හුඟක් ඒවා ඔයාලා කාල නම් නැතුව ඇති.
1. Chicken Chettinad
- ලූනු ගෙඩි 2
- සුදු ලූනු ගෙඩියක බික්
- ඉඟුරු තරමක කැබැල්ලක්
- මහදුරු මේස හැන්දක්
- සූදුරු තේ හැන්දක්
- ගම්මිරිස් ඇට මේස හැන්දක්
- වියලි මිරිස් කරල් 10
- ගාගත් පොල් කප් 1ක්
- චිකන් 500g
- ලූනු, සුදු, ඉඟුරු, මහදුරු, සූදුරු, ගම්මිරිස්, මිරිස් කරල්, පොල් ටිකගෙන මේ සියල්ල පේස්ට් එකක් ලෙස අඹරාගන්න.
- චිකන් සෝදා තරමක කෑලි වලට කපා සාදාගත් පේස්ට් එක දමා අතගා පැය බාගයක් පමණ ශීතකරණයක තබන්න.
- ගී හෝ තෙල් මේස හැඳි 3ක් රත් වෙන්න තබා එයට කුරුඳු පොතු තරමක කැබැල්ලක්, සූදුරු මේස හැන්දක්, කරදමුංගු, කරාබු නැටි 7-8ක් දමා බැදෙන්න අරින්න.
- එයට චොප් කරගත් ලූනු ගෙඩියක් ,කරපිංචා කොල ටිකක් දමා ලූනු රන්වන් පාට වන තෙක් බැදගෙන එයට චොප් කරගත් තක්කලි ගෙඩියක් දමා ටික වේලාවක් තෙම්පරාදු කරගන්න.
- පසුව එයට චිකන් ටික සහ කහ තේ හැඳි බාගයක් එක් කර මද ගින්නේ විනාඩි 10ක් පමණ තෙම්පරාදු කරගන්න.
- වතුර කප් බාගයක් පමණ සහ රස අනුව ලුණු එක් කර ලිපේ ගින්දර අඩු කර හිඳෙන තුරු තබා අවසානයට කොත්තමල්ලි කොළ අහුරක් කුඩාවට කපා එක් කරගන්න. හොදි ගතියට අවශ්‍ය නම් වතුර ටිකක් වැඩියෙන් දාගෙන අවශ්‍ය ප්‍රමාණයට හින්ද ගන්න.
2. Palak Paneer
- ඉඟුරු තේ හැන්දක්
- සුදු ලූනු තේ හැන්දක්
- බේ ලීෆ් එකක්
- ලූනු කප් 1\2ක්
- තක්කලි කප් එකක්
- ගරම් මසාලා තේ හැඳි 1\2ක්
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි 1\2
- රස අනුව ලුණු
- නිවිති කප් 1 1\2ක්
- පනීර් 500g (නැතිනම් Tofu උනත් ගන්න පුළුවන්)
- තෙල් ටිකක් ලිප තබා එයට තලාගත් ඉඟුරු, සුදු ලූනු සහ බේ ලීෆ් දමා තෙම්පරාදු කරන්න.
- එයටම සිහින්ව කපාගත් ලූනු දමා රන්වන් පාට වන තෙක් තෙම්පරාදු කරගෙන එයට තක්කලි දමා උතුරන්න හරින්න.
- පසුව ගරම් මසාලා, කොත්තමල්ලි කුඩු,මිරිස් කුඩු, ලුණු එක් කර මිශ්‍ර කරන්න.
- එයට හොඳින් සෝදා අඹරාගත් නිවිති එක් කර විනාඩි 2,3ක් තබා කොටු කපා පෑන් එකකට තෙල් ටිකක් දමා යන්තම් බැදගත් පනීර් දමා මිශ්‍ර කර විනාඩි 3ක් පමණ ලිප තබා උණුවෙන්ම සංග්‍රහ කරන්න.
3. Aloo Paratha
- පිටි කප් 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1\2
- ලුණු
- තෙල් හෝ ගී මේස හැඳි 2
- ඉඟුරු සුදු ලූනු තේ හැඳි 1
- අබ ඇට තේ හැඳි 1\4
- සූදුරු ඇට තේ හැඳි 1\4
- කහ
- ගරම් මසාලා තේ හැඳි 1
- හීනියට ලියාගත්ත ලූනු ගෙඩියක්
- අල ගෙඩි දෙකක්
- කොත්තමල්ලි කොළ මේස හැඳි 2ක්
- පිටි, බේකින් පව්ඩර්,ලුණු , තෙල් හෝ ගී දාලා වතුර ටික ටික දාන ගමන් මෘදු පිටි බෝලයක් අනලා ( රොටි වලට වගේ) කොටස් 4කට කඩල බෝල හදන් තෙල් ටිකක් උඩින් තවරල පැයක් පිපෙන්න තියන්න.
