකද්ද කියලයි. සමහරුන්ට නිදහස කියල කියන්න මීට වඩා දේවල් ඇති. ඒත් මේ දේවලුත් ඒ යටින් කොහෙන්හරි තියෙනව කියල එකඟ නොවෙන හිත යටිනුත් එකඟවේවි.
1. සැප නින්ද
සැප නින්ද කියන්නෙ කොල්ලෙකුට අවශ්‍ය දේවල්වලින් උඩින්ම තියෙන දෙයක්. ආස කරන කෙල්ලෙක් හිතේ මවාගෙන, එයා කියල හිතං කොට්ටෙ තුරුල් කරගෙන, මුළු ඇඟම ඇඳට උරාගන්න තරමට ඇඟ පණ නැති කරලා නිදාගන්න කොල්ලො කැමතියි. ඒ නින්ද කිසිම බාධාවකින් තොරව ඇහැරෙන්න තියෙනවනං තවත් හොඳයි. එහෙම නැත්තං ඔෆිස් යන්න වදින එලාම් එක, අම්මගෙ තේක වගේ දේවල්වලින් ඩිස්ට්‍රෑක්ට් වීම ඒ නින්දට බාධාවක්. ඔයිට හපං ළමය ඇහැට ඇනලා ඇහැරුවාම හරි කසාද බිරින්දෑ බඩු ගේන්න යන්න ඇහැරුවාම.
2. ආස කෑම ගොඩක්
ආස කෑම ගොඩක් තියෙනව කියන්නෙ කොල්ලෙකුගෙ බඩටයි කටටයි උපරිම නිදහසක් දෙන අවස්ථාවක්. ඕකට ඉතිං කන්න ආස තරමට කෑම තියෙන්න ඕන. කොච්චර රස වුනත් වැඩක් නෑ ටිකක් නං තියෙන්නෙ. ඒකත් අවුල් අඩුවෙලා තියෙන්න ඕන. බත් බෙරිවෙන්නෙ නැතුව, ලුණු දාන්න අමතක වෙන්නෙ නැතුව වැඩේ ගොඩ ගිහින් තියෙන්න ඕන. ඊටපස්සෙ ප්‍රධානම දේ මෙනූ එක. සරළ එහෙත් රස කම්බිනේෂන් එකක් විය යුතුමයි. උදාහරණෙකට මසුයි බතුයි, පොල්සම්බෝලයි ලුණුදෙහියි බතුයි, තම්බපු කොසුයි කරවල හොදියි පොල් සම්බෝලයි බතුයි.
3. බීමක් නිදහසේ
නොසැලී මා යන මාවතේ… සිංහ ලෝකයේ… කියල නිදහසේ බොන්න තියෙන්න ඕන. දැවිල්ලට ආස අයට හොඳට ගම්මිරිස් දාපු මස් ඉස්ටුවක් වගේ දෙයක්. ඩ්‍රයි දෙයකට කැමති අයට හොඳට බැදිච්චි ෆ්‍රෙන්ච් ෆ්රයිස් ටිකක්. අහුරු අහුරු කන ගමන් හිත පිරෙන්න බීලා නිදහසේ මනස් මැවුම් මවන්න ඉඩක් තියෙන්න ඕන. වෙරියෙ යම් පමණකදි එනව හිත හිරිවට්ටන නිදිමතක්. එතනින් එහා ස්ටේජ් තුනක් තියෙනව සාමාන්‍යයෙන්. එතනින් එකක් එහා ස්ටේජ් එක තමයි මානසින් හොඳටම ප්‍රාණවත් ඇඟෙන් නොසෙල්වෙන සිරාම අවස්ථාව. ඊලඟ එක තමයි පිස්සු නටන අවස්ථාව. ඊලඟ සහ අන්තිම අවස්ථාව තමයි බ්ලොට් වීම. ඔන්න ඔය තුනෙන් අපි අර කියපු නිදිමතට පස්සෙ එන අවස්ථාව තමයි සිරාම.
4. කැරැක්ටර් මැරෙන්නැති කවදාවත් නිමා නොවනෙ ආසම ටීවී සීරීස් එකක්
දැන් ඔය ගේම් ඔෆ් ත්රෝන්ස්වලට කට්ටිය මැරෙන්න හැදුවට කොයිවෙලෙත් ප්‍රෙෂර් එකෙන් ඉන්න මේ කැරැක්ටරේ දැන් මැරෙයි… දැන් මැරෙයි කියල. ඔන්න ඉතිං මලාට පස්සෙ ෆේස්බුක් එකට ඇවිල්ල පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පෝස්ට් දානව ජෝන් ඉස්නෝ මලා… අයියෝ ජෝන් අයිය නැති ජීඕටී කන්නද මාමේ කියල. අපේ කොල්ලොන්ට ඔය නිසා ඕන හිත නිදහසේ බලන්න කැරැක්කටර් මැරෙන්නෙ නැතුව අසූ ගණංවල කඳුළු ගෑස් කාපු කාලෙ ඉඳන් දැන් පරිප්පු කන කාලෙ වෙනං බලන්න පුළුවන් ටීවී සීරීස් එකක්.
5. ගාණට සල්ලි
ඔය ඔක්කොම එක්ක ගාණට සල්ලි තියෙන්න ඕන. තාත්තට හුඟක් සල්ලි තිබිලා පුතාටත් ඒව හම්බුනොත් ඌට නිදහසක් නැති වෙනව. ගෙදරින් ඕව මැනේජ් කරන්න කියල වගකීමක් කරේ දානව. නැත්තං ඌ කොල්ලෙක් හින්දා විනෝදෙට බර වෙලා නරක පැත්තකට ගිහින් ඔය සල්ලි ඔක්කොම වියදං වෙනව. ඒ නිසා විශේෂයෙන්ම කොල්ලෙකුගෙ හිතේ නිදහස රැකෙන්න නං ගාණට සල්ලි තියෙන්න ඕන. ඔය සල්ලි වැඩිත් නැතුව අඩුත් නැතුව යම් තරමක ඉතුරුවක් එක්ක කරදරයක් නැතුව තියෙන්න ඕන.
6. හිත පිරෙන්න ගැහැණියෙක්
නිදහසට ඕනම දෙයක් තමයි මේ. හිත හොඳ විරුද්ධ ලිංගිකයෙක්. කරදර කරන්නෙ නැති, වෙනස් කරන්න හදන්නෙ නැති, බලකිරීම් කරන්නෙ නැති, දුක අහන, අහල ඒ දුක නිවන, කොල්ලා ඉස්සරහ විතරක් නරක් වෙන, හුරතල් වෙන ලස්සන බෝලයක් වගේ කෙල්ලෙක් නිදහස වෙනුවෙන් ඕනමයි.
- aniwa.lk
කොල්ලෝ හිතන විදියට නියම නිදහස කියන්නේ මොකද්ද?
2018-04-10T01:13:00-07:00
Gossip Lanka Hot News
slide|