ඇඟ කෙට්ටු නිසා හිත අවුලෙන්ද? නිරෝගීබවත් රැකගෙන ශරීරය මහත් කරගන්න මෙන්න ටිප්ස්

බොහෝ දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද බර අඩු කරගන්නෙ කියන එක. හැබැයි බර අඩු කරගන්න හිතන බොහෝ දෙනෙක් අතරින් පතර බර පොඩ්ඩක් වැඩි කරගෙන ඇඟ හැඩ කරගන්න කැමති කීප දෙනෙකුත් ඉන්නව. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනෙ කියන මැසිවිල්ල තමා මෙයාලගෙ කටේ නිතරම තියෙන්නෙ. කෑමක් දැක්කත් මහත් වෙන අයට නම් මේ කතාව ඇහුනම අනේ වාසනාවන් කියල හිතුනට ඔවුන්ට එහෙම නෑ. අනිවා අපි මෙන්න මේ මහත් වෙන්න ආසාවෙන්
ඉන්න අයට සෞඛ්‍ය සම්පන්නව මහත් වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න හිතුව.

මහත් වෙන්න ඕන කියල අතට අහුවෙන හැම කෑමක්ම කන එක සෞඛ්‍ය සම්පන්න නෑ. කෙට්ටු උනත් කොලෙස්ට්‍රෝල් ඇති වෙන්න පුළුවන්. අමතර කැලරි කෑමට එක් කරගන්න ඕනෙත් ප්‍රමාණෙකට. බලමු ඇඟ පොඩ්ඩක් හදාගන්න සෞඛ්‍ය සම්පන්නව කන්නෙ කොහොමද කියල.

1. මහත් වෙන්න වැඩියෙන් කන්න

මේ කියන්නෙ තුන් වේලක් පිඟාන පුරෝලා බත් කන්න කියල නම් නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ ආහාර වේල් දවසකට 6ක්වත් කන්න කියල. ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව අතර තුර කුඩා ආහාර වේල් 3ක් ලබා ගන්න. මහත් වෙන්න නම් අමතර කැලරි එක් කරගත යුතුයි.

2. දෛනික කැලරි ප්‍රමාණය

මහත අය කෙට්ටු වීමට හෝ කෙට්ටු අය මහත් වීමට උත්සාහ කලත් මේ හැම කෙනෙක්ගෙම උස, වයස සහ ස්ත්‍රී පුරුශබාවය අනුව තිබිය යුතු සෞඛ්‍යසම්පන්න බරක් තියෙනව. ඔබ හැම විටම උත්සහ කල යුත්තේ එම බර රඳව ගන්නයි. සමහරුන් හුඟක්ම කෙට්ටුයි කියල බැලු බැල්මට පෙනුනත් ඔවුන්ගේ උස සහ අස්ථි වල බර අනුව ඔවුන් නියමිත බර පන්තියේ සිටීමේ හැකියාව වැඩියි.

මුලින්ම ඔබගේ වයස, උස සහ ඔබ කාන්තාවක්ද පුරුශයෙක්ද යන්න මත ඔබට නියමිත බර පන්තිය ගැන වැටහීමක් ලබාගන්න.

ඔබේ උස සහ බරට අනුව ඔබ ලබා ගත යුතු දෛනික කැලරි ප්‍රමාණය ගැන දැනුවත් වෙන්න. ඔබට බර වැඩි කරගැනීමට අවශ්‍ය නම් ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය වැඩි කර ගතයුතුයි.

මේ ලින්කුවෙන් ඔබට බර වැඩි කරගැනීමට ඔබේ දැනට පවතින උස සහ බර අනුව කොපමණ කැලරි ප්‍රමාණයක් අවශ්‍යදැයි දැනගත හැකියි.