- ඒ අතරතුර ගී ටිකක් ලිපේ තියලා (බටර් හෝ තෙල් පාවිච්චි කරන්න පුළුවන් ගී වඩා රසයි) ඒකට තලාගත් ඉඟුරු සුදු ලූනු, අබ, සූදුරු,කහ චුට්ටක්, ගරම් මසාලා, හීනියට ලියාගත්ත ලූනු, රස අනුව ලුණු දාගෙන තෙම්පරාදු කරගන්න.
- මෙයට තම්බා පොඩි කරගත් අල සහ හීනියට කපාගත් කොත්තමල්ලි කොළ දාගෙන හොඳින් මිශ්‍ර කරගෙන නිවෙන්නට තබා ගන්න.
- අල මිශ්‍රණය කොටස් 4කට කඩාගන්න.සාදාගත් පිටි බෝලයක් ගෙන රවුමට තරමක් තුනී කර අල බෝලයක් මැදට තබා අල බෝලය වැසෙන ලෙස හොඳින් ආවරණය කරගන්න.
- මෙය තෙල් ටිකක් ගාගත් ලෑල්ලක් මත තබා රෝලින් පින් එකකින් හෝ අතින් රොටියක් ආකාරයට තුනී කර ගී ගාගත් තැටියක පුළුස්සාගන්න.
4. Mysore Bonda
- පාන් පිටි කප් 1
- හාල් පිටි කප් 1\4
- ලුණු තේ හැඳි 1
- බේකින් සෝඩා(ආප්ප සෝඩා) තේ හැඳි 1\2
- සූදුරු තේ හැඳි 1\2
- යෝගට් හෝ මී කිරි කප් 1\2
- වතුර කප් 3\4
- තලාගත් ඉඟුරු තේ හැඳි 1
- චොප් කරගත් අමු මිරිස් මේස හැන්දක්
- කුඩාවට කපාගත් කොත්තමල්ලි කොල මේස හැඳි 1
- පාන් පිටි, හාල් පිටි, ලුණු, බේකින් සෝඩා (ආප්ප සෝඩා), සූදුරු හොඳින් මිශ්‍ර කරගන්න.
- එයට යෝගට් හෝ මී කිරි, වතුර, ඉඟුරු, අමු මිරිස්, කොත්තමල්ලි කොල දමා මිශ්‍ර කර තරමක් ඝනකම මිශ්‍රණයක් සාදා පැය බාගයක් පමණ පිපෙන්න තබන්න.
- රත් කරගත් ගැඹුරු තෙලට මිශ්‍රනයෙන් මේස හැන්දක පමණ ප්‍රමාණ දමා රන්වන් පාට වනතෙක් බැදගන්න. ලිප සාමාන්‍ය ගින්දරේ තබාගන්න නැතිනම් මැද අමු වෙන්න පුළුවන්.
- ගාගත් පොල්,අමුමිරිස්,ඉඟුරු කැබැල්ලක්,සුදු ලූනු බික් දෙකක්, රතු ලූනු ගෙඩි දෙක තුනක්, ලුණු, දෙහි ඉස්ම හෝ සියඹලා ඉස්ම දමා අඹරාගත් පොල් චට්නියක් සමඟ පිළිගන්වන්න.
5. Bread Halwa
- ගී කප් 1\2
- පාන් පෙති 7
- කිරි කප් 2
- සීනි කප් 1\2ක්
- කජු 50
- කරදමුංගු 3ක්
- ගී කප් 1\2කින් මේස හැඳි 2ක් පසෙකින් තබා ඉතිරි ටික බාජනයකට දමා රත් වෙන්න තබන්න.
- එයට කුඩාවට කපාගත් පාන් පෙති දමා රන්වන් පැහැ වන තෙක් විටින් විට කලවම් කරමින් මද ගින්නේ බැදගන්න.
- වෙනම බාජනයක කිරි සහ සීනි දමා කිරි ටික උතුරුවා ගෙන එය බැදගත් පාන් සහිත බාජනයට දමාගන්න.
- පාන් සහ කිරි මිශ්‍රණය අඩු ගින්දරේ තබා පාන් ටික හැන්දකින් පොඩි කරගන්න.
- කජු, කරදමුංගු කුඩු කරගෙන වතුර ස්වල්පයක් දමා පේස්ට් එකක් සාදාගන්න.
- මෙම පේස්ට් එක සහ පසෙකින් තබාගත් ගී මේස හැඳි 2 පාන් මිශ්‍රනයට දමා මිශ්‍ර කර පාන් මිශ්‍රණය හින්ද ගෙන උණුවෙන් හෝ ශීත කර පිළිගන්වන්න.