අපි කියල දුන්නනෙ ලෝකල් ස්ටයිල් එකට චීනෙත් නැති චීන කෑම හදාගන්න හැටි. මේ කියන්නෙ හැමදාමත් කඩෙන් කන චයිනීස් ස්ටයිල් චිකන් ඩිශස් ටිකක් අපේ රසට අපිට ලේසි විදියට ගෙදරදිම හදාගන්න හැටි.
1. Chilli Chicken
අවශ්‍ය ද්‍රව්‍ය
- මැරිනේඩ් එකට
- කටු රහිත චිකන් 500g
- බිත්තර 1
- සෝයා සෝස් තේ හැන්දයි
- ලුණු තේ හැඳි 1/2
- විනාකිරි මේස හැඳි 1
- කෝන් පිටි මේස හැඳි 4
- දිග අතට පලාගත් අමු මිරිස් කරල් 4-5ක්
- චොප් කරගත් සුදු ළූණු බික් 4
- ලොකුවට කොටු කපාගත් ළූණු ගෙඩියක්
- කෝන් පිටි මේස හැන්දක්
- වතුර හෝ චිකන් ස්ටොක් කප් 1/2
- සෝයා සෝස් තේ හැඳි 1
- විනාකිරි තේ හැඳි 1
- ලුණු තේ හැඳි ½
- චිකන් හැර මැරිනේඩ් එකට තැබූ ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර බැටර් එකක් සාදාගන්න. එයට කපාගත් චිකන් එක් කර හොඳින් මිශ්‍ර කර පැය භාගයක් වසා තබාගන්න.
- මේ චිකන් ටික පැය භාගයකට පසුව ගැඹුරු තෙලේ රන් වන් පැහැ වන තුරු බැදගන්න.
- වෙනම බඳුනක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට සුදු ළූණු, අමු මිරිස්, ළූණු එක් කර තප්පර 30ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට සෝයා සෝස් සහ විනාකිරි එක් කර කලවම් කර ඒ සමඟම කෝන් පිටි මේස හැන්ද දිය කරගත් වතුර එක් කරගන්න. සෝස් එක ඝණ වීගෙන එන විට ලුණු සහ චිකන් එක් කර මිශ්‍ර කරගෙන ලිප නිවා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත චිකන් 500g
- බිත්තර සුදු මද 1
- ලුණු තේ හැඳි 1/2
- කෝන් පිටි තේ හැඳි 2
- කුඩා කොටු කපාගත් අන්නසි කප් 1/2
- අන්නසි යුශ කප් 1/4
- විනාකිරි මේස හැඳි 2
- ටොමැටො කෙචප් කප් 1/4
- වෙනම ලුණු තේ හැඳි 1/2
- දුඹුරු සීනි මේස හැඳි 2-3
- කොටු කපාගත් කහ සහ රතු බෙල් පෙපර් භාගය බැගින්
- හොඳින් තලාගත් ඉඟුරු තේ හැඳි ½
- බිත්තර සුදු මද, කෝන් පිටි සහ ලුණු එකට මිශ්‍ර කර එයට කපාගත් චිකන් එක් කර හොඳින් දවටා විනාඩි 15ක් පමණ තබාගන්න.
- අන්නසි යුශ, විනාකිරි, සීනි සහ කෙචප් වෙනම බඳුනක හොඳින් ගසාගන්න.
- හොඳින් රත් වූ නන්ස්ටික් පෑන් එකක්ට තෙල් මේස හැඳි 2ක් දමා චිකන් ටික පෑන් එකට දමාගන්න. චිකන් කැබලි එක පිට එක නොසිටින ලෙස අතුරා විනාඩි දෙක තුනක් හොඳින් බැදෙන්නට හැර අනෙක් පස හරවන්න.
- පෑන් එකෙන් චිකන් ටික ඉවත් කරගන්න. ඒ පෑන් එකටම තෙල් තේ හැන්දක් පමණ එක් කර එයට බෙල් පෙපර් සහ ඉඟුරු ටික එක් කර විනාඩියක් තෙම්පරාදු කරගන්න.