3. ස්මූතීස් පානය කරන්න

නොයෙකුත් කෝලා වර්ග හෝ අධික සීනි ප්‍රමාණයක් සහිත පැණි බීම වර්ග වෙනුවට ඔබේ ආහාර වේල් අතරට සහ උදෑසනට ස්මූතී එකක් බීමට ගන්න. සම්පූර්ණ යොදය සහිත කිරි වලට අහිතකර මේදය අවම හිතකර මේදය බහුල පහත ඕනෑම පලතුරක් හෝ ඇට වර්ගයක් එක් කර බ්ලෙන්ඩ් කිරීමෙන් ඔබට ස්මූති එකක් සාදාගන්න පුළුවන්.

සම්පූර්ණ යොදය සහිත කිරි (මිලිලීටර් 240ක කැලරි 103)
කෙසෙල් (ග්‍රෑම් 100ක කැලරි 89)
අලිගැටපේර (ග්‍රෑම් 100ක කැලරි 160)
රටඉඳි (ග්‍රෑම් 100ක කැලරි 282)
ආමන්ඩ් ඇට (ග්‍රෑම් 100ක කැලරි 576)
රටකජු (ග්‍රෑම් 100ක කැලරි 567)

4. මාළු වර්ග

සැමන් සහ ටූනා මේ අතරින් විශේෂයි. අහිතකර මේදය අඩංගු නැති නිසා සෞඛ්‍යට තර්ජනයක් නොවී ඔබට අවශ්‍ය ප්‍රෝටීන් සහ විටමින් අවශ්‍යතාවය සපුරා ගැනීමට මාළු ආහාරයට එක් කරගැනීම වඩා සුදුසුයි.

5. සම්පූර්ණ යොදය සහිත කිරි, බටර් සහ චීස්

මේදය රහිත කිරි නිෂ්පාදන වෙනුවට හැම විටම මේදය සහිත කිරි නිෂ්පාදන භාවිතා කරන්න. ඔබේ සිරුරට අවශ්‍ය කැල්සියම් සහ විටමින් අවශ්යතාවය සපුරා ගැනීමට කිරි ආශ්‍රිත නිෂ්පාදන වැදගත්.

6. බිත්තර සහ මස්

ප්‍රෝටීන්, විටමින් සහ අවශ්‍ය ඛණිජ වර්ග ගැන කියන කොට මස් සහ බිත්තර ඔබේ බර වැඩි කර ගැනීමට අවශ්‍ය ආහාර අතර ඉදිරියෙන් සිටියත් එය ඔබේ සෞඛ්‍යට හානියක් නොවන ලෙස ආහාරයට එක් කර ගැනීමට වග බලාගත යුතුයි. සතියකට බිත්තර 6කට වඩා ආහාරයට එක් කර නොගත් යුතු බවයි කියවෙන්නෙ. රතු මස් වර්ග වෙනුවට චිකන් බ්‍රෙස්ට් වැනි අහිතකර මේදය අවම මස් කොටස් ආහාරයට එක් කර ගැනීමෙන් ඔබට සෞඛ්‍යසම්පන්න මහතකට උරුමකම් කියන්න පුළුවන්.

7. ව්‍යායාම අනිවාර්යයි

මහත් වෙන්න ආහාර ගන්නා අතර තුර ව්‍යායාම වලට කාලය වෙන් කිරීමට අනිවාර්යෙන් උත්සහ ගන්න. ඔබ ලබාගන්න අමතර කැලරි ප්‍රමාණය ඔබේ සෞඛ්‍යට තර්ජනයක් නොකරගෙන නිරෝගිමත් සුන්දර සිරුරකට හිමිකම් කියන්න නම් ව්‍යා‍යාම ඔබේ දෛනික ජීවිතයේ කොටසක් බවට අනිවාර්යෙන් පත් කරගන්න.

බර වැඩි කර ගැනීමට මේ ක්‍රම අනුගමනය කරන්න පෙර ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මතක ඇතුව ලබාගන්න.*

- aniwa.lk



gossip lanka