ෆෘට් ජූස් කිව්වම අපි නිතරම බොන්නෙ අඹ, දොඩම්, කොමඩු, දෙහි වගේ සරල දේවල් කීපයක් විතරයි. ඒත් මේවායින් දෙක තුනක් එකට එකතු කරල හදන ජූස් එකක කොහොම රසයක් ඇතිද කියල නිකමටවත් හිතිල තියෙනවද? අනිවා අපිට හිතුන
එහෙම කම්බිනේශන් දෙක තුනක් ගැන ඔයාලට කියන්න
1. දොඩම් එක්ක කොමඩු
කොමඩු යුශ කප් 2කට දොඩම් යුශ කප් 1ක් මිශ්‍ර කරන්න. පැණි රසට ඕනෙ නම් රස අනුව සීනි එකතු කරගන්න. අතින් පොඩි කරගත්තු මින්චි කොල කීපයක් උඩින් දාල අයිස් කැට දාල පිළිගන්වන්න. දොඩම් වෙනුවට දෙහි යොදවාද මෙය නියමෙට හැදිය හැකියි.
2. කැරට් එක්ක දොඩම් යුශ
කැරට් යුශ කප් 1 1\2ට දොඩම් යුශ කප් 1ක් මිශ්‍ර කරන්න. රස අනුව සීනි එක් කර අයිස් කැට දාගත්තු වීදුරුවකට යුශ පුරවා පිළිගන්වන්න. ඉඟුරු යුශ තේ හැන්දක් පමණ එක් කර ගත්තොත් වෙනස්ම රසයක් ලබාගන්නත් පුළුවන්.
3. කැරට්, අන්නාසි සහ දෙහි
උදෑසනකට ඉතාම සුදුසු ජූස් එකක්. අන්නසි යුශ කප් 2කට, කැරට් යුශ කප් 2ක් මිශ්‍ර කර එයට දෙහි බෑයක දෙහි යුශ එක් කර මිශ්‍ර කරගන්න. රස අනුව අවශ්‍ය නම් සීනි එක් කර ශීත කර හෝ අයිස් කැට එක් කර පිළිගන්වන්න.
4. ඇපල් සහ අඹ යුශ
ඇපල් පොත්ත ඇරල ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කරල පෙරාගන්න. ඇපල් යුශ කප් 2කට අඹ යුශ කප් 2ක් එකතු කරන්න. රස අනුව සීනි එක් කර අයිස් කැට සමඟ පිළිගන්වන්න.
5. ස්ට්‍රෝබෙරි, අඹ සහ අන්නාසි යුශ
අඹ යුශ කප් 1, ස්ට්‍රෝබෙරි යුශ කප් 1කට අන්නසි යුශ කප් 1 1\2ක් එකතු කරල සීනි එක් කරල අයිස් කැට එක්ක පිලිගන්වන්න. අයිස් කැට එක් කරන්න කලින් දෙහි බින්දු දෙක තුනක් මිශ්‍රකරගන්න.
6. දෙළුම් සහ කොමඩු යුශ
දෙළුම් යුශ කප් 2ට කොමඩු යුශ කප් 1ක් එක් කර දෙහි බින්දු කීපයක් මිශ්‍ර කර අයිස් කැට සමඟ පිළිගන්වන්න. මේ දෙකම පැණි රස නිසා සීනි අවශ්‍ය වෙන එකකුත් නැහැ. අවශ්‍ය නම් අයිස් එක් කරගන්න පෙර සීනි මිශ්‍ර කරගන්න.
7. පැශන් ෆෘට් සහ අන්නාසි යුශ
පැශන් යුශ කප් 1ට අන්නසි යුශ කප් 1ක් මිශ්‍ර කර ලුණු පින්ච් එකක් රස අනුව සීනි එක් කර මිශ්‍රකරගෙන අයිස් සමඟ පිළිගන්වන්න.
8. ඩ්‍රැගන් ෆෘට් සමඟ දෙළුම් යුශ
ඩ්‍රැගන් ෆෘට් යුශ වල තියෙන තික් ගතිය අඩු කරල වෙනස්ම රසක් එක් කරන්න පුළුවන් ඒකට දෙළුම් යුශ එකතු කලාම. ඩ්‍රැගන් ෆෘට් කප් 2ට දෙළුම් යුශ කප් 1ක්, රස අනුව සීනි සහ අයිස් කැට එක් කර පිළිගනවන්න.
9. කොමඩු, අන්නාසි සමඟ මින්චි කොල
කොමඩු යුශ කප් 2ට අන්නාසි යුශ කප් 1 එක් කර එයට පොඩි කරගත් මින්චි කොල එක් කර රස අනුව සීනි දමා දෙහි බින්දු කීපයක් මිශ්‍ර කර අයිස් කැට සමඟ පිළිගන්වන්න.
- aniwa.lk
දිව පිනවන, සිත කුල්මත් කරවන අමුතුම ෆෘට් ජූස් කම්බිනේශන්ස් 9ක්!
2018-03-08T02:30:00-08:00
Gossip Lanka Hot News
slide|