- එයට අන්නසි කැබලි සහ සාදාගත් සෝස් එක එක් කර කලවම් කර බැදගත් චිකන් ටික එක් කරගන්න. විනාඩි 3ක් 4ක් මද ගින්නේ පිසෙන්නට හැර ලිප නිවාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත චිකන් 500g
- ලුණු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැන්දක්
- සෝයා සෝස් මේස හැඳි 3
- ගම්මිරිස් කුඩු මේස හැඳි 2 (නැවුම්ව කුඩු කරගත්)
- කෝන් පිටි මේස හැන්දයි
- චිකන් ස්ටොක් කප් 1/4
- තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැන්දයි
- රවුම් කපාගත් ළූණු ගෙඩියක්
- ලොකුවට කපාගත් මාළු මිරිස් කරල් දෙකක්
- සීනි තේ හැන්දක්
- කුරුඳු පොතු කෑල්ලක්
- පොඩියට කපාගත් ළූණු කොල
- ලුණු සහ ගම්මිරිස් අතගා කපාගත් චිකන් ටික පැය දෙකක් මැරිනේඩ් වෙන්න තබාගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වන තුරු බැදගන්න.
- වෙනම බඳුනක තෙල් ස්වල්පයක් රත් වෙන්නට හැර එයට ඉඟුරු සුදු ළූණු, කුරුඳු පොතු කැබැල්ල එක් කර මදක් තෙම්පරාදු කරගෙන එයට මාළු මිරිස් එක් කර ගන්න. එයටම සෝයා සෝස්, සීනි සහ ගම්මිරිස් එක් කරගෙන මිශ්‍ර කර චිකන් ස්ටොක් එකේ දියකරගත් කෝන් පිටි එක් කරගන්න.
- සෝස් එක ඝණ වී ගෙන එන විට බැදගත් චිකන් සහ ළූණු රවුම් එක් කර මිශ්‍ර කරගෙන විනාඩි දෙකක් ලිප තබා, රස අනුව ලුණු එක් කර, ලිපෙන් ඉවත් කර, අවසානයට ළූණු කොල උඩින් දමාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත චිකන් 200g
- පාන් පිටි මේස හැන්දක්
- චොප් කරගත් සුදු ළූණු මේස හැන්දක්
- කපාගත් ළූණු කප් 1/2
- කපාගත් වියලි මිරිස් කරල් 5ක් 6ක්
- කජු කප් 3/4
- ළූණු කොල
- සෝයා සෝස් මේස හැඳි 1 1/2
- ඔයිස්ටර් සෝස් මේස හැඳි 1 1/2
- සීනි තේ හැන්දක්
- වතුර මේස හැඳි 2
- ලුණු චුට්ටක්
- සුදු ගම්මිරිස් හෝ මිරිස් කුඩු ස්වල්පයක්
- සෝස් එකට අවශ්‍ය සියල්ල එකට මිශ්‍ර කර පසෙකින් තබාගන්න. පෑන් එකකට තෙල් ටිකක් එක් කර එයට කජු ටික දමා රන්වන් පැහැ වනතුරු බැදගෙන පසෙකින් තබාගන්න. වියලි කජු ගන්නවා නම් බැදීමට පෙර උණු වතුරේ විනාඩි 15ක් පමණ පෙඟෙන්නට තබා වතුර බේරාගන්න.
- ඒ තෙලේම වියලි මිරිස් ටිකත් බැදගෙන පසෙකින් තබාගන්න. චිකන් පිටි වල යන්තමින් දවටාගන්න. මිරිස් සහ කජු බැදගත් පෑන් එකටම තව තෙල් මේස හැඳි දෙක තුනක් දමා චිකන් ටික එක් කර චිකන් ටික හොඳින් බැදගෙන පසෙකින් තබා ගන්න.
- වෙනම බඳුනක තෙල් තේ හැන්දක් රත් වෙන්න හැර එයට තලාගත් ඉඟුරු, සුදු ළූණු සහ ළූණු එක් කර තෙම්පරාදු කරගන්න. ළූණු ටික යන්තම් බැදීගෙන එන විටම බැදගත් කජු සහ වියලි මිරිස් එක් කරගන්න.
- එයට කලින් සාදාගත් සෝස් මිශ්‍රණය එක් කර කලවම් කර එයටම චිකන් ටික එක් කරගන්න. අවසානයට ළූණු කොල එක් කර ලිපෙන් ඉවත් කරගන්න.